පරිශීලක:Anandawardhana/කෝෂ ග්‍රන්ථ සහ පාරිභාෂික ශබ්ද මාලා

1)පාරිභාෂික ශබ්දමාලාව, සෞන්දර්ය අධ්‍යාපනය ii (චිත්‍ර හා මූර්ති කලා), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ. 1985
2)පාරිභාෂික ශබ්ද මාලාව (ඉංග්‍රීසි-සිංහල), දර්ශනය සහ තර්ක ශාස්ත්‍රය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ. 2001
3)පඨිත ඉංග්‍රීසි-සිංහල, සිංහල-ඉංග්‍රීසි පාරිභාෂික පදමාලාව - සමාජීය විද්‍යා සහ සංස්කෘතික අධ්‍යයන සඳහා, සංස්- පෙරේරා, සසංක සහ දසනායක, හරීන්ද්‍ර, සමාජ සංස්කෘතික තීව්‍ර අධ්‍යයනය සඳහා වූ කොළඹ ආයතනය, කොළඹ. 2006

සිංහල විකිපීඩියාව සඳහා ලිපි ලිවීම, පරිවර්තනය හා පවත්වාගැනීම උදෙසා දැනට මා පුද්ගලික ව උපයෝගී කරගන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාරිභාෂික ශබ්ද මාලා ග්‍රන්ථ යි. එමගින් වර්තමාන විෂය ක්ෂේත්‍රයට හා අධ්‍යාපන පද්ධතියට සාරවත් අන්දමින් සම්බන්ධ වචන මාලාවකින් යුක්ත ව අදාළ ලිපිය පවත්වාගත හැකි වෙතියි අපේක්ෂා කරමි. එමගින් ලිපියේ ගුණාත්මක බව ද සුරැකෙනු ඇති. හැකි සෑම විටක ම අදාළ පාරිභාෂික පදමාලා අනුගමනය කරන මෙන් ලිපි සංස්කරණය කරන විකිපීඩියානුවන්ගෙන් ඉල්ලා සිටිමි. මේ ඇතැම් පදමාලාවල ජාලගත සංස්කරණ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු වෙබ් අඩෙවියෙන් ලබාගත හැකි අතර වඩා නිවැරදි මුද්‍රිත සංස්කරණ, ඉතා සුළු මුදලකට ඕනෑ ම ප්‍රසිද්ධ පොත් හලකින් ලබාගැනීමට පුළුවන.

තව ද පොදුවේ සෙසු ස්ථානයන්හි අක්ෂර වින්‍යාසය පිළිබඳ ගැටලු නිරාකරණය සඳහා හරිශ්චන්ද්‍ර විජයතුංගගේ ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය විමර්ශන ග්‍රන්ථයක් ලෙසින් යොදාගැනීම උචිත ය. වෙනත් අදාළ කෝෂ ග්‍රන්ථ හා පදමාලා මේ ස්ථානයෙහි ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරමි.