පළමුවන ජෙට්ඨතිස්ස රජ

පසු ඔහුගේ දෙටු පුත් ජෙට්ඨතිස්සයන් රජ විය ඒ බු.ව.805 වන අතර එතැන් සිට බු.ව.815 දක්වා රාජ්‍ය විචාළේය සිය පියා මෙන් මහා විහාරීය භික්ෂූන්ට බෙහෙවින් පක්ෂපාතීව ඔහු ක්‍රියා කළේය කෙසේ වුවත් ගෝඨාභයගේ අවසන් කාලය වන විට ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද රජුගේ අවමගුලට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමට තරම් වෙනස් මතධාරීන්ට සිටියහ.

ඒ අනුව ගෝඨාභයගේ අවමගුල් පෙරහැරට ඇමතිවරු කොටසක් සහභාගී නොවූහ ඒ සදහා කැමති වූ ඇමතිවරු මහාසේන කුමරු පෙරගමන් යවා ඉතිරි ඇමතිවරුන් මඟ අහුරා උලහිඳවා මරා දමා ඇත එසේ මරා දමා ඇත්තේ රජුගේ සොහොන වටා උල හිදුවීමෙන් නිසා ජනතා කෝපයක්ද මේ රජුට එල්ල විය එසේම සිරිසඟබෝ රජු මැරවීම පිළිබඳව ගෝඨාභය රජු කෙරෙහි කිසියම් අප්‍රසාදයක් ඇමතිවරු අතර තිබීමටද ඉඩකඩ තිබුණි ඒ සමගම භූත විද්‍යාවේ කෙළ පැමිණි සංඝමිත්‍ර තෙරුන්ගේ කුමන්ත්‍රණාකාරී පිළිවෙත් නිසා මෙවැනි තත්ත්වයකට පසු බිම් සකස් කිරීමක්ද විය හැකිය කෙසේ හෝ සම් වකවානුව වන විට යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ක්‍රම බුදු දහමට ඇතුල් වෙමින් පැවතුණි.

දෙටු තිස් රජු සිය බලය තහවුරු කර ගත් නිසා සංඝමිත්ත ආපසු දඹදිව ගොස් ඇත මහා වංශ ටීකාවේ සදහන් පරිදි ඔහු එසේ ගොස් ඇත්තේ මහසෙන් කුමරු සමඟ සාකච්ඡා කර ඔහු අභිෂේක ලැබීමෙන් පසු තමා සොයා එන බව දැනුම් දීමෙනි.

මේ රජු මහා විහාර සතරක් ඉදි කරවූ බවත් වැව් හයක් කරවන ලද බවත් ඇතැම් මූලාශ්‍රවල සදහන්ය සිය පියා විසින් අරඹා තිබූ ලෝවා මහාපාය ප්‍රතිසංස්කරණ මහා බෝධියට තොරන් දෙකක් සැදවීම,මහා සෑයට අනගි මැණිකක් පූජා කිරීම,ථූපාරාමයේ තිබූ බුදු පිළිමයක් පාචීන තිස්ස පබ්බත විහාරයට වැඩමවා තැන්පත් කිරීම මෙහිදී සිහි කළ යුතුය වර්තමානයේ නුවර වැවේ බැම්මට උඩින් මිහින්තලා පාරට උතුරින් ඊට නුදුරුව දිය අගලකින් වට වූ නටඹුන් වූ බිම ප්‍රාචීන තිස්ස පබ්බත ආරාමය වශයෙන් හදුනාගෙන තිබේ.

කෙසේ වුවත් ඇමතිවරු ඝාතනය කෙරුවද ක්‍රමයෙන් රට පුරාම සිය අණසක පවත්වා ගෙන යාමට ජෙට්ඨතිස්ස බලවත් විය මහසෙන් කුමරු ගැන වැඩි සදහනක් මෙන්ම විශේෂ තොරතුරක් ඓතිහාසික මූලාශ වලින් මේ යුගයේදී හෙළි නොවේ එසේම ජෙට්ඨතිස්ස රජුගේ රාජ්‍ය සමය තුළ පිහිටුවන ලද සෙල්ලිපි ද දැනගන්නට නොමැත.

"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_ජෙට්ඨතිස්ස_රජ&oldid=496384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි