පරණගම වලව්ව
 වෑත්තෑව, ගලගෙදර. 

මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ප්‍රදේශයේ පිහිටා ඇති පරණගම වලව්ව අවුරුදු 100කට පෙර ඉතිහාසයකට උරුමකම් කියනවා.

ශ්‍රී ලංකාවේ පොලිස් උසාවියේ සිංහල භාෂාවෙන් නඩු ඇසූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන ජෝර්ජ් පරණගම මහතා වාසය කල වලව්ව මෙය වන අතර එය ඉදි කර තිබෙන්නේ 1839 වර්ෂයේදීයි.

තවද වර්ෂ 1834 දී ඉංග්‍රීසීන්ට විරුද්ධව අරගලයට නායකත්වය දුන්නේද මෙම වලව්වේ පරණගම අධිකාරම් හා ඔහුගේ දියණිය වූ ස්වර්ණපාලී පරණගම යන අය වේ.ඔවුන් වාසය කල පැරණි වලව්ව 1834 අරගලයේදී ඉංග්‍රීසීන් විසින් එය ගිනිබත් කර විනාස කර අැත . ඉන් පසුව මෙම නව වලව්ව ගොඩනගා අැත.

මහල් දෙකකින් සමන්විත පරණගම වලව්වේ පහල මාලයේ තිබෙන සියලුම ලක්ෂණ ඒ ආකාරයෙන්ම ඉහල මාලයේද දැක ගත හැකියි.

දෙවන මහලේ බිම සකස් කිරීමට ලී යොදා ගෙන තිබෙන අතර එම ලී අද වන විට දිරා ගොස් තිබෙනවා.

ඉතිහාසය පිලිබදව අධ්‍යනය කරන අයෙකුට වසර 100කට වඩා පැරණි කන්ද උඩරට ප්‍රභූ පැලැන්තියේ වලව් වල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහ ගොඩනැගිලි තාක්ෂණය පිලිබදව මෙම පරණගම වලව්ව තුලින් අධ්‍යනය කල හැකියි.

"https://si.wikipedia.org/w/index.php?title=පරණගම_වලව්ව&oldid=469599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි