ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය

පක්ෂය පිලිබඳ කෙටි හැඳින්වීම.

ජනතා සේවක පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංස අමරසිංහ මහතා එම පක්ෂයෙන් ඉවත්වූ පසු 2015 ජුනි 27 නිර්මානය කරනලද පක්ෂයයි.

ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය අත්හැරීමත් සමඟ ශ්‍රී ලංකාව තුල නව වාමාංශික ව්‍යාපාරයක අවශ්‍යතාවයක්  වෙනුවෙන් ජනතා සේවක පක්ෂය නිර්මාණය කරන ලදී. පක්ෂයේ නායක අමරසිංහ මහතාගේ වියෝවෙන් පසු පක්ෂයේ මූලික අරමුණ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඇතිවූ අර්බුදයක් මත එම කාරක සභාවේ සාමාජිකයන් 10 දෙනාගෙන් සභාපති ඇතුළු 5 දෙනෙකු එනම් හය දෙනෙකු වෙන්ව කණ්ඩායමක් ලෙස වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් සඳහා එක්සත් ජනතා නිදහස්  සන්ධානයට සහය දෙමින් සන්ධාන දේශපාලනයට එක්වුනි.

2017 දෙසැම්බර් 25 වන දින සිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධාන ගතව දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන ලද අතර,

2018 ජූලි 01 ඉන්දික පෙරේරා මහතාගේ තරුණ නව නායකත්වය යටතේ ප්‍රහතිශීලී ජනතා සේවක පක්ෂය ලෙස නව දේශපාලන කටයුතු ආරම්භකරන ලදී.

නව නායකත්වය යටතේ පක්ෂයේ බිම්මට්ටමේ සංවිධාන ශක්තිය වර්ධනය කර ගනිමින් 2019 ජනාධිපතිවරනයෙදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉතා සුවිශේෂී මෙහෙයක් ඉටුකරන ලදී.