පළමුවෙනි ගජබාහු
පළමුවෙනි ගජබාහු
පළමුවෙනි ගජබාහු (ක්‍රි.ව. 114 - 136) රජු රජරට රාජධානියේ රජ කළ සිංහළ රජෙකි. ගජබාහු යන්නෙහි තේරුම හස්තියෙකුගේ අත් ඇත්තා යනුයි. ඔහු ගජබාහුක ගාමිණී නමින්ද ඔහු හැඳින්වේ. ඔහු ආගමට ඉතා ලැදි එමෙන්ම දකුණු ඉන්දීය දේශපාලනය කෙරෙහි මහත් උනන්දුවක් දැක් වූ රජ කෙනෙකු ලෙස සැළකුම් ලැබුවේය. එමෙන්ම පත්තිනි දේවියට වැඳුම් පිදුම් කිරීමේ සිරිත ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ඔහු යයිද කියනු ලැබේ. ඔහුගේ පාලන කාලය පිළිබඳව මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එසේම එළාර රජුගේ විස්තරද සමග "සීලප්පදිකාරම්" හි වැඩි වශයෙන් විස්තර වන එකම සිංහල රජතුමාද ඔහුය.
ජීවිතය සහ ආගම
ගජබාහුගේ තරුණ කාලය සම්බන්ධයෙන් ලැබෙන තොරතුරුවලට අනුව ඔහු අනුරාධපුර පාලකයා වූ වංශනාසික තිස්ස (110 - 113) සහ මහමත්ත බිසවගේ පුතා වූ බව පමණක් පෙනෙන අතර ඊට අමතරව වෙනත් තොරතුරු නොලැබේ. ඒ අනුව ඔහු තම පියා වූ තිස්සගේ පාලන සමයේදී සිදු වූ කරිකාලන් නමැති චෝල රජුගේ රජරට ආක්‍රමණය වැනි වෙනත් බොහෝ වැදගත් සිද්ධීන් පිළිබඳව දැනුවත්ව සිටියේය. කරිකාලන් රජරට ආක්‍රමණය කොට ඉන්දියාවේ කාවේරි නදිය හරහා ඉදිකරන වේල්ලක් බැඳීම සඳහා ඉන්දියාවට ගෙන යාමට සිංහල වැසියන් 1200 ක් දෙනා අල්ලා ගන්නා ලදී. (කරිකාලන්ගේ පාලන සමය ගජබාහුට වඩා අවුරුදු 100 ක් පසුව සිදුවූ බවට සමහර ඉතිහාසඥයින් දක්වන තොරතුරුද සැලකිල්ලට ගත යුතුය)
මහාවංශයෙන් විස්තර වන්නේ ගජබාහුගේ පාලන කාලය වසර විසි දෙකක් බවයි. කරිකාලන්ගේ ආක්‍රමණය ගැන හෝ ඉතා ප්‍රසිද්ධ කථාවක් වන ගජබාහුගේ දකුණු ඉන්දියන් ආක්‍රමණයක් ගැන තොරතුරු හෝ මහාවංශයේ නොදැක්වේ. ඵහෙත් ඵ් වෙනුවට ඔහු මාතු විහාර සහ රුවික යන විහාර දෙකද අභය උත්තර නම් ස්ථූපයද කළ ශාෂනකාමී රජෙකු ලෙස ඵහි විස්තර කර ඇත. දුටු ගැමුණු රජු කරවූ මිරිසවැටිය දාගැබට ආවරණයක් සැපයීම හා අභයගිරි විහාරවාසී භික්ෂූන්ට ආහාර සමඟ ජලය සැපීමට ජලාශයක් නිමැවීම සම්බන්ධයෙන්ද ඔහු ගරු බුහුමනට පත් විය. ඵසේම අභයගිරි ථූපය සතර වාහල් කඩ වැඩි දියුණු කිරීම ද ඔහු විසින් කරන ලද්දක් විය.
පත්තිනි දේවී වන්දනාව ශ්‍රි ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙසද ගජබාහු රජු බුහුමනට පාත්‍ර වේ. චෝල රජෙකු වූ සෙන්ගුවුට්ටන් විසින් කන්නගීට (මෙම කාරණයේදී පත්තිනි දේවියයි) කෝවිලක් පූජා කිරීමේ සිද්ධියේදී ගජබාහුද සිටි බව සිල්පදිකාරකම් හි දක්වා ඇත. ඉන්දියාවේ සිට ඔහු ආපසු පැමිණීමේදී බුදුන්ගේ පාත්‍ර ධාතුව පමණක් නොව පත්තිනි දේවියගේ පා සළඹද ගෙනාවේය. ඉන් පසු මුලතිව්වලට නොදුරු වට්ටපල්ලි නම් ස්ථානයේ පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් නිර්මාණය කළේය. කෙසේ වෙතත් වෙනත් මත වලින් කියවෙන්නේ පත්තිනි වන්දනාව ලංකාවට පැමිණෙන්නේ 13 වැනි ශත වර්ෂයේදීය යනුවෙනි. ගජබාහු පෙරකී සිද්ධියේදී පෙනී සිටීම විස්තර කරන්නට ඇත්තේ පත්තිනි දේවි වන්දනාව කිසියම් නිත්‍යානුකූල ආරම්භයක් පෙන්වා දෙනු පිණිස විය හැකිය.
මහනුවර පවත්වනු ලබන වාර්ෂික ඇසළ පෙළහර ගජබාහුගේ පාලන සමය සිහිපත් කරන්නකැයි කියවේ. චෝල අධිරාජ්‍ය කරා මෙහෙයවනු ලැබූ සාර්ථක ආක්‍රමණ කිපයකින් පසු ඊට ස්තුතිය පුද කිරීමට අනුරාධපුර විෂ්ණු දේවාලය මගින් පෙරහැරක් ආරම්භකරන ලද අතර අද දක්වා ඵය උත්සවයක් ලෙස වර්ධනය වී ඇත.
ගජබාහුගෙන් පසු මහල්ලක නාග නම් ඔහුගේ රජුගේ මාමා රජකමට පත්විය.