ප්‍රජා රඟමඬල (වේදිකාව)

මෙම යෙදුම සඳහා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජ්‍යයේ දෙනු ලබන අර්ථ දැක්වීම් එකිනෙකට වෙනස්ය. එක්සත් ජනපදයේ ප්‍රජා රඟමඬල (වේදිකාව) යන්න 70 සහ 80 දශක වල පොදු යහපත සඳහා විශේෂිත ප්‍රජාවන් වෙනුවෙන් රඟ දක්වනු ලැබූ රාජ්‍යය හෝ ප්‍රාදේශීය මට්ටමින් වර්ධනය වූ වෘත්තීයමය රංගන සමාගම් ව්‍යාපාරය යන්න හැඳින්වීම සඳහා යොදා ගනු ලැබීය. මෙම නාට්‍යයන් ප්‍රජාවන් ගේ ජීවන අත්දැකීම් සහ සිතුවිලි නිරූපනය වූ රැඩිකල් ස්වාභාවයක් ගත් අතර දේශීය ප්‍රජා මධ්‍යස්ථානයන් හි රඟ දක්වනු ලැබීය. වඩාත් ප්‍රචලිත වූ සමාගම වූයේ 7.84 (7% ක ප්‍රතිශතයක් ධන සම්පත් වලින් 84% ප්‍රතිශතයක් හිමිවීම) සංචාරක කම්කරු පංතියයි. එක්සත් රාජ්‍යයේ වර්ථමානයේ මෙම යෙදුම ප්‍රාදේශීය විෂයන් සහ එම ජනයාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් කැප වූ සංචාරය කරමින් රඟ දැක්වීම් දක්වන සමාගම් සඳහා යොදාගනු ලබයි. ප්‍රජාරඟමඬල ආධුනිකයන්ගේ වේදිකාව ආධුනික රංගනයන් ගෙන් සම්පූර්ණයෙන් ම වෙනස් වූ බොහෝ විට එහි වාච්‍යර්ථය ම සීමා වුනු වඩාත් ප්‍රසිද්ධ වූත් සහභාගිවූවන් බොහෝමයකට මුදල් නොගෙවන හෙවත් ආධුනික රඟමඬල යන අරුත ගෙන දේ.

එක්සත් ජනපදයේ ප්‍රජා වේදිකාවන් සාමාන්‍යයෙන් සම්ප්‍රදායික ඒවා ද එක්සත් රාජ්‍යයේ ඒවා නවීනකරණය වූ වුවත් මෙම දෙවර්ගයම වෘත්තීයමය නොවන මාවත් ලෙස භාවිතා කරනු ලබයි. විශේෂයෙන් ම එකසත් ජනපදයේ නම් මේවා සංගීත සහ ළමා වේදිකාවන් ලෙස හඳුන්වනු ලබයි. පඩි නොගෙවන සාමාජිකයන් සැදුම් ලත් බොහෝ සමාගම් ප්‍රජා වේදිකාවන් ලෙස හඳුන්වනු නොලැබුවත් සම්මත වේදිකාව සහ ප්‍රජා වේදිකාව අතර ප්‍රධාන වෙනස සාදනු ලබන්නේ සමාගම විසින්මය. ප්‍රජා වේදිකාව වෙනත් වෘත්තීන් හි නියැලෙන විවිධ පුද්ගලයන් හට රංගනයේ නියැලෙමින් සමාජ සහ කලාත්මක ප්‍රජාවේ ක්‍රියාශීලී කොට්ඨාශයක් ලෙස තෘප්තිමත් වීමට මහඟු අවස්ථාවන් සලසයි. බොහෝ විට කලාවේ හෝ වේදිකාවේ පසුබිමක් නොමැති වේදිකාවට සම්බන්ධ වීමට අදහස් කරන පුද්ගලයන් හට ඔවුන්ගේ වේදිකාවේ කුසලතාවන් වර්ධනය කර ගැනීම මීට ඇතුළත් වේ.

එක්සත් ජනපදයේ ප්‍රජා වේදිකාව සහ එකසත් රාජ්‍යයේ සහ ඔස්ටේ්‍රලියාවේ ආධුනික වේදිකාව වෘත්තීමය වේදිකාවට වඩා අඩු තත්වයෙන් පවතින හාස්‍යයට මෙන්ම පුවත් පත් මඟින් විවේචනයන්ට ලක්වේ. ප්‍රජා වේදිකාවේ අගය පිළිබඳ වෘත්තිකයන්, ආධුන්කයන්, ශාස්ත්‍රඥයන් සහ විචාරකයන් අතර විවාදයක් පවතී. එහි රඟ දක්වන්නන් හට කර්මාන්තය පිළිබඳ විධිමත් පුහුණුවකින් තොරව වෘත්තීමය මට්ටම ට රංගන කුසලතාවන් වර්ඳනයක් සීදු නොවීම සුලභව දක්නට ලැබේ. ඒ කෙසේ වෙතත් සමහර ප්‍රජා වේදිකාවන් එම ප්‍රජාවන් තුල මනා ලෙස ස්ථාපනය වී ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රජා_රඟමඬල_(වේදිකාව)&oldid=469624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි