පර්යේෂණාත්මක මනෝ විද්‍යාව
පර්යේෂණාත්මක මනෝ විද්‍යාව අනුව මනෝ විද්‍යාව ස්වභාවික මනෝ විද්‍යාවක් ලෙස ද පර්යේෂණයට බඳුන් කළ හැකි පථයක් ලෙස ද සැලකේ. බොහෝ පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයින් පර්යේෂණයන් හැර අනෙකුත් අන්වේශනය කිරීමේ ක්‍රම පිළිබඳ සැක උපදවති. විශේෂයෙන්ම සායනික සහ වර්ධනාත්මක මනෝ විද්‍යාවේ භාවිතා වන රෝගී අධ්‍යයනය, සහ සම්මුඛ සාකච්ඡා අඩු වශයෙන් යොදා ගැනීමට නැඹුරුතාවයක් දක්වති.
Ibn al-Haytham පර්යේෂණාත්මක මනෝ විද්‍යාවේ ආරම්භකයකු ලෙස ඇතැමුන් සලකන අතර ඔහුගේ දෘෂ්ටිය පිළිබඳ ග්‍රන්ථයේ දෘෂ්ටි සංජානනය සහ දෘෂ්ටි මායාවන් පිළිබඳ පර්යේෂණාත්මක ප්‍රවේශණය මෙයට හේතු වේ. ඔහුගේ සමකාලීන පර්සියානු මනෝ චිකිත්සකයකු Abū Rayhān al-Bīrūnī විසින් ද ප්‍රතිචාර කාලයේ සංකල්පයේ මොහු සොයා ගන්නා ලද පර්යේෂණාත්මක ප්‍රවේශණයක් බිහි කරන ලදී. නමුදු 19 වන සියවසේ පර්යේෂණාත්මක මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන Wilhelm Wundt කාලය තෙක් තවදුරටත් වර්ධනයක් මෙම ක්ෂේත්‍රයේ සිදු නොවිණි. මොහු විසින් පර්යේෂණාත්මක මනෝ විද්‍යාව සඳහා ගණිතමය සහ ගුණාත්මක ප්‍රවේශනයක් ලබා දෙන ලදී. Wundt මනෝ චිකිත්සකයකු ලෙස හැඳින්වූ පළමුවැන්නා වන අතර ප්‍රථම පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයා ද වෙයි. ඔහු විසින් ප්‍රථම මනෝ විද්‍යාත්මක පර්යේෂණාගාරය ලෙප්සිග්හි දී ස්ථාපනය කළ අතර ව්‍යුහාත්මක මනෝ විද්‍යා පාසල සඳහා මූලිකත්වය ලබා දෙන ලදී.
හර්මාන් ජබින්ග්ස් සහ එඩ්වඩ් ටිචිනර් වැනි අනෙකුත් මුල් කාලීන පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයින් අන්තර්ධ්‍යානය තම පර්යේෂණාත්මක ආකෘතීන් තුළ අන්තර්ගත කරන ලදී. නමුදු 20 වන සියවසේ මුල් භාගයේ දී පර්යේෂණාත්මක මනෝ විද්‍යාව චර්යාවාදය සමඟ තදින් සමානකම් දක්වන‍්නට විය. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය තුළ දී මෙම තත්වය ඇතැම් මානසික ප්‍රපංචයන් නොසලකා හැරීමට ද පත් විය. යුරෝපය තුළ මෙම තත්වය (සමානකම) වඩා අඩු වූ අතර සර්. පෙඩ්‍රික් බාට්ලඩ්, කෙනත් කේක, ඩබ්.ඊ. හික් සහ ඩොනල්ඩ් බ්‍රෝඩ්බන්ට් වැනි පර්යේෂණාත්මක මනෝ චිකිත්සකයෝ චින්තනය, මතකය, අවධානය වැනි මාතෘකා කෙරෙහි වැඩි අවධානයක් දක්වන ලදී. මෙය පසුකාලීනව ගුණාත්මක මනෝ විද්‍යාව බිහි වීම සඳහා අඩිතාලමක් ද විය.
20 වන සියවසේ අග භාගයේ දී මනෝ විද්‍යාවේ වර්ධනය සහ උප ක්ෂේත්‍ර වැඩි වශයෙන් ඇති වීම නිසා ද ඥාණාත්මක මනෝ විද්‍යාව යන පදයේ අර්ථය වෙනස් වීම බඳුන් විය. විද්‍යාවේ දර්ශනයේ ඇති වූ වර්ධනය පර්යේෂණයන් හි ඇති වටිනාකමට බලපෑම් කිරීම නිසා අද පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයෝ වෙනස් ආකාරයේ ක්‍රම අනුගමනය කරන අතර තමා හුදෙක් පර්යේෂණාත්මක ප්‍රවේශණයට පමණක් සීමා කොට නොගනී. නමුත් මෙයට ප්‍රති විරුද්ධ ලෙස කලින් පර්යේෂණාත්මක මනෝ විද්‍යාව අංග නොවූ වර්ධනය සහ සමාජීය මනෝ විද්‍යාව වැනි අංග වඩා පුළුල් ලෙස පර්යේෂණාත්මක ක්‍රමය පුළුල් ලෙස යොදා ගනී. එමෙන්ම ඉතා පිළිගත් සමාජ තුළ ද, විද්‍යාත්මක සඟරා තුළ ද, ඇතැම් විශ්ව විද්‍යාලයන්හි මනෝ විද්‍යා පාඨමාලාවන්හි දී මෙම යෙදුම නිරන්තරයෙන් ව්‍යවහාර කෙරේ.