පරිශීලක:බිඟුවා/රචනා/ස්වේච්ඡා සේවකයා

විකිපීඩියාව ස්වේච්ඡාවෙන් සේවය කරන්නන් සඳහා පමණකි. ඔබ කිසිවිටෙකත් මගේ ලොක්කා නොවන්නේය. ඔබට කිසිවිටෙකත් මට මෙය කරන්නයැයි බල කල නොහැකිය. ඔබට ඉල්ලීමක් කල හැකිය. නමුත් එය ඉටු කිරීම මගේ කැමත්තම වෙයි. කිසිවිටෙකත් ඔබට එය බලෙන් ඉටු කරගත නොහැකිම වන්නේය. ඔබ කැමති නම් ඔබ කරන්න. මා කැමති නම් මා කරන්නම්. නිර්නාමික පරිශීලකයාගේ පටන් නිළධාරී පරිශීලකයා දක්වා සියල්ලෝම තම කැමැත්තෙන් මෙතැනට පැමිණි පුද්ගලයින් වෙයි. එම නිසා කිසිවෙකුට බල කිරීමට තැන් නොකරන්න.

ඔබට මගේ ක්‍රියාවන් පිටුදැකිය හැකිය. විවේචනය කල හැකිය. නමුත් එය කෙතරම් දුරට සාර්ථක වේදැයි ඔබටවත් කිව නොහැකිය. සමහරවිට එය ඔබටම ආපසු පැමිණිය හැකිය. පොදුමතයන් අගයන සමජයක ඔබ නිවැරදි නොවන්නට බොහෝ ඉඩ ඇත. එමනිසා අනෙකෙකුගේ ක්‍රියාවන් විවේචනය කිරීමේදී ඔවුන්ගේ ගෞරවය ගැනද සලකා ක්‍රියාත්මක වන්න. මෙයින් ඔබ සැමවිටම සද්ද නැතුව සිටිය යුතුයැයි කිසිවිටෙකත් කිව නොවේ. එමෙන්ම ඔබේ ගිණුම භාවිත වෙනුවට නිර්නාමික වී හෝ තවත් ගිණුමක් තනා එය භාවිතයෙන් හෝ විවේචන කලයුතුයැයිද කිසිවිටෙකත් අදහස් නොකෙරේ. තමාගේ අන්‍යයතාවය සැඟවීමට තරම් ඔබ නීච විය යුතු නැත. ඔබේ අදහස කිසියම් පදනමකින් යුතු වෙයි නම් එය ඔබව ආරක්ෂා කරනු ඇත. කිසිවිටෙකත් ඔබ බිය විය යුතු නැත.

මෙයින් තවත් එක් කරුණක් ගෙන හැර දැක්විය හැකිය. එනම් ඔබට කැමති සියල්ල විකියේ කල නොහැක. එනම් සැබැවින්ම විකිපීඩ්යාව නිදහස් නොවේ. එයට හේතුව වන්නේ අපේ දේ රැකගැනීමට අපට ඇති අයිතියයි. එම නිසා ඔබ කිසියම් ක්‍රියාවක්, විකි ප්‍රජාව වැරදියැයි සම්මත කරගත් ක්‍රියාවක් දිගට දිගට කරන්නේද ඔබව වාරණය වනු ඇත. එමගින් විකියට වන හානිය අපට දරාගත නොහැකි බැවින් මිස අන් කිසිවක නිසා නොවේය. එම නිසා පරිශීලකයින්ට කරදරයක් වන සේ නොහැසිරෙන්න. විකි සම්මුතියට අනුව ක්‍රියා කරන්න. ඔබට කැමති වූ පමණින් ක්‍රියාවට නොනගන්න. අන් අයගේත් මත විමසුමක් කරන්න. විකිය සැමවිටම ස්වේච්ඡාවෙන් සේවය කරන්නන් සඳහා පමණක් වූ සමාජ සත්කාරයක් බව සිහියට ගන්න.