නීතිය - සයිබර් නීතිය

සන්නිවේදන තාක්ෂණය (විශේෂයෙන්ම සයිබර් අවකාශය) සම්බන්ධ නෛතික ගැටලු විශ්ලේෂණාත්මක විමර්ශනයට භාජනය කරනු ලබන නීතිය සයිබර් නීතිය (cyber – law) යනුවෙන් සරලව හදුන්වා දිය හැක. දේපල සහ භාර නීති මෙන් වෙනමම වූ නීති කේෂේත්‍රයක් ලෙස හඳුනාගැනීමට (සයිබර් නීතිය) අපහසුය. මන්ද යත් සයිබර් නීතිය (cyber – law) විවිධ නෛතික කේෂේත්‍රයන් සමඟ සම්මිශ්‍රණය වී ඇති බැවිනි. උදාහරණ ලෙස බුද්ධිමය දේපල, පෞද්ගලිකත්වය, භාෂා නිදහස හරහා වැටී ඇති නීති පද්ධතියකි. සයිබර් නීතියේ මූලික හරය සංක්ෂිප්තව මෙසේ ලුහුඬින් සඳහන් කල හැකිය. සයිබර් නීතිය වනාහි අන්තර්ජාලය තුළ මිනිසාගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා පමුනුවාගන්නා ලද නීති සමුදායකි.

"https://si.wikipedia.org/w/index.php?title=නීතිය_-_සයිබර්_නීතිය&oldid=471662" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි