පරාක්‍රම පාණ්ඩ්‍ය

ආක්‍රමණික පාණ්ඩ්‍යයෙකි ජගත්පාල රජු සොළීන් විසින් මරණයට පත් කරන ලද අරාජික වූ රෝහණයේ රජ බවට පත්වූයේ මුලින් දක්වන ලද වික්‍රමපාණ්ඩ්‍ය රජුගේ පුත්‍රයා වූ පරාක්‍රම කුමාරයයා.සිය පියා ජගත්පාල රජු සමඟ පැවති සටනේදී දිවි පුදද්දී සිය දිවි රැකගැනීම සඳහා ඔහු සැඟවී යන්නට ඇත.ඔහු විදේශ රටකට ගිය බවක් සඳහන් නොවේ.ජගත්පාල රජුගෙන් පසු රජකමට පත්වූ පරාක්‍රම දෙවර්ෂයක් රෝහණය පාලනය කළ පසු සොලීහු ඔහුද අල්ලා මැරූහ.

මණිමංගලම් ලිපියෙහි සොළීන්ගෙන් විනාශ වුණු ශ්‍රී වල්ලභ මදන රාජ නම් අයකු ගැන කියවෙයි.සිංහල පොත්වල එබදු නමක් නොදැක්වේ.එහෙත් මහාවංසය දක්වන පරාක්‍රම පාණ්ඩ්‍ය රජු මෙයින් අදහස් කරතැයි පැහැදිලි කර ඇත.

වික්‍රමපාණ්ඩ්‍ය හා පරාක්‍රම පාණ්ඩ්‍ය,පාණ්ඩ්‍ය වංශිකයන් බවට සැක නැත.සොළින්ගෙන් පහර වැදුණු පාණ්ඩ්‍ය කුමාරවරුන් සිංහලයන් සමඟ මිත්‍රව සිටින්නට ඇති බවත් ලංකාවේ සොලීන් මැඩීමට ඔවුන් ක්‍රියා කරන්නට ඇති බව පෙනේ. පරාක්‍රම පාණ්ඩ්‍ය රජු දවස කාලිංග මාඝගේ ආක්‍රමණයත් සමග 1215 දී පොළොන්නරු රාජධානියේ අභාවය සිදු විය.

"https://si.wikipedia.org/w/index.php?title=පරාක්‍රම_පාණ්ඩ්‍ය&oldid=494253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි