පරිශීලක:Rsekanayake/රචනා/සිංහල විකිපීඩියාව

සංස්කරණය කරමින් පවතී සංස්කරණය

ලිපි සිංහලට පරිවර්තනය සංස්කරණය

'පරිවර්තනය යනු කලාවකි' .එය එක් බසකින් තවත් බසකට පෙරලීමම පමණක් නොවේ.වාග් විද්‍යාත්මක දැනුමක්ද ඊට අමතරව භාෂා දෙකෙහිම සංස්කෘතිය ගැන ද හොඳ දැනුමක් තිබිය යුතුයි(ද්විභාෂිකත්වය).පරිවර්තනය සහ 'අනුවර්තනය' වෙනසද එහිදී හදුනාගත යුතුය . අන්‍ය ,පර භාෂාවකින් ශුද්ධ පරිවර්තනයක් සඳහා තවත් භාෂාවකට පෙරළන විට සිංහල භාෂාවේ, සංස්කෘතියේ, උප සංස්කෘතියේ හෝ සිංහල (ශ්‍රී ලාංකික) ජාතියේ අනන්‍යතාව නොබිඳෙන අයුරින් පරිවර්තනය කළ යුතුය. යම් වචනයකට ඇති බහු විද අරුත් මනා ලෙස දැන පරිවර්තනය හෝ අනුවර්තනය කල යුතුය.
අනුවර්තකයාට අදහස ගෙන ලිවීමේ නිදහස ඇතත් පරිවර්ථකයාට එවැනි නිදහසක් නැත. සිංහල පරිවර්ථනයක මුල් කෘතිය වෙනස් විය යුතතේ භාෂාවෙන් පමණි.අදහස ඒ අයුරෙන්ම ඉදිරිපත් කල යුතුය. මුල් කෘතියේ අදහස සම්පුර්ණයෙන පරිවර්තනය කල යුතුය. මුල් කෘතියේ භාෂා විලාසය පවත්වාගත යුතුය. සිංහල භාෂාවට හානි නොකළ යුතුය. මුල් කෘතියේ නාම වෙනස් නොකර ඒ අයුරෙන්ම පවත්වාගත යුතුය. නමුත් අනුවර්තනයකදී මුල් කෘතියේ එන අදහස එම කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරයටම ඉදිරිපත් කලයුතු නැත.භාවය පමණක් දීම ප්‍රමාණවත්ය. භාෂා විලාසය අවශ්‍ය පරිදි පවත්වා ගත හැකිය.සිංහල උරුවට අවශ්‍ය පරිදි ප්‍රදේශ නාම ආදී සංඥා නාම, යෙදිය හැක.

යොදාගතහැකි මෘදුකාංග එකතුව සංස්කරණය

  • ආදාන මෙවලම් - Google Input Tools
Windows සඳහා Google ආදාන මෙවලම් යනු ඉංග්‍රීසි / QWERTY යතුරු පුවරුව භාවිතා කරමින් සිංහල භාෂාවට පෙළ ඇතුළු කිරීමට ඉඩ ලබාදෙයි. වචනයක් ශබ්ද වන අකාරයෙන් පරිශීලකයාට එය ටයිප් කළ හැක.පරිගණකයේ ස්ථාපනය කරගැනීම සදහා බාගත කිරීමට මෙතනක්ලික් කරන්න.ස්ථාපනය කරන ආකාරය දැනගන්න මෙතන ක්ලික් කරන්න .තත්පර 40 සිට ඉදිරියට නරබන්න.
  • "පෙත්තප්පු" - Sinhala Unicode Office converter
මෙම මෘදුකාංගය උපයෝගී කොට ඔබට වෙනත් සිංහල අකුරු යොදා කරවන ලද ලියවිල්ලක් "යුනිකෝඩ් අකුරු" සහිත ලියවිල්ලක් බවට එක්වරම පහසුවෙන් පත්කළ හැකිය.මෙය නොමිලේ ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න. ස්ථාපනය කරන අයුරු බලන්න මෙතන ට යන්න. විකල්පයක් වශයෙන් මෙම අඩවියෙන්ද මෙම කාර්ය කරගත හැක.
  • "ගූගල් ට්‍රාන්ස්ලේට්" - Google Translate

මෙම මෘදුකාංගය උපයෝගී කරගෙන වෙනත් භාෂෘවකින්(ඉංග්‍රීසියෙන්) ඇති සම්පුර්ණ ලිපියක්ම එක්වරම පහසුවෙන්ම තවත්(සිංහල) භාෂාවකට පරිවර්ථනය කල හැක.ඩික්ෂනරියක් ලෙසද භාවිතා කල හැක.භාවිතා කිරීමට මෙතනට යන්න.භාවිතාකරන අයුරු දැනගන්න මෙතන බලන්න.ඔබගේ එකතුවක් ලෙස ( add-ons) බ්‍රවුසරයේ එක්වරම මෙම මෘදුකාංගය එක්කරගැනීමේ හැකියාවද ඇත.

