පශුසම්පත් පාලනය හා මිනිසා අතර සම්බන්ධයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.භෝග වගාව හා පශුසම්පත් පාලනය කෘෂිකර්මාන්තයට අයත්ය.ඒ අතර සීමිත සත්ව පෝෂණ ක්‍රියාදාම හෝ මහා පරිමාණ පශුසම්පත් පාලනය හෝ කර්මාන්ත ගොවිපලවල සත්වයන් විශාල ගණනක් රඳවා තබා ගත හැකිය. මෙම සතුන් අතරට ගවයන්, කළුකුම්,එළුවන් හා ඌරන් අයත් වේ. මෙම ගොවිපලවල අරමුණ වන්නේ මස්, බිත්තර හෝ කිරි අඩු මුදලකට නිපදවීමට පශු සම්පත් එක්රැස්කර තබා ගැනීමයි.

මෙම ගොවිපල තුළ විධිමත් ආහාර සැපයීම, සත්ව සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාම, උන්ගේ වර්ධනයට අවශ්‍ය විටමින් සැපයීම, රෝගනාශක ප්‍රතික්ෂුද්‍රජීවි (antimicrobial) පාවිච්චිය සිදුකරයි. කුකුල් මස් නිෂ්පාදනයේදී වර්ධක හෝමෝන භාවිතා නොකරන අතර, යුරෝපා සංගමය තුළ කිසිම සත්වයකු සඳහා මෙම හෝමෝන භාවිතා නොවේ. මස් නිෂ්පාදනයේදී අනිකුත් සතුන් හා මුහුවීම නිසා සත්වයන්ට පෙන්විය හැකි නුසුදුසු හැසිරීම් රටා පාලනය කිරීමටද පියවර ගනී. වඩා හීලෑ වර්ග බෝ කිරීමද සිදුකරයි. වඩා‍හොඳින් ආහාර සැපයීම තුළින් බර වර්ධනය කිරීමද මෙහි තවත් අංගයකි.

වඩා වැඩියෙන් සත්වයන් එක්රැස් කිරීම තුළින් සත්ව අපද්‍රව්‍යය, සත්ව මරණ වැනි ආචාර විධි පිළිබඳ ගැටළු ඉස්මතු විය හැක. සත්ව අයිතීන් හා සත්ව සුභසාධන ක්‍රියාකාරීන් වඩා බලවත් සත්ව බෝ කිරීම් සත්වයන්ට කුරිරු වන බවට ප්‍රකාශ කර සිටියි. තවත් කාරණා වන්නේ මෙමඟින් වාත දුෂණය, භූ ජලය අපවිත්‍ර වීම, එමඟින් මිනිස් සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම වැනි දේය.

මෙවන් ගොවිපල තුල ප්‍රතිජීවක විරෝධී බැක්ටීරියා වර්ධනය වීමද සිදුවේ. සත්වයන් විශාල ගණනක් කුඩා අවකාශයක සිරකර තබන නිසා ඕනෑම රෝගයක් පැතිරීමේ අවදානමක් පවතින අතර, ඒ සඳහා ප්‍රතිජීවක ලබාදීම සිදුවේ. මෙවන් බැක්ටීරියා වාතයට මුසුවීමෙන් මිනිසුන්ට රෝග ආසාදනය විය හැක.

පශුසම්පත් පාලනයට ඇති අභියෝග සහ ගැටලු

සංස්කරණය

කෘෂිකර්මාන්තයට බලපාන අභියෝග සහ ගැටලු ලෙස විදේශීය හා දේශීය, කෘෂිකර්මාන්තයද, ඒක පුද්ගල ගොවි කර්මාන්තයද, සතුන්ගේ අයිතිවාසිකම්, වියදම් සහ ප්‍රතිලාභ මෙන්ම වර්තමාන ක්‍රියාකාරකම්වල වෙනස්වීම් ද ඇතුලත් වේ. මෙහි වර්තමානයේ ක්‍රියාකාරකම්වල වෙනස්වීම්වලට නිදසුනක් ලෙස ප්‍රවාහනය දැක්විය හැකිය. ඒ මත භාණ්ඩ හා සේවා මිල තීරණයවේ. අවුරුදු දස දහස් ගණනක් තිස්සේ නොයෙක් සොයාගැනීම් සහ තාක්ෂණයන් උපයෝගි කරගනිමින් වර්ධනය වන ජනගහනයට ආහාර සැපයිය හැකි කෘෂිකර්මයක් පවත්වා ගන්නට උත්සාහ ගති. කාර්මික කෘෂිකර්මාන්තය දෙස බැලූ විට අඩු වියදමකින් වැඩි ධාරිතාවක් නිපදවන බව පැහැදිලිවේ. වර්තමානයේ ඇති භාණ්ඩ හා සේවා මත ජීවත්වීමේ තත්ත්වය තීරණයවේ. එහෙත් කාර්මික කෘෂිකර්මාන්තයේ යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලද ඇත.


