තාපනය නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් මහා තාපනය නරකය පිහිටා ඇත.

මහත් සේ බිහිසුණු ලෙස තවන පුළුස්සන නිසාවෙන් ප‍්‍රතාපය යැයි කියනවා. ප‍්‍රතාපය නරකයේ ගිනි ගත් අයෝමය පර්වත තිබෙනවා යැයි සඳහන් වෙනවා. මේ නරකයේ සිටින්නාවූ නිරි සත්වයන්ව යමපල්ලන් විසින් මේ මහා පර්වතයන්ට නංවා පහළට පෙරලා දමනවා. පෙරළී වැටෙන නිරි සතුන් රත්වූ යකඩ උල්වල ඇනෙනවා. නැවත නැවතත් ඔවුන් ගිනි කඳුවලට නංවමින් පෙරළ දමනවා. අනන්ත දුක් කන්දරාවක් දරන්නට සිද්ධ වෙනවා. තාපයට වගේම ප‍්‍රතාපය නම් වූ මෙම නිරයටත් කියන්නාවූ තවත් නමක් තමයි ගිනි අපාය. ‘‘මහා තාපන’’ ලෙසිනුත් හඳුන්වන මෙම නරකයට පත් නිරිසතුනටත් තාපය නම් වූ නරකයේදී මෙන්ම දීර්ඝ කාලයක් පැසෙන්නට සිද්ධ වෙනවා. මෙහි උපදින්නට සිදුවුවහොත් ඔබට දැනෙන්නේ ගිනියම් වූ ස්වයංක‍්‍රීය ආයුධවලින් තළමින් ගිනි කන්දකට නඟින්නට අණ කරනවා වගේ. එහෙත් ඒ ගිනි කන්දෙන් බුර බුරා නැගෙන ගිනි දැල්වලින් දැවි දැවී සිටින ඔබව පහතට පෙරලා දමනවා. අධික වේදනාවකින් දුක් විඳිමින් පෙරලීගෙන කන්දෙන් පහතට එන ඔබට ලැබෙන්නේ ගිනි යම්වූ යකඩ කූරු වල ඇමිණෙන්නටයි. මේවා වචනයෙන් විස්තර කරන්නට නොහැකි තරම්වූ දරුණු වේදනාකාරී පිළිස්සුම් තුවාලයන් සහිත අධික දුක් කන්දරාවක්.

තුණුරුවන් ගැන විශ්වාසය නැති පුද්ගලයෝද මිසදිටු පුද්ගලයෝද තුණුරුවන්ට අගෞරව කරන්නෝද දන් පින් නොකරන්නෝද එහි ඵල විපාක නැතැයි කියන්නෝද මෙම මහා තාපනය නරකයෙහි උපදිති.

ගින්නෙන් පිරී ඇති මහාතාපනය නරකයෙහි උපදින්නෝ නිරය වර්ෂ අන්තඃකල්පයකින් අඩක ආයු කාලයක් දුකට පත් වෙමින් සිටිති.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතාපය&oldid=595208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි