පරිශීලක:R.B.G.Dilan Tharaka/බෞද්ධ මූර්ති කලාව

බුදු පිළිමය සංස්කරණය

බුදු පිළිමයේ උපත සංස්කරණය

සැදැහැවත් බෞද්ධයාගේ වන්දනාමානයට ලක් වූ බුදුරජාණන් වහන්සේ නියෝජනය කරනු ලබන සංක්ත තුනකි.එනම් බෝධීන් වහන්සේ,දාගැබ් වහන්සේ හා බුදු පිළිම වහන්සේය.බෝධි වන්දනාව හා දාගැබ් වන්දනාව බුද්ධ කාලයේ දී ම ආරම්භ වුවත්,බුදු පිළිම වන්දානාව ආරම්භ වී ඇත්තේ බුද්ධ පරිණිර්වාණයෙන් සියවස් පහකටත් පසුව බව පෙනේ.ආදී සැදැවත් බෞද්ධයන් අසමසම වූ බුදුරජාණන් වහන්සේ රූප කායකින් නිරූපණය කර දැක්වීම කළ නොහැකි දෙයක් ලෙස හෝ එසේ කිරීම උන්වහන්සේට කරන අගෞරවයක් ලෙස හෝ සැලකීම මෙසේ බුද්ධ ප්‍රතිමාව පහළවීම ප්‍රමාද වීමට හේතුවක් විය හැකිය.ක්‍රි.පූ.3 වන සියවසට අයත් සේ සලකනු ලබන සාංචි,හාරුත් ආදී කැටයම් වල සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ හෝ නිරූපණය කර ඇත්තේ සිරිපතුල,ධර්මචක්‍රය,බෝධි වෘක්ෂය, ආසනය වැනි සංකේතයක් ඉදිරිපත් කිරීමෙනි.


ග්‍රීක්වරුන්ගේ පිළිම නෙලීමේ ශිල්පය වයඹ දිග ඉන්දියාවට පැතුරුණු පසු ගන්ධාර දේශයේ දී ග්‍රීක් ශිල්පීන් අතින් මුල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති.කණිෂ්ක රජු ගේ (ක්‍රි.ව.78-144) කාසියක දක්නට ලැබෙන බුදු රූ සටහන පළමු වරට බුදුන් වහන්සේ රූපකායෙන් දක්වනු ලැබූ අවස්ථාවක් ලෙස ද සලකනු ලැබේ.ඝන්ධාර සම්ප්‍රදායේ බුදු පිළිමවල විශේෂ ලක්ෂණයක් නම් ග්‍රීක් දෙවිවරුන් පරිද්දෙන් බුදුන් වහන්සේ ද මනා කඩවසමින් යුත් බාහිර රූප ලාවණ්‍යයෙන් අගතැන් පත් කෙනෙකු ලෙස දැක්වීම ය.