පශු සම්පත් ගොවිපල භාවිත

පශු සම්පත් ගොවිපල භාවිත

පශු සම්පත් ගොවිපල භාවිත සත්ව වර්ගය මත හා රටවල් මත වෙනස් ආකාරයන් ගනී.

පශු සම්පත් සාමාන්‍යයෙන් වැසුණු තැන්වල මිනිසුන්ගේ ආහාර සැපයිමෙන් පවත්වාගෙන යනු ලබයි.

පශු සම්පත් ඇතිකිරීම ඓතිහාසිකව සංචාරක හා ගම්බද වර්ගයේ භෞතික සංස්කෘතියකි. ඔටුවන් හා පිනිමුවන් රංචු ලෙස ඇතිකිරීම ලොව සමහර රටවල කෘෂිකර්මාන්තයට සම්බන්ධකමක් නැතිව කරගෙන යනු ලබයි.

පශු සම්පත් ධාන්‍යය ගබඩා හා තණබිම් වල කොටකර පවත්වාගෙන යාම කෘෂිකර්මාන්ත ඉතිහාසයේ අලුත්ම දියුණුවකි. මෙහිදී ලබාදෙන ආහාර ස්වභාවික තණකොල සිට දියුණුලෙස සැකසූ ‍පෝරක ආහාර දක්වා වෙනස් විය හැක. සත්වයන් බෝකිරීම කෘතිම සිඤ්චනයක් මගින් හෝ අධීක්ෂණය කරන ලද සංසර්ගයක් මගින් සිදුකරයි.

ගෘහස්ථ නිෂ්පාදනය කරන පද්ධති සාමාන්‍යයෙන් යොදාගන්නේ ඌරන් කුකුළුන් හා වහු රංචු වෙනුවෙනි. ගෘහස්ථ සත්වයන් සාමාන්‍යයෙන් ඉතා කඩිනමින් සිදුකරනු ලබයි. එනමුත් මෙම ක්‍රමයේ ප්‍රශ්න රාශියක් ඇත. ඒවා නම් ඒවායේ නිපදවෙන අපද්‍රව්‍යය ප්‍රමාණය, අප්‍රසන්න ගන්ධයන්, භූගත ජලය දුෂණය වීම හා සත්ව සුභසාධනය සම්බන්ධ ගැටළු වැනි දෑය.

අනිකුත් වර්ගයේ පශු සම්පත් එළිමහනේ පවත්වා‍ ගෙන යනු ලබයි. මේවායේ ඇසුරුම් ප්‍රමාණය හා අධීක්ෂණ මට්ටම වෙනස්විය හැක. විශාල විවෘත සත්ව පරාසවල සත්වයන් ඉඳහිට පමණක් පිරික්සිම සිදුවිය හැක. මෙම සත්වයන් පාලනය කිරීමට ‍ගොපල්ලන්, අශ්වයන්. වැඩකාරයන්ට අමතරව බැටළු බල්ලන් හා ගව බල්ලන්ද යොදාගත හැක.

නූතන ගොවිපල ක්‍රමවේද මිනිස් දායකත්වයෙන් අඩු අතර, අස්වැන්න වැඩකිරීමේ හා සත්ව සෞඛ්‍ය වර්ධනය කිරීමේ උපාය මාර්ග වලින් යුක්තය. ආදායම, තත්වය හා පාරිභෝගික ආරක්ෂාව යන සියලු කාරණාවලට වැදගත්කමක් දැන් හිමිවී තිබේ. පාරිභෝගික සෞඛ්‍යය, ආරක්ෂාව සත්ව සුභසාධනය යන කාරණා සැලකිල්ලට ගැනිමෙන් ඖෂධ පාවිච්චිය හා පෝෂක අතිරේක පාවිච්චිය පාලනය කිරිම හා තහනම් කිරිම සි