  • "Optical Character Recognition, or OCR මෘදුකාංග

මෙම මෘදුකාංගය උපයෝගී කරගෙන.ජායාරුප පිටපතක ඇති (පුවත් පතකින් හෝ මුද්‍රිත පොතකින් ලබාගන්නා) පැහැදිලි මුද්‍රිත අකුරු සංස්කරණය කල හැකි යුනිකෝඩ් අකුරු බවට එක්වරම පරිවර්තනය කරගැනීමේ හැකියාව පවතී.මෙමගින් සංස්කරණයේදී ටටිප් කිරීමෙන් ගතවන කාලය ශුන්‍ය කල හැක.

  • 1 සිංහල සදහා භාවිතය
සංවර්දනය වෙමින් පවතින මෙම මෘදුකානගය දැනට දෝෂ ඇත. නමුත් යම් අවශ්‍යතාවයක් යම් මට්ටමකින් ඉටුකළ හැක.මෙය භාවිතයට පැහැදිලි අකුරු සහිත ජායාරුප පිටපතක මෙම අඩවියට ගොස් එහි යටම ඇති ලින්ක් එකට ගොස් ඇතුල් කර මෙම පරිවර්තනය ලබාගත හැක. අවබෝධය සදහා මෙය බලන්න.
  • 2 ඉංග්‍රීසි සදහා භාවිතය
මෙම මෘදුකාංගය ඉංග්‍රීසි භාෂාව සදහා ඉතාම දියුණු මට්ටමකින් සැකසුන විවිද මෘදුකාංග දැනට ඇත. දෝෂ නැති තරමටය. ඔබගේ පරිගණකයේ දැනටම පිහිටුවාගෙන ඇති Microsoft OneNote ද මේ සදහා යොදාගත හැක. එහි භාවිතය දැනගැනීමට මෙතන බලන්න.වෘත්තිය මට්ටමෙන් කාර්යක් කරගැනීම වෙනුවෙන් මෘදුකාංගය යොදාගැනීම සදහා නොමිලයේ එවැනි මෘදුකාංගයක ඔර්ගිනල් පිටපතක් යම්කෙනෙකුට ලබාගැනීමට අවශ්‍යනම් විකිය හරහා මා වෙත ඊමේල් පණිවිඩයක් තබන්න.
  • "අනුවාදන මෘදුකාංග - paraphrasing Software"

මෙම මෘදුකාංගය භාවිතා කරමින් වෙනත් අයෙකු විසින් රචිත ලිපියක් හෝ යම් ලියවිල්ලක් ( දැනුමක් ) භාෂාව වෙනත් අයුරකින් වෙනත් වචන ඇතුලත් කර ව්‍යාකරණඅනුකුලව ගලපා නව ලිපියක් ලෙස (තමාගේ නොවුනත් තමාගේ නිර්මාණයක් ලෙස) නිර්මාණය කල හැකි මෘදුකාංගයකි.

Plagiarism උගුලෙන් ගැලවෙමු සංස්කරණය

  • දැනුම යනු යම් පුද්ගලයෙකු නිර්මාණය කරන දෙයක් නොව වෙනත් පුද්ගලයෙකුගේ දැනුම යමෙකු යොදාගැනීම වේ.(මගේ මතය නම් සියල්ලන්ම Plagiarism යටතට පත්කළ යුතුය ).යම් අදහසක් ලබාගැනීමය මෙය බලන්න . අන්තර්ජාලයේ ඔබ කොපි කිරීමක් කලොත් ලේසියෙන්ම වෙනත් කෙනෙකුට ඔබ ලබාගත් එම ලිපිය කුමන වෙබ් අඩවියක තිබුණේදැයි ලිපියේ වාක්‍ය කන්ඩයක් Google තුල කොපි කිරීමෙන් හෝ වෙනත් විශේෂිත මෘදුකාංගයක් ආධාරයෙන් සොයා ගත හැකිය.එවිට ඔවුන් ඔබට අනවසර ලබාගැනීම ,කොපි කිරීමේ චෝදනාව කරනු ඇත (plagiarism).
  • වෙනත් අඩවි වලින් ,පොතකින් ,පුවත්පතකින් හෝ යම් අයුරකින් දැනුම ලබාගෙන ඔබගේ නිර්මාණයක් ලෙස හෝ එම වචනම වෙනත් අයුරකින් ගලපා සැකසීමෙන් මෙම උගුල මගහරවා ගත හැක.(ඉංග්‍රීසියෙන් මේ ක්‍රියාවලිය paraphrasing ලෙස හදුන්වයි.)නවීන මෘදුකාංග මගින් මේ සියලු අභියෝග ජය ගත හැකිය.Paraphrasing Software පිළිබද යම් අවබෝධයක් ලබාගැනීමට මෙය බලන්න.