ප්‍රජාචාරය
ප්‍රජාචාරය යනු පුරවැසිභාවය සහ රජය පිළිබද අධ්‍යාපනයයි.මෙහිදී භාහිර සාධකවලට වඩා,රජයේ ක්‍රියාකාරිත්වය සහ පාලනය අධ්‍යයනය පුරවැසියාගේ කාර්යභාරය ආදිය පිළිබද වැඩි අවධානයක්යොමු කරයි.
දෙන ලද දේශපාලන හා සදාචාරත්මක සම්ප්‍රදාය තුළ පරිපාලනය යනු එම සම්ප්‍රදාය තුළ තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබද පුරවැසියන් දැනුවත් කිරීමයි. මේවා වෙනස් වනවිට පරිපාලනයේ නිර්වචනය ද වෙනස් වෙයි.ඉතිහාසය,ආගම සහ මාධ්‍ය භාවිතය පිළිබද අදාල දැනුම මෙයට ඇතුලත්වේ.ඇමරිකා එක්සත් ජනපදයේ මහජන අධ්‍යාපනය පිළිබද තාර්කිකත්වයද මෙයයි.එනම් එරට ව්‍යවස්ථාව පිළිබද මහජනයා දැනුවත් විය යුතු අතර එය පිළිගත යුතු බවයි.
නගර සහ ඒවායේ සංවිධානය සැලකීමේදී පෙනීයන්නේ ප්‍රජාපාලනය නාගරික සැලසුම් කරණයෙන් වෙන් කර ගැනීම අපහසු බවයි.ග්‍රාමීය ප්‍රදේශවලදී මෙය ග්‍රාම සංවර්ධන නායකයන්ගෙන් වෙන්කිරීමට අපහසුවේ. ප්‍රජාපාලනයේ ඉතිහාසය ග්‍රීසියේ ප්ලේටෝ සහ චිනයේ කොන්ෆියුසියස්ගේ කාලය දක්වා දිවෙයි. මෙම අදහස් නැගෙනහිර සහ බටහිර වෙනස් වන අතර අයිතිවාසිකම්,සාධාරණත්වය සහ සදාචාරාත්මක බව පිළිබද වෙනස් වන අදහස් ඒම නිසා ඉදිරිපත් වී ඇත.
රජයේ හැඩගැස්ම,මැතිවරණ කොට්ඨාස ක්‍රමය සහ ඒවායේ ප්‍රතිසංස්කරණයන් පිළිබද විශේෂ අවධානය යොමු කළ යුතුවේ. මෙහිදී ඡන්ද ක්‍රමය,වත්කමි ව්‍යාප්තිය, දේශපාලන හා නෛතික බලතල විමධ්‍යගතකරණය, නීතිය පාලනය සහ ආශ්‍රිත නීති සංග්‍රහයන්ද, දේශපාලනිකව හා පෞද්ගලික සංසන්දය කිරීම වටී. මේවා රාජ්‍ය දුෂ්පෝෂක තත්ත්වයකට හෝ දේවාධිරාජ්‍යකට යටත් වීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය ලෙස සලකනු ලැබේ. මෙම කරුණු නිසා ඇතිවන ප්‍රභේදනයන් විවිධ රාජ්‍යයන් ගොඩනගන අතර රාජ්‍ය පාලන ක්‍රමයද ඒ අනුව වෙනස් වේ.ප්‍රජාපාලනය උත්සාහ කරනුයේ විවිධ ස්ථරවල නායකයන් අතර බලතුලනයක් ඇති කිරීමයී. මේ අනුව ලෝක පාලනයක් ඇති කිරීමද ප්‍රජාපාලන ගැටළුවකි.
සුළු පරිමාණයෙන් සලකන විට නුතන මානව සංවර්ධනයන් උත්සාහ කරනුයේ සදාචාරය සහ සුළු පරිමාන දේශපාලනය,නාගරික හා ග්‍රාමීය තිරසාර සංවර්ධනය ආර්ථික විද්‍යාවත් සමග සංකලනය කිරීමය. ජේන් ජෙකබිස්, කැරොල් මුවර් පවසන ආකාරයට නගර හෝ ප්‍රදේශ දේශපාලන වශයෙන් අත් හැරීම පොදු සදාචාරයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වේ.මක්නිසාදයත් නාගරික හා ග්‍රාමීය ජනතාවන් සදාචාරය පිළිබද අදහස් එක් කළ නොහැකි තරමට වෙනස් බැවිනි . මෙසේ විමධ්‍යගතකරනය හරහා අවම ප්‍රජාපාලන තත්ත්වයක් එනම් සෛවරීවාදය ඇතිවේ.
සටහන්
සංස්කරණයCivics |