කාර්මික කෘෂිකාර්මාන්ත ඓතිහාසික සංවර්ධනය හා අනාගත කටයුතු

සංස්කරණය
 
කාර්මික කෘෂිකාර්මාන්ත ඓතිහාසික සංවර්ධනය හා අනාගත කටයුතු

කාර්මික කෘෂිකාර්මාන්තයේ උපත කාර්මික විප්ලවයත් සමඟ එකට පෑහී ඇත. නයිට්‍රජන් හා පොස්පරස් නම් ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධක හඳුනාගැනීම කෘතිම පොහොර නිෂ්පාදනන් කිරීමට වඩා ලෙස කෘෂිකාර්මාන්තයට ඉවහල් විය. සත්ත්ව පෝෂණයට අවශ්‍ය වන විටමින් වර්ග, 20 වන ශතවර්ෂයේ පළමු දශක දෙක තුළ සොයාගැනීම සිදු විය. ඒ සමඟම 1920 දී සමහර පශුසම්පත් ගෙතුළ වර්ධනය කිරීමටත්, අවශ්‍යය විටමින් අතිරික්ත ලබාදීමටත් උදව්විය. ප්‍රතිජීවකයන් (antibiotics) හා එන්නත් වල සොයා ගැනීම පශුසම්පත් වර්ධනයටත්, රෝග අඩු කිරීමටත් ඉවහල් විය. දෙවන ලෝක යුද්ධයට අවශ්‍ය ‍රසායන ද්‍රව්‍යය දියුණු කිරීම කෘතීම කෘමිනාශක මතුවීමට හේතුවිය. නැව් ජාල හා තාක්ෂණයේ වර්ධනයන් ඈත ප්‍රදේශ වලට කෘෂිකාර්මික නිෂ්පාදන බෙදාහැරීම පහසු කරවීය.


1820 හා 1975 අතර ලොව වටා කෘෂිකාර්මික නිෂ්පාදනය දෙගුණය වී ඇත. එමඟින් 1800 දී බිලියනයක් පමණ‍‍ලෝක ජනගහනයකට ද, 2002 වන විට බිලියන 2.2 පමණ ‍ලෝක ජනගහනයකටද, පෝෂණය සැපයීමත් සිදුවී ඇත. එම කාල පරිච්ඡේදය තුළම ගොවිතැනේ නියුක්ත පිරිස් ප්‍රමාණයේ වැටීමක්, ක්‍රියාවලිය ස්වයංක්‍රීය බවට පත්වීම නිසා සිදුවිය. 1920 දී 24% පමණ ඇමරිකානු ජනතාවක් කෘෂිකාර්මාන්තයේ යෙදී සිටි අතර, එය 2002 වන විට 1.5% පමණ විය. 1940 දී සෑම ‍ගොවිපල සේවකයකුම පරිභෝජකයන් 11 කට සැපයීම කල අතර, 2002 දී එක් අයකු පරිභෝජකයන් 90 කට සැපයීම කරන ලදී. ගොවිපල ගණන ද පහත වැටිණ. ඇමරිකාව තුල ආයතන 4 ක් 81% පමණ එළදෙනුන්ද, 73% පමණ බැටළුවන් ද, 57% පමණ ඌරන්ද, 50% පමණ කුකුලන්ද මරණ බව වාර්තා විය. ඇමරිකානු ඌරු මස් නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව 1967 දී ඇමරිකාවේ ඌරු ගොවිපල මිලියන 1 ක් ද, 2002 වන විට එය 114,000 සමඟ වසරකට ඌරන් මිලියන 80 පමණ මැරීමක් සිදු වූ බව වාර්තා විය. "වර්ල්ඩ් වොච් ආයතනය" (World watch Institute) වලට අනුව, 74% පමණ ලෝක කුකුල් නිෂ්පාදනයද, 43% පමණ හරක් මස් නිෂ්පාදනයද, 68% පමණ බිත්තර නිෂ්පාදනයද මේ ආකාරයටම සිදුවේ.


හඩ්සන් ආයතනයේ (Hudson Institute) ඩෙනිස් ඇවෙරිට අනුව 1990 වර්ෂවලදී ආසියාව ඌරුමස් පරිභෝජනය මිලියන 18 කින් වැඩි ‍කළේය. 1997 වන විට ලෝකයේ ඌරන් සංචිත (stocks) මිලියන 900 ක් පැවති අතර, එය 2050 වනවිට බිලියන 2.5 දක්වා වැඩිවනු ඇතැයි ඇවරි අනුමාන කරයි. බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් විද්‍යාලයේදී ඔහු පවසා සිටියේ ඉන්පසුව වසරක් පාසා බිලියන 3 ක ඌරන් ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.


බ්‍රිතාන්‍යය කෘෂිකාර්මික විප්ලවය

සංස්කරණය

බ්‍රිතාන්‍යය කාෂිකාර්මික විප්ලවය යනු 16 වන හා 19 ශතවර්ෂ අතර කාලයේ බ්‍රිතාන්‍යයේ පැවති කෘෂිකාර්මික ඵලදායිතාවයේ හා නිපැයුම්වල අධික වර්ධනයක් සිදුවූ කාල පරිච්ඡේදයකි. මෙය පෙර නොදුටු ආකාරයේ ජනගහන වර්ධනයක් වූ අතර, සේවක බලකායේ සැලකිය යුතු ප්‍රතිශතයක නිදහස් වීම නිසා, කාර්මික විප්ලවයටද පණ පෙවීය. මෙය කෙසේ සිදුවූවාද යන්න හරියටම පැහැදිලි නැත. මෑත දශක වලදී, ඉතිහාසඥයන් කෘෂිකාර්මික භාවිතාවල ප්‍රධාන වෙනස්කම් 4 ක් පෙන්වා දෙති. ඒවා නම් කොරටුව (enclosure) , යාන්ත්‍රිකකරණය (mechanization), ක්ෂේත්‍ර හතරේ භෝග මාරුව, තෝරා බෝකිරීම යන්න වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පශුසම්පත්_පාලනය&oldid=500164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි