No Man's Sky යනු Hello Games විසින් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාදාම-ත්‍රාසජනක පැවැත්මේ ක්‍රීඩාවකි . එය ලොව පුරා PlayStation 4 සහ Microsoft Windows සඳහා 2016 අගෝස්තු මාසයේදීත්, Xbox One සඳහා 2018 ජූලි මාසයේදීත්, PlayStation 5 සහ Xbox Series X සහ Series S කොන්සෝල සඳහා 2020 නොවැම්බර් මාසයේදීත්, Nintendo Switch සඳහා 2022 ඔක්තෝබර් මාසයේදීත්, macOS සහ iPadOS සඳහා තවමත් සංවර්ධනය වෙමින් පවතී. මෙම පරිගනක ක්‍රීඩාව කුළුණු පහක් වටා ගොඩනගා ඇත: ගවේෂණය, නොනැසි ජිවත් වීම, සටන් කිරිම, වෙළඳාම් කිරිම සහ මූලස්ථානය ගොඩනැගීමය. ක්වින්ටිලියන 18කට අධික ග්‍රහලෝක ඇතුළත් විවෘත විශ්වයක් තුළ ක්‍රීඩකයන්ට ක්‍රියා කිරීමට නිදහස තිබේන අතර ක්‍රීඩාවේ ග්‍රහලෝකවලට ඔවුන්ගේම ශාක හා සත්ව විශේෂ සහිත ආවේණික පරිසර පද්ධති ඇති අතර ග්‍රහලෝක පද්ධති තුළ සිටින විවිධ පිටසක්වල ජීවීන් සමග ක්‍රීඩකයාට සටන් කිරීමට හෝ වෙළඳාම් කිරිමට හැකියව ඇත. ක්‍රීඩකයින් ක්‍රීඩාවේ ඉදිරියට යන්නේ ඔවුන්ගේ උපකරණ බල ගැන්වීමට අවශ්‍ය සම්පත් කැණීම මගින්, හා ශාක හා සත්ත්ව විශේෂ ලේඛනගත කිරීම මගින් උපයාගත් මුදල් භාවිතා කරමින් සම්පත් මිලදී ගැනීම මගින්, හා ග්‍රහලෝක කඳවුරු ගොඩනැගීම සහ අභ්‍යවකාශ යාත්‍රා පුළුල් කිරීම මගින් සහ ඇට්ලස් ලෙස හඳුන්වන ආයතනය වටා ඇති අභිරහස සෙවීමෙනි.

Hello Games හි නිර්මාතෘ Sean Murray අවශ්‍ය වී තිබුණේ 1970 සහ 1980 ගණන්වල විද්‍යා ප්‍රබන්ධ කලාවේ ශුභවාදී හැඟීම ග්‍රහණය කර ගන්නා ක්‍රීඩාවක් නිර්මාණය කිරීමටයි. Sony Interactive Entertainment හි ප්‍රවර්ධන සහ ප්‍රකාශන සහාය ඇතිව Hello Games හි කුඩා කණ්ඩායමක් විසින් වසර තුනක් පුරා මෙම ක්‍රීඩාව සංවර්ධනය කරන ලදී. මෙම ක්‍රීඩාව කුඩා කණ්ඩායමක් සඳහා අභිලාෂකාමී ව්‍යාපෘතියක් ලෙස සලකනු ලැබූ අතර Murray සහ Hello Games එය මුදා හැරීම මගින් සැලකිය යුතු අවධානයක් දිනා ගත්හ.

No Man's Sky හට එහි 2016 දියත් කිරීමේ දී මිශ්‍ර සමාලෝචන ලැබුණි, සමහර විචාරකයින් ක්‍රියා පටිපාටිමය වශයෙන් ජනනය කරන ලද විශ්වයේ තාක්ෂණික ජයග්‍රහණ ප්‍රශංසා කළ අතර තවත් සමහරු ක්‍රීඩාව දුර්වල සහ පුනරාවර්තන යැයි සැලකූහ. කෙසේ වෙතත්, බහු ක්‍රීඩක හැකියාවන් වැනි විශේෂාංග කිහිපයක් ක්‍රීඩාවේ නොමැතිකම නිසා තීරනාත්මක ප්‍රතිචාර වාර්තා වී ඇති . දියත් කිරීමෙන් පසු මාස කිහිපය තුළ Hello Games හි සන්නිවේදනයේ ඌනතාවය හේතුවෙන් ක්‍රීඩාව තවදුරටත් විවේචනයට ලක් විය, එහි සමහර ක්‍රීඩකයන්ගෙන් ප්‍රතිරොදි ප්‍රතික්‍රියාවක් නිර්මාණය විය. ක්‍රීඩාව වටා ඇති උද්දීපනය සහ දියත් කිරීමේදී බලාපොරොත්තු වූවාට වඩා විශාල ක්‍රීඩකයින් සංඛ්‍යාව පාලනය කිරීමට Hello Games අපොහොසත් වූ බවත්, ක්‍රීඩාවට යාවත්කාලීන කිරීම් නිකුත් කිරීමට ආසන්න වන තෙක් නිහඬව සිටීමේ ප්‍රවේශයක් ගත් බවත් Murray පසුව ප්‍රකාශ කළේය. නෝ මෑන්ස් ස්කයි සඳහා ප්‍රවර්ධනය සහ අලෙවිකරණය විවාදයට තුඩු දුන් අතර වීඩියෝ ක්‍රීඩා අලෙවිකරණයේදී වළක්වා ගත යුතු දේ පිළිබඳ උදාහරණයක් ලෙස දක්වා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=නෝ_මෑන්ස්_ස්කයි&oldid=537141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි