පරිසර ක්ෂුද්‍රජීවි විද්‍යාව

පරිසර ක්ෂුද්‍ර ජීවි විද්‍යාව යනු පරිසරයේ ඇති ක්ෂුද්‍රජීවීන් පිළිබඳව කෙරෙන අධ්‍යනයන්ය. එම අවස්ථාවන්හීදි පරිසරය යනුවෙන් හැඳින්වෙන්නේ පස්‚ ජලය සහ වාතය ඇතුලු සත්වයන් සහ පැළෑටිය. තවද ජෛව විද්‍යාව ප්‍රතික්‍රියාකාරක සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යනයන් පවා පරිසර ක්ෂුද්‍ර ජීව විද්‍යාව තුලට ඇතුලත් වේ.

ක්ෂුද්‍ර ජීවීන් ගේ පැවැත්මන් බොහෝ විවිධත්වයෙන් යුක්තවේ. මුලු පෘතුවියම ක්ෂුද්‍රජීවීන් ගේ වාසස්ථානයක් බවත් ඔවුන්ගේ වර්ගයන් මනුෂ්‍යයන් විසින් හඳුනාගෙන ඇත්තේ අල්ප වශයෙන් බවත් සඳහන් වේ.

මෙම ජීවීන් ඕනෑම පරිසර විපර්යාසයකට ඔරොත්තු දීමේ හැකියාවන් පෙන්නුම් කෙරෙන්නේය.

පස් සාමාන්‍ය ප්‍රමානයක් ගත් විට එහි බිලියනයකටත් වඩා සංඛ්‍යාවක ක්ෂුද්‍ර ජීවීන් සිටින බව සොයා ගෙන ඇත. ජෛව ගෝලයට කුඩා ජීවීන් ගෙන් ඇති වන බපෑම ඉතා විශාලය. ඔවුන් පරිසර පද්ධතියේ කෂේරුව ලෙස පිහිටන්නේය. විශේෂයෙන්ම ආලෝකය පතිත නොවන ප්‍රදේශයන් තුල. මෙම ප්‍රදේශයන් තුල රසායනික සංශ්ලේෂණයන් ලෙස ක්‍රියා කරන බැක්ටීරියා කාබොනික ශක්තීන් සපයන්නේය. ක්ෂුද්‍ර ජීවින් , ජෛව භූරසායන චක්‍රය තුල විශේෂ භූමිකාවක් ඇත්තේය.

කුඩා ජීවීන් සිටින ස්ථාන තුල ඇති අනවශ්‍ය ද්‍රව්‍ය එම ජීවීන්ම විනාශ කරනු ලැබේ. අපවිත්‍ර කාරකයක ස්වභාවයට අනුකූලව ක්ෂුද්‍ර ජීවින් විසින් විෂ අපද්‍රව්‍ය විනාශ කිරීමේ හැකියාව වෙනස් වන්නේය. මෙම ක්‍රියා වලින් විනිශ්චය කිරීමට බැක්ටීරියාවන් ගේ සංයෝජනය මන්තු කිරීම වැදගත් වන්නේය.

සටහන් සංස්කරණය

| Environmental Microbiology |}