නීතිය සහ සාධරණත්වය

නීතිය සහ සාධරණත්වය අතර වෙනස ඉතිහාසයේ සිදු වූ අහම්බයකි. මධ්‍යය කාලීන යුගයේ දි එංගලන්තය පුරාවට රජුගේ නීති අධිකරණ බලාත්මක කරන ලදී. 13 වන සියවස අවසානයේ දී ක්‍රම ක්‍රමයෙන් අධිකරණ විසින් විභාගයට ලක්කරන හිමිකම් සහ විභාග කිරීම් හසුරුවන ක්‍රියා පටිපාටින් අත්හිටවනු ලැබීය. ඒ එකල නීතිමය හිමිකම් පරාසය ඉතා පටු වූ අතර නීති රීති අතීශය පීඩා කාරී වූ යෙන් පැමිණිලිකරුවන් ට ලෑබිය යුතු සහනයන් නොලැබුණු නිසාය.

කෙසේ නමුත් ශේෂ වූ අධිකරණ බල ලත් රජු හට පෙත්සමක් ඉදිරිපත් කර සහනයන් ලබා ගත හැකි වුවත් එවැනි පෙත්සම් රජුගේ කරුණාව සහ හෘද සාක්ෂිය සොයා යෑමක් ලෙස හඳුන්වනු ලැබීය. අවසානයේ දී මෙම පෙත්සම් විසඳීමේ කාර්්‍යයන් රජු විසින් රාජ සභාවේ අධිකරණ ප්‍රධානියා (චාන්ස්ලර්) හට පවරන ලදී. එකල චාන්සලර්වරයා පූජකයකු වූ අතර ඔහු රජුගේ පාපොච්චාරණය කරන්නා ද විය. වැඩි කල් නොගොස්ම ශ්‍රේෂ්ඨාධිකරණය, කිරීටයේ ලේඛන කටයුතු දෙපාර්තමේන්තුව අධිකරණ ව්‍යුහය බවට පත් වි චාන්සරි උසාවිය නමින් හැඳින් වීය.

15 වන සියවස වන විට චාන්සරි අධිකරණයේ අධිකරණමය බලය පිලිගන්නා ලදී. 16 වන සියවස දක්වා සාධාරණත්වය චාන්සලර් ගෙන් චාන්සලර්ට වෙනස් විය. 17 වන සියවසින් පසුව චාන්සලර් තනතුරට පත් කරණු ලැබුයේ නීතිඥයන් පමණි.

එංගලන්තයේ සාධාරණත්වයේ වර්ධනය සංස්කරණය

පළමු චාන්සලර්වරුන් තම හෘද සාක්ෂියට අනුව සහ සාදචාරාත්මක සහ සමානාත්මතාවයෙන් යුක්ත තීන්දු දිය යුතුය. මෙම තනතුරු සඳහා පැවිද්දන් තෝරා ගැනීමට යෝජනා වූයේ ඔවුන් ලිවීමට සහ කියවීමට හැකියා ව ඇති පන්තියකට අයත් වූ නිසාය.

චාන්සලර්වරුන් හට විධිමත් පුහුණුවක් නොමැති නිසා සහ පූර්වගාමී තීන්දු අනුගමනය නොකරන නිසාත් ඔවුන්ගේ තීන්දු විශාල ලෙස විවිධාකාර විය. කෙසේ වෙතත් 1529 දී ශී්‍රමත් තෝමස් මෝර් චාන්ස්ලර් තනතුරට පත්කරන ලද අතර එය නව යුගයක ඇරඹුමක් විය. මෙතැන් පටන් අනාගත සියලූම චාන්සලර්වරුන් නීතිඥයන් විය යුතු අතර 1557 සිට ඉදිරියට චාන්සරි අධිකරණයේ කටයුතු වාර්තා කිරීම ආරම්භ වී සාධාරණාත්මක මතවාද ගණනාවක අභිවෘද්ධිය සඳහා ඉවහල් විය. විවේචන ද දිගින් දිහටම එල්ල විය.

සාධාරණත්ව නීතිය වර්ධනයත් සමඟම එය පොදුනීතිය සමඟ ප්‍රතිවාදී සහ ඝට්ටනයන් හට ගැනීමට පටන් ගැනිණ. උසස් අධිකරණයේ (රාජ විනිශචය අංශයේ) ප්‍රධාන විනිසුරු ශී්‍රමත් එඩ්වඩ් කෝක් චාන්සරි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට සිරගත වූවන් නිදහස් කිරීම සඳහා අවශ්‍යය වන හබෙයාස් කෝපුස් රීට් ආඥාව නිකුත් කිරීම ඇරඹිණ.

අධිකරණ සංවිධාන පණත සම්මත කිරීමෙන් පසුව වර්තමානය දක්වා එය එංගලන්තයේ අධිකරණ ව්‍යුහයේ පදනම බවට පත්වූ අතර සාධාරණාත්මක සහ පොදුනීති සහනයන් සඳහා වෙනස් ක්‍රියා පටිපාටි තව දුරටත් අනවශ්‍යය විය. අධිකරණ සංවිධාන පණත මඟින් පොදු නීතියේ සහ සාධාරණත්වයේ පරිපාලනය සංයුක්ත වීම පමණක් සිදුවූවත් පොදු නීතියෙන් වෙනස් වූ සාධාරණත්වයේ නීතියක් තවමත් ඇත. ඒවා එකම අධිකරණ මඟින් ක්‍රියාත්මක කලද නීතියේ ශාඛා ත්‍රිත්වය වෙන් වෙන්ව පවතී. ගැටුමක් ඇති වූ අවස්ථාවක දී තවමත් සාධාරණත්වය ප්‍රමුඛ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=නීතිය_සහ_සාධරණත්වය&oldid=128233" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි