පරිගණක ඉංජිනේරු ශිල්පය

පරිගණක ඉංජිනේරු ශිල්පය (හෝ පරිගණක පද්ධති ඉංජිනේරු ශිල්පය) විදුලි ඉංජිනේරු ශිල්පයේ හා පරිගණක විද්‍යාවේ විශාල කොටසක් අයත් කර ගනී. පරිගණක ඉංජිනේරුවන් යනු මෘදුකාංග නිර්මාණය හා මෘදුකාංග - දෘඪාංග සංගතකරණය පිළිබඳ විශේෂඥතාවය ලැබූ විදුලි ඉංජිනේරුවන්ය. ඔවුන් ජව ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භෞතික විද්‍යාව කෙරෙහි දක්වන්නේ අඩු අවධානයකි. පරිගණක ඉංජිනේරුවන් සේවයේ යෙදී ඇති අංශ ලෙස ASIC නිර්මාණය , FPGA වැඩි දියුණුව , ෆර්ම් වෙයා (firmware) වැඩි දියුණුව , මෘදුකාංග වර්ධනය , දෘඪාංග - (ෆර්ම් වෙයා / මෘදුකාංග) ඒකීයකරණය , පරිපථ සැලසුම් කිරීම හා පද්ධති තත්ව නිර්මාණය හා සංගතකරණය දැක්විය හැක.