ප්‍රජා පීඩක ඝාතනය යනු, සාමාන්‍යයෙන් පොදු සුභසිද්ධිය සඳහා, ප්‍රජා පීඩකයෙකුගේ මරණය හෝ ඝාතනය හෝ වෙයි. ප්‍රජා පිඩකයෙකු මරා දැමුවන් (නිද. හර්මෝඩියස් සහ ඇරිස්ටෝජිටන්), 'ප්‍රජා පීඩක ඝාතකයන්' ලෙසින් හැඳින්වෙති.[1]

ප්‍රජා පීඩකයෙක් සටනේදී හෝ සන්නද්ධ අරගලයකදී සතුරකු අතින් මිය යෑම, "ප්‍රජා පීඩක ඝාතනය" ලෙසින් හැඳින්වෙන්නේ නැත. ඔවුනතට බලය ලබා ගැනීමට හෝ, පූර්ව ප්‍රජා පීඩකයෙක් මරාදැමීමට පළිගැනුමට හෝ, වැනි ආත්මාර්ථකාමී හේතූන් අනුව යමින්, ප්‍රජා පීඩකයෙක් මරාදැමීමට මෙම පදය විරල ලෙසින් යෙදෙයි. කෙසේවෙතත්, ප්‍රජා පීඩකයාගේ පාලනයට යටත්ව සිටි පොදු ජනයා විසින් සිදු කෙරුණු මරා දැමීම් සඳහා පමණක් මෙම පදය භාවිතය සීමිතව ඇත.[2]

දේශපාලන සිද්ධාන්තය සංස්කරණය

මෙයද බලන්න: විප්ලව කිරීමේ අයිතිය

ප්‍රජා පීඩක ඝාතනය යන්න, පුරාතනයේ සිට පැවත එන දේශපාලන සිද්ධාන්තයක්ද විය හැක.[3] ප්ලූටාක්ගේ ලයිව්ස් තුලද, සිසරෝගේ දි ඔෆීචීස් තුලද,[4] සහ සෙනෙකාගේ හර්කුලෙස් ෆුරෙනස් තුලද, ප්‍රජා පීඩක ඝාතනය සඳහා අනුග්‍රහය දක්නට ලැබෙයි. [5] සාහසික ප්‍රජා පීඩකයෙක් යනු, යහපත් සහ "සම්‍යක් රජෙකුගේ" ප්‍රතිවිරෝධය බව, ප්ලේටෝ විසින්, ස්ටේට්ස්මන් තුලදී විස්තර කෙරෙන අතරතුර,[5] පොලිටික්ස් තුල ඇරිස්ටෝටල් එය දකින්නේ, රජයක අනෙකුත් අර්ථදායි ආකාර වල ප්‍රතිවිරෝධයක් ලෙසින් වන අතර, ඔහු විසින් ප්‍රජා පීඩක ඝාතනය විස්තර කරන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රජා පීඩකයාගේ ඝාතනයෙන් පුද්ගලික වාසි ලැබීමට බලාපොරොත්තු වන්නන්ගේ කර්තව්‍යයක් ලෙසින් වන අතර, පුද්ගලික වාසි නොපතමින් ඔවුනට අපදේශයක් පමණක් බලාපොරොත්තුවෙන් එසේ කරනවුන් විරල බව ප්‍රකාශ කරයි.[6]

බොහෝ ක්‍රිස්තියානි දාර්ශනිකයන් සහ දේවධර්මාචාරීන් විසින්ද ප්‍රජා පීඩක ඝාතනය පිළිබඳව ලියා ඇත. පීටර් ලොම්බාඩ්ගේ සෙන්ටන්සර්ස් පිළිබඳව තෝමස් ඇක්වයිනස්ගේ විවරණයෙහිදී, රෝමානු අධිරාජ්‍යයට එරෙහිව ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ ක්‍රියාවන් නිදසුන් ලෙස ගත් ඇක්වයිනස් විසින්, අධර්මිෂ්ට බලාධිකාරියකට එරෙහිව අකීකරුකම පිළිබඳ මෙන්ම, "ප්‍රජා පීඩකයෙක් මරා දමමින් තම රට ගලවා ගන්නෙකු" සඳහාද රැකවල සැපයීය.

ආශ්‍රිත සංස්කරණය

  1. වෙබ්, ඊ. කෙන්ට් (ඔක්තොම්බර් 18, 1997). "දි ඇතිනීයන් ටිරනිසයිඩ්ස්: අයිකොන්ස් ඔෆ් අ ඩිමොක්‍රටික් සොසයිටි". වොෂිංටන් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 2008-10-30.
  2.   "Tyrannicide" . කතෝලික විශ්වකෝෂය. නිව්යෝර්ක්: රොබට් ඇප්ල්ටන් සමාගම. 1913. {{cite encyclopedia}}: Cite has empty unknown parameters: |HIDE_PARAMETER4=, |HIDE_PARAMETER2=, |HIDE_PARAMETER5=, |HIDE_PARAMETER8=, |HIDE_PARAMETER7=, |HIDE_PARAMETER6=, |HIDE_PARAMETER1=, and |HIDE_PARAMETER3= (help)
  3. ගර්බ්ල්, ජූලියස් ලුඩ්විග් (1915). ද රෙකග්නිෂන් පොලිසි ඔෆ් ද යුනයිටඩ් ස්ටේට්ස්. කොලොම්බියා විශ්වවිද්‍යාලය. pp. 24–29. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 30, 2008.
  4. බීරස්, ලුවී රෙනේ (1990–1991), ඇසැසිනේටින් සදාම්: අ පෝස්ට්-වෝ විව් ෆ්‍රොම් ඉන්ටර්නැෂනල් ලෝ, vol. 19, Denv. J. Int'l L. & Pol'y, p. 613
  5. 5.0 5.1 මොහමඩ්, ෆෙයිසල් ජී. (මැයි 11, 2013). "ඉන් සිරියා ඇන්ඩ් බියෝන්ඩ්, ද ටයිරන්ට් ඈස් ටාගට්". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://opinionator.blogs.nytimes.com/2013/05/11/in-syria-and-beyond-the-tyrant-as-target/. සම්ප්‍රවේශය කෙරුණු දිනය මැයි 16, 2013. 
  6. ඇරිස්ටෝටල්, පොලිටික්ස් X
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රජා_පීඩක_ඝාතනය&oldid=330805" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි