නීතිය සිවිල් සමාජය
1963 දී එක්සත් ජනපද සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් වොෂින්ටන් ඞී. සී. හි පවත්වන ලද පෙළපාලියක්
‘සිවිල් සමාජය’ යන යෙදුමේ ඉතිහාසය බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයකු වන ජෝන් ලොක්ගේ කාළය දක්වා දිවයන්නකි. ඔහු සිවිල් සමාජය දුටුවේ ‘ඔවුන් අතර පවත්නා ආරවුල් විසඳීම සඳහා අධිකාරය හිමි පොදු නීතියක් හා අධිකරණ සමාජයක්’ හිමි ජනතාවක් ලෙසිනි. ජර්මානු දාර්ශනිකයකු වූ ජෝර්ජ් විල්හෙල්ම් ෆෙඩ්‍රික් හේගල් සිය Elements of the Philosophy of Right නම් කෘතියේදී රාජ්‍යය; සිවිල් සමාජයෙන් වෙන්කොට දැක්වීය. සිය ඵෙතිහාසික දයලෙක්තිකවාදී කරකෘතමය තුල හේගල් විශ්වාස කළේ සිවිල් සමාජය සහ රාජ්‍යය යනු ධ්‍රැවීකරණයන් දෙකක් බවය. ජනතාවගේ අදහස් නිර්මාණය වන හා නීතිය කුමක් විය යුතුද යන්න පිලිබඳව ලොබි කිරීම් සිදුවන සිවිල් සමාජය අනිවාර්යයක් ලෙසම නීතියේ මූලාශ්‍රයක් වෙයි. ඕස්ට්‍රේලියානු බැරිස්ටර්වරයකු සහ ලේඛකයකු වන ජෙෆ්‍රි රොබින්සන් ජාත්‍යන්තර නීතිය පිලිබඳව කියා සිටියේ, "එහි මූලික නූතන මූලාශ්‍රයන් සිය විසිත්ත කාමරයන්හි රූපවාහිනී තිරයන් මත දකින මානව හිමිකම් කඩවීම් වලට විරුද්ධ වන සාමාන්‍ය මිනිසුන් හා ගැහැණුන්ගේ සහ රාජ්‍යත නොවන සංවි්ධානයන්ගේ පරලට තිචාරයන් තුලින් සොයාගත හැක" යනුවෙනි.
කථාකිරීමේ නිදහස, සමාගමයේ නිදහස සහ වෙනත් බොහෝ පුද්ගල අයිතිවාසිකම් විසින් ජනතාවට හමුවීමට, සාකච්ඡා කිරීමට, විවේචනය කිරීමට සහ සිය රජයන් පිලිබඳ කථාබස් කිරීමට ඉඩහසර නිර්මාණය කරදෙන අතර එමඟින් පරම ජාතන්ත්‍යන්තරවාදයේ පදනම නිර්මාණය වෙයි. සිය ජීවිත කෙරෙහි දේශපාලන බලය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබඳ අවධානයෙන් පසුවීම හා එම තත්වයන් වෙනස් කිරීම මඟින් සහභාගීවන පිරිස වැඩිවීම හේතුකොටගෙන ජනතාව කෙරෙහි නීතිය පිලිගතහැකි සුජාත එකක් බවට පත්කරවයි. වර්ධනය වූ දේශපාලන පක්ෂ, විවාද සමාජයන්, වෘත්තීය සමිති, මැදිහත් මාධ්‍යායතන, ව්‍යාපාර, පුණ්‍යායතන යනාදී සියල්ලම යහපත් සිවිල් සමාජයක අංගයන් වේ.