ඉංග්‍රීසි භාෂාවෙන් පලවී ඇති 'ඉංග්‍රීසි විකි ලිපි සිංහලයට පරිවර්තනය කිරීම. සංස්කරණය

පියවරට පෙර සංස්කරණය

ඔබ විසින් ඉංග්‍රීසි විකියේ ලිපියක් සිංහලයට පරිවර්තනය කිරීමට පෙර ඔබවිසින් සපුරාලිය යුතු කරුණු කීපයකි.

  1. සිංහලෙන් අකුරු කරවීමේ හැකියාව .මේ සදහා මෙම මෘදුකාංගය(Windows හි Google ආදාන මෙවලම) නිර්දේශ කෙරේ. මෙය ඔබ පරිගණකයේ ස්ථාපනය කර භාවිතා කරන අයුරු මෙම හෝ මෙම වීඩියෝවෙන් බලන්න.
    1. ඉහත මෘදුකාංගය මගින් සිංහල අකුරු ඉංග්‍රීසි යතුරු පුවරුව භාවිතයෙන්ම කල හැක
    2. ගුගල් ට්‍රාන්ස්ලේටර් Google Translate පිලිබද යම් අවබෝදයක් තිබීම පහසුවේ .මෙමගින් කුඩා වාක්‍ය ඛණ්ඩ සිංහලට පරිවර්තනය කරවාගත හැක.අවබෝදය ලබාගැනීමට මෙම වීඩියෝව බලන්න.

'විකි භාෂා' සංස්කරණය

  1. ඉංග්‍රීසි විකියේ ඇති ලිපියක් තෝරාගෙන එය විකි භාෂා WikiBhasha භාවිතා කර සිංහලයට පරිවර්තනය කරන්න.මෙය භාවිතා කරන අයුරු මෙම වීඩියෝවෙන් දැනගන්න . මෙය ස්ථාපනය කරන අයුරු මෙහි මෙහි ඇත.

පියවර

ඉංග්‍රීසි ලිපි සිංහලයට පරිවර්තනය කිරීමට පෙර දැනගතයුහු දේ. සංස්කරණය

ඇතැම් බටහිර රටවල් විවිධ කාල අන්තර වලදී භාෂාවේ භාවිතයන් ශුද්ධීකරණයට ලක් කරයි.සංක්‍රමණිකයින් භාෂාව වරනගද්දී භාෂාවේ මූලික අර්ථයන් හා භාවයන් විකෘති කිරීම වලකාලීමට හා බස අපහරණය විම වැලැක්වීම මෙසේ භාෂාව ශුද්ධීකරණයට හේතුයි. බටහිර දෙස බලා හෝ අපරට තුළ භාෂාවේ හා භාෂාවේ භාවිතය ශුද්ධීකරණයට ලක්කොට ප්‍රමිතීන් ප්‍රසිද්ධ කළ යුතුය.

  • පරිවර්තනය යනු කලාවකි .එය එක් බසකින් තවත් බසකට පෙරලීමම පමණක් නොවේ.වාග් විද්‍යාත්මක දැනුමක්ද ඊට අමතරව භාෂා දෙකෙහිම සංස්කෘතිය ගැන ද හොඳ දැනුමක් තිබිය යුතුයි(ද්විභාෂිකත්වය).පරිවර්තනය සහ 'අනුවර්තනය' වෙනසද හදුනාගත යුතුය . අන්‍ය ,පර භාෂාවකින් ශුද්ධ පරිවර්තනයක් සඳහා තවත් භාෂාවකට පෙරළන විට සිංහල භාෂාවේ, සංස්කෘතියේ උප සංස්කෘතියේ හෝ සිංහල (ශ්‍රී ලාංකික) ජාතියේ අනන්‍යතාව නොබිඳෙන අයුරින් පරිවර්තනය කළ යුතුය. යම් වචනයකට ඇති බහු විද අරුත් මනා ලෙස දැන පරිවර්තනය හෝ අනුවර්තනය කල යුතුය.
  1. පරිවර්හානයකදී
    1. අනුවර්තකයාට අදහස ගෙන ලිවීමේ නිදහස ඇතත් පරිවර්ථකයාට එවැනි නිදහසක් නැත.
    2. සිංහල පරිවර්ථනයක මුල් කෘතිය වෙනස් විය යුතතේ භාෂාවෙන් පමණි.අදහස ඒ අයුරෙන්ම ඉදිරිපත් කල යුතුය.
    3. මුල් කෘතියේ අදහස සම්පුර්ණයෙන පරිවර්තනය කල යුතුය.
    4. මුල් කෘතියේ භාෂා විලාසය පවත්වාගත යුතුය.
    5. සිංහල භාෂාවට හානි නොකළ යුතුය.
    6. මුල් කෘතියේ නාම වෙනස් නොකර ඒ අයුරෙන්ම පවත්වාගත යුතුය.
  2. අනුවර්තනයකදී
    1. මුල් කෘතියේ එන අදහස එම කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරයටම ඉදිරිපත් කලයුතු නැත.භාවය පමණක් දීම ප්‍රමාණවත්ය.
    2. භාෂා විලාසය අවශ්‍ය පරිදි පවත්වා ගත හැකිය.
    3. සිංහල උරුවට අවශ්‍ය පරිදි ප්‍රදේශ නාම ආදී සංඥා නාම, යෙදිය හැක.

වැඩිදුර කියවීම සදහා මෙයද බලන්න