පසු කාලීන හරප්පානු ශිෂ්ටාචාරය

පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වා දුන්නේ නාගරික බලපෑම් වලින් තොරවු වඩා කුඩා ජනගහනයක් එම ප්‍රදේශයේ වාසය කළ බවයි. නැවත ලොතල් වෙත පැමිණිනු සුළු මිනිස් ප්‍රමාණයට ඔවුන්ගේ නගරය නැවත තැනීමට හෝ පිලිසකර කිරීමට නොහැකි වු නමුත් දුප්පත් නිවාස හා කුඩාරම් තුල වෙසෙමින් ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායන් ආරක්ෂා කර ගෙන දිගින් දිගටම සිදු කරන ලදී. ඔවුන් හරප්පානු ජනතාව බව ගෙන හැර පෑවේ සුසාන භූමියේ වු ඔවුන්ගේ අවශේෂ විශ්ලේෂණයෙන් සොයා ගන්නා ලද සාක්ෂි අනුවයි. නගරයේ වෙළදාම හා සම්පත් සම්පුර්ණයෙන්ම පාහේ නැතිවී තිබුණත් මිනිසුන් විසින් ලිවී‍මේ, මැටි බදුන් තැනීමේ හා මෙවලම් තැනීමේ හරප්පා විදි කිහිපයක් ආරක්ෂා කර ගෙන තිබුණි. මෙම කාලයේදී ASI පුරා විද්‍යාඥයන් විසින් පංජාබ් හා සින්ද් සිට සවුරත්‍ර හා සරස්වතී නිම්නයට විශාල සරණාගත පැමිණීමක් සිදු වු බවට වාර්තා කරයි. (1900 – 1700 BCE) පසු හරප්පානුවන් ලෙස මෙම පිරිසට හොදින් සකස් නොකළ ජනාවාස 100 ක් පමණ පවරා දී ඇත. ඔවුන්ගේ සම්පුර්ණයෙන්ම ග්‍රාමීය සංස්කෘතිය ඉහළ යන සාක්ෂරතාව නැති කමින් විවිධත්වයකින් තොර ආර්ථිකයෙන් අසාර්ථක පාලනයෙන් හා දුප්පත් කමෙන් සංකේතවත් වෙයි. ඉන්දු වැසියන්ගේ සීල් භාවිතයෙන් ඉවතට ගියත් ග්‍රෑම් 8.573 ක ඒකකයෙන් යුත් භාර පද්ධතියක් ඔවුන් සතු විය. 1700 හා කි පූ1600 අතරදී වෙළදාම නැවත පන ලබනු ඇත. ලොතල් හිදි හරප්පානුවන්ගේ බදුන් දිසි හා ජොග්ගු වල පිඟන් මැටි නිපදවීම් ඉතා බහුලව නිපද විනි. ගල් තල සදහා වෙලෙන්දන් විසින් තිරුවාන වෙනුවට කැල්සිඩනි වැනි දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරන ලදී. හෙක්සාහෙඩ්රන් තිරුවාන බරවල් කපා දමන ලද වැලි ගල් බරවල් මගින් ප්‍රතිස්ථාපනය වන ලදී. බාලකරන ලද ලිවීම් රූපමය සලකුණු යොදා ගැනීමෙන් සරල කරන ලදී. තව ද චිත්‍ර කලාව වක්‍රරේඛා, වලළු හා කොකු බවට සරල විනි.

ලොතල් හි පුරාවිද්‍යාත්මක වැඩබිම


http://en.wikipedia.org/wiki/Lothal#Later_Harappan_culture