අද අපි ඔබ රැගෙන යන්නේ උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපයට අයත් නෝර්වේ රාජ්‍ය වෙතටයි. රජුට වගකියන ව්‍යවස්ථාවක් හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින මෙහි අගනුවර ඔස්ලෝ වන අතර රජු හෙරල්සි පස්ය. වර්ග කිලෝමීටර් 385207ක් වන භූමිය තුළ පරිපාලන අනු ප්‍රදේශ දෙකකට අයත්ව ප්‍රාන්ත සහ නගරසභා කලාපයන්හි මිලියන 4.8ක ජනගහනයක් වාසය කරයි.

⭐ ලොව දිගම උමං මාර්ගය හිමි දේශය

⭐ නොබෙල් සාම ත්‍යාගය පිරිනමන දේශය

⭐ බලශක්තිය සඳහා ඉන්ධන කිසිවක් භාවිතා නොකරන දේශය

⭐ ජපානයට සැමන් සුෂී හඳුන්වා දුන් දේශය

⭐ යුරෝපයේ වැඩිම වන ඝහනය හිමි දේශය

   ග්‍රීන්ලන්තය, ඩෙන්මාර්කය, රුසියාව අසල්වැසි රටවල් වුව ද නෝර්වේ රාජ්‍ය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූයේ නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ඇති වූ ආර්ථික අවපාත හමුවේ බොහෝ රටවල් අසරණ වුව ද නෝර්වේ රාජ්‍ය ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වාගෙන ආවා ය. එයට හේතුව ගෘහස්ථ කර්මාන්තකරණයට යොමු වීමයි. 1970 දී තෙල් සහ ස්වාභාවික වායු නිධි හමුවීමත් සමඟ නෝර්වේ මුදල් ඒකකය වන නෝවේජියන් ක්‍රොන්ටේ ලොව ස්ථාවරම මූල්‍ය අගය බවට පත්විය.

   අද වන විට සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යන මෙරට නැව් තැනීම, ධිවර කර්මාන්තය, රසායන ද්‍රව්‍ය නිපදවීම යන අංශයන් ගෙන් විශාල ආදායමක් උපයාගනී. ලෝකයේ දෙවන මුහුදු ආහාර සැපයුම්කරුවා වන නෝර්වේ රාජ්‍ය ලෝකයේ හත්වන තෙල් සැපයුම්කරුවා ද වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු මහලේකම් නෝර්වීජියානු ජාතිකයෙකු වූ අතර මානව සංවර්ධන දර්ශකයේ ඉහළම ස්ථානයක රැඳෙන්නට නෝර්වේ රාජ්‍යට හැකි වී ඇත.

   වයිකිංවරුන් ගෙන් පැවත එන නෝවේජියානුවන් ප්‍රිය සම්භාෂණ, උත්සව ආදියට ඉතා ප්‍රිය කඳුකර වාසීන් ය. ඉස්සන් පීල් කිරීමේ ලෝක ශූරතාවය, ක්රිස්ටියන්සෑන්ඩ් ජාත්යන්තර උළෙල, තක්කාලි උත්සවය, ෆාර්සුන්ඩ් හි උතුරු මුහුදු උත්සවය, ස්ටැවන්ජර් වයින් උත්සවය ආදී විවිධාකාර උත්සව සඳහා මෙන්ම හිම ක්‍රිඩා හා පරිසර සංචාර සඳහා ද බොහෝ දෙනා නෝර්වේ වෙත පැමිණෙයි. වසරේ වැඩි කලක් පවතින ශීත කාලගුණය නිසාම පුලුස්සා ගත් මස්, බදින ලද ඉස්සන්, කකුළුවන් හා මාළු, කිරි, චීස් සහ වයින් සමඟ උණුසුම් ධාන්‍ය හෝ එළවළු සුප් කෑම මේසයට වරදින්නේ නැත.

"https://si.wikipedia.org/w/index.php?title=නෝර්වේ_රාජ්‍යය&oldid=471119" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි