පටිගත කිරීමේ මැදිරි
පටිගත කිරිමේ මැදිරිය, ශබ්ද පටිගත කිරීම සඳහා පහසුව සලස්වයි. මෙකි අවශ්‍යතාවය විශේෂයෙන්ම ධ්වනි විද්‍යාඥයා විසින් නිර්මාණය කර ඇත්තේ බලාපොරොත්තු වන ධ්වනි ගුණය මුදුන් පත් කර ගැනීමටය. (ශබ්ද ව්‍යාප්තිය, දුර්වල මට්ටමේ ඡායාවන් , දෝංකාරය , පැතිරීමට යන සුදුසු කාලය) විවිධ වර්ගයේ මැදිරි තුර්ය වාදක කණ්ඩායම් සහ කලාකරැවන්, කථනය හා රූපවාහිනි වැඩසටහන් , චිත්‍රපට, කාටුන හා වෙළඳ දැන්විම් සඳහා සංගීතිය හා සම්පුර්ණ වාදක වෘන්දයන් පටිගත කරයි. සමාන්‍ය පටිගත කිරීමේ මැදිරි වල තූර්ය වාදකයා හා ගායකයාට අභිවහනය සඳහා "මැදිරිය" නම් වු කාමරයක් ද, පටිගත කිරීමේ උපකරණ තැබිමට, ඒවා මාර්ගෝපගත කිරීමට හා මෙහෙය වීම සඳහා "පාලන කාමරයකින් ද" සමන්විතය. බොහෝ විට මේවායේ බෙර, ඉලෙක්ට්‍රොනික් ගිටාර වැනි අධික ශබ්දයකින් ගෙන් යුක්ත වාද්‍ය භාණ්ඩ තැබීම සඳහා "හුදෙකලා මඩුව" නමින් කුඩා කාමරයක්ද ඇත. මෙයට හේතුව වන්නේ මෙම අධික ශබ්ධ අනෙකුත් වාද්‍ය භාණ්ඩ හෝ ගායකයාගෙන් මයික්‍රෆෝනයට ලබා ගන්නා ශබ්දයක් සමඟ ශුව්‍ය වීමයි.
සංගීතමය පටිගත කිරිමෙන් සිදුකරනු ලබන්නේ ශබ්දාගාර තුළදිය මෙම ශබ්දාගාර ශබ්දයේ නියමිත ශබ්ද මතු කිරීමට අදාල තාක්ෂණයකින් නිමවා ඇත. එනම් ශබ්ද දොංකාරය අවම කිරීම ප්‍රමාණ අනුනාද විම් ඇති කිරීම ද්‍රවණි තරංග නිසි පරිදි සම්ප්‍රේෂණය වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට මෙම ශබ්දාගාර නිපදවා ඇත.
මෙම ගොඩනැගිල්ල තුල ශබ්දාගාර කාමරයක් හා පාලක මැදිරියක් ඇත. වාදකයින් ගායකයින් තම නිර්මාණ ඉදිරිපත් කරනු ලබන්නේ ශබ්දාගාර කාමරයේදිය. පාලක මැදිරියෙන් එසේ ඉදිරිපත් කරනු ලබන නිර්මාණය මනා පාලනයකින් යුතුව පටිගත කරනු ලබයි. මීට අමරතව තනිකුඩා කාමර කොටස් ද ශබ්දාගාරයක් තුල පවතින අතර මේවා භාවිත වනුවේ අධික ශබ්දයක් නිකුත් කරන ඩ්‍රම්ස් හෝ විද්‍යුත් ගිටාරයන් වාදනයේ දී ඒවායින් පිටවෙන ශබ්දය අනෙකුත් මයික්‍රෆෝන වෙත යොමු විම වැලැක්වීම සදහාය.
සැලසුම් කිරීම හා උපකරණ
සංස්කරණයපටිගත කිරීමේ ශබ්දාගාර සාමාන්‍යයෙන් කාමර තුනකින් සමන්විත වේ. ඒවා නම් පටිගත කිරීම සඳහා ශබ්දාගාරය (බොහෝ විට සජීවී කාමරය ලෙස හඳුන්වන) , පාලන කාමරය (ශබ්දාගාරයෙන් එන කටහඬ පාලනය කිරීම හා පටිගත කිරීම සිදු වන ස්ථානය) හා යන්ත්‍ර කාමරයයි. (පටිගත කිරීමේ ක්‍රියාවලිය සමඟ ගැටෙන ශබ්දය නිකුත් කරන යන්ත්‍ර තබා ඇති කාමරය) පටිගත කිරීමේ චිත්‍රාගාර, නිරවද්‍යතාවයකින් යුතුව ශබ්ද පටිගත කිරීම සඳහා අවශ්‍ය ධ්වනි ගුණවලින් යුත් අවකාශ නිර්මාණය කිරීම සඳහා කාමර ධ්වනි විද්‍යාවේ න්‍යායන්ට අනුව සුපරික්ෂාකාරීව සැලසුම් කිරීම සිදු කරනු ලැබේ. මේ සඳහා කාමර පිලියම් කිරීම (කාමරයේ මතුපිට ඇති ද්‍රව්‍යවල අවශෝෂණය හා විමෝචනයේ භාවිත හරහා මෙන්ම අවශ්‍ය ආකාරයෙන් ශබ්දයට ප්‍රතිචාර දක්වන ලෙස කාමරයෙහි භෞතික මාන පිළිබඳ සැලකීම හරහා) හා හඬවරණ (කාමර අතර ශ්‍රව්‍ය තනිකමක් සැපයීම සඳහා) යන දෙකම ඇතුළත් වේ. පටිගතකිරීමේ ශබ්දාගාරවල කටහඬ කාමර හා අතිරේක පාලන කාමර වැනි අතිරේක කාමර ද තිබිය හැක.
පටිගත කිරීමේ ශබ්දාගාරවල සාමාන්‍යයෙන් ඇතුළත් වන උපකරණ
සංස්කරණය- මිශ්‍ර කිරීමේ කොන්සෝලය
- බහු පථ පටිගත කිරීමේ යන්ත්‍රය
- මයික්‍රෆෝන
- පරිශීලන මොනිටර, මේවා පැතලි සංඛ්‍යාත පිළිතුරු සමඟ වූ විශාල ස්පීකරයි.
පහත ඒවා ද උපකරණ අතරට ඇතුළත් විය හැක.
- ඩිජිටල් ශ්‍රව්‍ය කාර්ය ස්ථාන
- සංගීත කාර්ය ස්ථාන
- පිටතආචරණ, සම්පීඩක, රිවර්බ් හා ඉක්වලයිසර් වැනි
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2011 දෙසැම්බර්) |