පරපුරක බලය සංරක්ෂණය කළ පිටපත 2021-06-07 at the Wayback Machine නිර්මාණය වන්නේ නිදහසින් දශක 7 කට ආසන්න කාලයක් තුල මේ රට දිගින් දිගටම අසමත් රාජ්‍යක් වීම සහ එම තත්වය තවදුරටත් පවත්වාගෙන යාම නතර කිරීම සඳහා වූ පුරවැසි ඒකරාශීවීමක් ලෙසය.

බුදු දහමේ මූලික හරය වන චතුරාර්‍ය් සත්‍ය ගැටලු විසදීමේ න්‍යායක් ලෙස භාවිතා කරමින් අප මෙම දේශපාලන අර්බුධය විග්‍රහ කරගන්නෙමු. අර්බුදය - අර්බුදයට හේතුව - අර්බුදය නැතිකිරීම - අර්බුදය නැති කිරීමේ මාර්ගය ලෙස දේශපාලනිකව පරිවර්ථනය කරමින් අප මාතෘභූමියේ මිනිසුන්ට දේශපාලනික විමුක්තිය ලබාදීමේ ක්‍රියාවලියේ විසඳුම සොයා ගමන් කලෙමු.

ගෝලීය දේශපාලනයත් එහි බලපෑම මත විවිධ රටවල් මුහුන දුන් අර්බුදත්, නිදහස ලැබීමෙන් පසු මේරට පාලනය බාරගත් දේශපාලකයින්ගේ ක්‍රියාකාරීත්වයත් අප ඉතාම සුපරික්ෂාකාරීව නිරීක්ෂණය කලෙමු.

1815 ට පෙර විවිධ වකවානූ තුල ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගයත්, අප සතු වූ ජීවන රටාවත්, අප රටේ අදටත් පවතින සම්පත් සහ අවස්ථාවන් පිලිබඳවත්, එම අවස්ථාවන් සහ සම්පත් 1948 න් පසු දේශපාලන කදවුර කොතෙක් දුරට භාවිතා කලේද, නොකලේද, අවභාවිතා කලේද යන්නත් අපගේ ඉරීක්ෂණයට බදුන්විය.

එහිදී අප ආ අවසාන නිගමනය වූයේ මේ දේශපාලන අර්බුධයට හේතුව 1948 සිට මේ රට පාලනය කල දේශපාලන කදවුර බවය. 1948 දේශපාලන කදවුර යන කුලකයට 1948 සිට මේ රටේ බලය දැරූ සියලු පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය කල සියලු පක්ෂ අයත් වේ. ඔවුගේ අදූරදර්ශී, දේශදෝහි, පරගැති පාලනයත්, මේ රට අසමත් රටක් බවට පත්කලේය.

දැන් අර්බුදයට හේතුව ඉතාම සරල ලෙස පැහැදිලි කල හැක. එනම් මේ අර්බුධයට හේතුව 1948 දේශපාලන කදවුර සහ ඔවුන් විසින් ගත් බහුතර අදූරදර්ශී, මේ මහපොලවට නොගැලෙපන, දේශද්‍රෝහී, පරගැති තීරණ සහ ක්‍රියාමාර්ගයන්ය. එම නිසා මෙම අර්බුදය නැතිකිරීමට නම් 1948 දේශපාලන කදවුර දේශපාලනිකව පරාජය කිරීමත් ඔවුන් විසින් ගත් එම තීරණ සහ ක්‍රියාපිලිවෙත ආපසු හැරවිය යුතු වේ. පරපුරක බලය නිර්මාණය වන්නේ එය ආපසු හැරවීමේ සහ 1948 දේශපාලන කදවුර දේශපාලනිකව පැරදවීම සඳහාය.

නමුත් එයින් පමනක් මේ දේශපාලන සමාජා ආර්ථික අර්බුදය විසදෙන්නේ නැත. ඒවා ජයගනු වස් පැහැදිලි දේශීය ප්‍රතිපත්තියක් සහ ගෝලීය දේශපාලනික සහ ආර්ථික තත්වය කලමනාකරණය කල හැකි දේශපාලන කදවුරක් නිර්මාණය කල යුතුය. රට ගොඩගැනීමේ සහ ගොඩ නැගීමෙහි ක්‍රමයක් ස්ථාපිත කල යුතුය.

