පෙරින්පනායගම් සිවපාරන්

(නෙදියවන් වෙතින් යළි-යොමු කරන ලදි)

පෙරින්පනායගම් සිවපාරන් නොහොත් නෙදියවන් යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව තිබූ ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ වත්මන් නායකයා ලෙස හඳුන්වාගන්නා පුද්ගලයා වෙයි.[1][2]

මුල් අවධිය සංස්කරණය

1970 අග කාලයේ මෙරටදී උපත ලත් නෙදියවන්, වයස අවුරුදු 18 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානයට එක්වුණු බව පැවසෙයි. කෙටිකලකින්ම කොටි සංවිධානයේ ත්‍රස්ත නායකයා වූ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සමීපතමයෙකු බවට පත්වූවා යැයි කියන නෙදියවන්, සිය අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට සංක්‍රමණය වූ බවත්, නමුත් උපාධියක් හිමි නොකරගත් බවත් සඳහන් වෙයි.[3]

සිය බිරිඳ ශිවගෞරි ශාන්තමෝහන්ගේ, මාමා කෙනෙකු වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ මුල් සාමාජිකයෙකු ලෙස හඳුන්වන රන්ජන්ලාල් ඥානේන්ද්‍රමෝහන්ගේ මාර්ගයෙන්, දෙමළ කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු ඊට අයත් අනෙකුත් ත්‍රස්තවාදී කවයන් සමග, නෙදියවන් එකල සම්බන්ධතා පැවැත්වාගෙන ගිය බව සඳහන් වෙයි.[2]

දෙමළ ඩයස්පෝරාව අතරේ එල්ටීටීඊ ත්‍රස්ත අරමුණු ප්‍රවර්ධනය කිරීමට පෙරිම්පනායගම් ක්‍රියාකරන අතරතුර ඔහුට නෙදියවන් ("උස මිනිහා") යන යෙදුම පටබැදුනු බව කියැවේ.

කේපී සමග ගැටුම සංස්කරණය

කළු වෙළෙඳපොල තුල ගණුදෙණු කිරීම හරහා මුදල් හා බලය රැස්කරගනිමින් සිටි නෙදියවන් සහ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන ආයුධ ගණුදෙණුකරු වූ කේපී (කුමරන් පත්මනාදන්) අතර ක්‍රමයෙන් අර්බුධයක් ගොඩනැගුණු බව පැවසේ. ඒ අතරේ දෙමළ කොටි ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව තුලදී පරාජය වීමත් සමග, නෙදියවන්ගේ ප්‍රධානියා බව කියන කැස්ත්‍රෝ, එල්ටීටීඊ ඩයස්පෝරාවේ සියළුම කළමනාකරණ කටයුතු නෙදියවන් යටතට පත්කරන ලදී.[4]

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී ප්‍රභාකරන් මරණයට පත්වීම පිළිගැනීම ප්‍රතික්ෂේප කල නෙදියවන්, ඔහුගේ පාලනයක් සහිත දෙමළ වෙබ් අඩවි හරහා පද්මනාදන් අපකීර්තියට පත්කරවීමේ වැඩසටහනක් පවත්වාගෙන යන ලදී. ප්‍රභාකරන්ගෙන් පසු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ නායකත්වය පත්මනාදන්ට පැවරීම කෙරෙහිද, නෙදියවන් ප්‍රසිද්ධියේ විරුද්ධ වූ බව සඳහන් වෙයි.[5][6][7] 2009 වසරේ මැදදී පත්මනාදන් අත්අඩංගුවට පත් වූවේ, නෙදියවන් විසින් සිදුකල පාවාදීමකින් යැයි පැවසේ.[8][9]

වරෙන්තු නිකුත් කිරීම සංස්කරණය

ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදුකිරීමට ගොස් ශ්‍රී ලංකා හමුදාවන් සමග ඇති වූ ගැටුමකදී ජීවිතක්ෂයට පත්වූ ගෝපි, අප්පන් හා තේවියන් වැනි පුද්ගලයින් හරහා, ශ්‍රී ලංකාව තුළ නැවතත් එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත සංවිධානයට පණ දීමට උත්සාහ කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා පොලීසිය 2014 අප්‍රියෙල් මසදී, ජාත්‍යන්තර පොලීසිය හරහා නෙදියවන් වෙත රතු වරෙන්තු නිකුත් කිරීමට පියවර ගන්නා ලදී.[10]

මීට පෙරද දෙමළ ඩයස්පෝරාවට මුදල් එක්රැස් කිරීමේ චෝදනා මත 2011 වසරේ ඔස්ලෝ නුවර දී නෙදියවන් අත්අඩංගුවට ගෙන තිබුණත්, ඔහු කොන්දේසී ඇප මත නිදහස්ව, ඒ සම්බන්ධයෙන් එරට පොලීසිය නැවතත් වෙත ඉදිරිපත් වී නොමැති බව සඳහන් වෙයි.[11]

ආශ්‍රිත සංස්කරණය

  1. In Sri Lanka, a victory’s worries Daily Pioneer - September 5, 2009
  2. 2.0 2.1 NEDIYAWAN RUMOURED TO BE THE NEXT LTTE LEADER IS QUESTIONED BY NORWEGIAN POLICE SAYS TAMIL WEBSITE IN LONDON LankaWeb - August 14, 2009
  3. LTTE CABAL OPPOSES “KP” AS LEADER OF RE-STRUCTURED TIGERS Sri Lanka Daily Mirror - July 25, 2009
  4. Pro-Tiger diaspora in a post-Prabhakaran scenario සංරක්ෂණය කළ පිටපත 2014-04-21 at the Wayback Machine David Jeyaraj - ජුනි 19, 2009
  5. KP-speak: What the captured LTTE leader revealed on the Web සංරක්ෂණය කළ පිටපත 2012-11-09 at the Wayback Machine ද හින්දු - අගෝස්තු 7, 2009
  6. “CONTROVERSIAL” ARREST OF NEW TIGER CHIEF KP Lanka Journal - August 9, 2009
  7. Infighting may have done KP in සංරක්ෂණය කළ පිටපත 2012-11-05 at the Wayback Machine ටයිම්ස් ඔෆ් ඉන්ඩියා - අගෝස්තු 8, 2009
  8. KP yes, but it’s the LTTE that is in the dock The Island - අගෝස්තු 11, 2009
  9. New Tiger Chief “KP” arrested and brought to Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2014-06-26 at the Wayback Machine David Jeyaraj - August 6, 2009
  10. "නෙදියවන්ගේ රතු නිවේදනය ඉන්ටපෝල් වෙබ් අඩවියේ". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
  11. "නෙදියවන්ගේ රතු ‍නිවේදනය ගැන නෝර්වේ අවධානය". තරුණයා.යූකේ. සම්ප්‍රවේශය 7 මැයි 2014.