පරිගණක වෛරස - සුව කිරීමේ ක්‍රම - වෛරස ඉවත් කිරීම

වින්ඩොස් මී, වින්ඩෝස් XP හා වින්ඩොස් විස්ටාහි එක් හැකියාවක් වන්නේ පද්ධතිය නැවත පිහිටුම් (System Restore) යන මෙවලමයි. එමගින් රෙජිස්ටර හා වැදගත් ගොනු කලින් දිනක පිරික්සුම් ස්ථානවලට නැවත පිහිටු වීම සිදු කරයි. ඇතැම් වෛරස මඟින් පරිගණකය ප්‍රතිචාර දැක්වීමකින් තොරව සිරකර තැබු විට පරිගණකය බලෙන් නැවත පණ ගැන්වීම මඟින් එහි එදින දවසේ නැවත පිහිටුම් ස්ථානයට හානි පැමිණිය හැක. නමුත් ඊට කලින් දිනවල පිහිටුම් ලක්ෂ්‍යවලට ඉන් සිදුවිය හැකි බලපෑම අඩුය. කෙසේ නමුත් සමහර වෛරස පද්ධති නැවත පිහිටුවීම ක්‍රියා විරහිත කරවන අතර කාර්ය කළමණාකාරකය (Task Manager) හා විධාන පේරකය (Command Prompt) වැනි වැදගත් මෙවලම්ද අක්‍රීය කරයි. සියාඩො (CiaDoor) එවැනි වෛරසයකට නිදසුනකි.

විවිධ හේතු නිසා සීමා කරන ලද පරිශීලකයන් සදහා එවැනි මෙවලම් අක්‍රීය කිරීමට පරිපාලකට (administrator) හැකියාව තිබේ. වෛරස රෙජිස්ටර් නවීකරණය කරන්නේ මේ දෙයම කිරීමටය. නමුත් පරිපාලක පරිගණකය භාවිතා කරන විට සියලු පරිශීලකයන්ට මෙවලම්වලට ඇතුල් වීම අවහිර කර ඇති හෙයින් ඉහත කී දෙය සිදු නොවෙයි. ආසාදිත මෙවලමක් ක්‍රියාත්මක කරන විට, ක්‍රම ලේඛය විවෘත කිරීමට උත්සාහ දරන්නේ පරිපාලකයා වුවත් “කාර්ය කළමණාකරණය ඔබගේ පරිපාලක විසින් අක්‍රීය කර ඇත.” (“Task manager has been disabled by your administrator”) යන පණිවිඩය දිස්වේ.

මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයන්ට ඔවුන්ගේ අංක 26 කින් යුත් ලියාපදිංචි අංකය තිබේ නම් මයික්‍රෙසොෆ්ට් වෙබ් අඩවියට ගොස් නොමිලේ පරීක්ෂාවන් සිදුකර ගත හැක.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Computer_virus#Virus_remova