එය මේ රටට සතා පරිසරයට මිනිසුන්ට සතාසිව්පාවුන්ට අතීත උරුමයන්ට අපේ වටිනාකම්වලට ගැලපෙන ශිෂ්ඨ සම්පන්න ක්‍රමයක් විය යුතුය. එමෙන්ම ගෝලීය සමාජ ආර්ථික දේශපාලනික තත්වයන්ට ගැලපෙන්නක්ද විය යුතුය. ලෝකයේ නව තාක්ෂනය සහ නවීන ක්‍රම උපායන් සමග දේශීයත්වය එකට සම්මිශ්‍රනය විය යුතුය.

වසර දහස් ගනනක පෞඩ ඉතිහාසය තුල වෙනත් රටවල්වලට සාපේක්ෂව අප සිටියේ වඩාත් ඉදිරිගාමී තැනකය. වාරි කර්මාන්ත තාක්ෂනය, නගර නිර්මාන, කලාව කෘෂිකර්මාන්තය මේ සියලු ක්ශේත්‍රවල අපටම ආවේනික වූ තාක්ෂණය පැවත ඇත. එය අත්දැකිමක් සහ අදර්ශයක් කර නොගෙන අතීත පුරාජේරුවෙන් පමනක් අපට නැවතත් බලවත් ජාතියක් විය නොහැක. අතීතයේ අපට හිමිව තිබූ පෞඩත්වය නැවත අත්පත් කරගැනීම සඳහා ලෝකයේ මේ වෙනකොට තිබෙන ඉදිරිගාමී තාක්ෂණය අපද භාවිතා කලයුතු වනු ඇත. AI , iOT , Block Chain වැනි තාක්ෂනයන් යොදාගනිමින් අපගේ පාරම්පරික කර්මාන්ත වල ත්ත්වය වැඩි දියුණු කිරීම ,  නව කර්මාන්ත හරහා විදේශ විනිමය ලබාගැනීම , වැනි කාරණා අප ජයගත යුතුය.

“ලෝකයේ නව තාක්ෂනය සහ නවීන ක්‍රම උපායන් සමග දේශීයත්වය එකට සම්මිශ්‍රනය විය යුතුය.” යන්නෙන් අප අදහස් කරන්නේ එයයි. අප එය හදුන්වන්නේ භූමියේ යතාර්ථය පිලිගත් දේශපාලන ක්‍රමය ලෙසය. මේ සියල්ල සිදු කිරීමේදී අපගේ මූලික බෙදීම වනුයේ ශිෂ්ඨ සහ අශිෂ්ඨ ලෙසය. ස්ථවවරත්වය සහ සංවර්ධනය දෙසට අප ගමන් කිරීමේදී ශිෂ්ඨ සම්බන්න භාවිතයක් පවත්වාගෙන යාම අපගේ දැක්මයි.

අප වසර 2500 ඉතිහාසය ගැන සතුටු වන්නාක් මෙන් තවත් වසර සිය ගනනකින් දහස් ගනනකින් පසු අනාගත පරපුරට මේ යුගය ගැන සතුටු වන්නට අවස්ථාවක් සැලසීම අපගේ වගකීම වෙයි.  මේ රටේ දුක්විදපු අවසාන පරපුර අප බවට පත් කිරීමට නැතහොත් මේ දේශපාලන අර්බුදය තවත් අනාගත පරපුරකට නොදීමට අප ඉලක්ක ගත වීමු.

මේ සියල්ල කල හැක්කේ නව දේශපාලන ව්‍යාපාරයකින් බවත්, එම නව දේශපාලන ව්‍යාපාරය මෙතෙක් දේශපාලනය නොකල දේශප්‍රේමී විමුක්තිකාමී පුරවැසියන්ගෙන් ආරම්භ කර පවත්වාගෙන යා යුතු බවත් අපගේ දැක්ම වන අතර ඒ සඳහාම පරපුරක බලය බිහි කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=පරපුරක_බලය&oldid=623283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි