නිවර්තන සුළි කුණාටු
සුළි කුණාටුවක් යනු අඩුපීඩන මධ්‍යයක් සහිත ගිගිරුම් සහිත, දැඩි සුළං හා ජල ගැලීමවල් ඇති කරණ කුණාටු පද්ධතියකි. තෙත් වායුධාරා ඉහළට ගමන් කිරීමෙන් තාපය පිටවේ. ඒ හේතුවෙන් තෙත් වායූ ධාරාවේ ඇති ජලවාෂ්ප ඝනීභවණය වී නිවර්තන කුණාටු හටගනී. Noreaster යුරෝපීය සුළං කුණාටු සහ ධ්‍රැව කුණාටු වැනි උණුසුම් මාධයක් ඇති වෙනත් සුළිකුණාටු මෙන් නොව මෙම කුණාටු වර්ගය වර්ධනයට විවිධ තාප ක්‍රියාවළි උපකාරී වේ.
පෘථිවියේ නිවර්තන ප්‍රදේශයෙන් හටගැනීම හා වෙරළාශ්‍රිත නිවර්තන වායු ස්කන්ධ වලින් හට ගැනීම යන හේතු දෙක පදනම් කරගෙන මෙම කුණාටු විශේෂය හැඳින්වීමට " නිවර්තන" යන විශේෂණය යෙදී ඇත.
වාසුළි යන නම භාවිතාකරන්නේ උතුරු අර්ධ ගෝලයේදී වාමාවර්ත භ්‍රමණයකුත් දකුණු අර්ධගෝලයේදී දක්ෂිණාවර්ත භ්‍රමණයකුත් පෙන්නුම් කරන චණ්ඩ කුණාටු වලටය. මේවා හටගන්නා ස්ථානය හා එහි ශක්තිය අනුව කුණාටු හැඳින්වීමට විවිධ නම් යෙදේ. උදා:- සැඩ කුණාටු (හරිකේනී) ටයිපුන්, නිවර්තන කුණාටු, සයික්ලෝන් කුණාටු, නිවර්තන අවපීඩන.
නිවර්තන කුණාටු වලට අධික බලයක් සහිත සුළං හා අධික වර්ෂාපතනයක් ඇති කළ හැකිය. එසේම උසින් වැඩි මුහුදු රැළි හා හානිකර දියවැල් ද ඇති කිරීමටද හැකිය. මෙම කුණාටු විශාල උණුසුම් ජලස්කන්ධ වලින් හටගන්නා අතර ගොඩබිම දෙසට චලනය වීමේදී එහි ශක්තිය ක්‍රමයෙන් හීන වේ. එමනිසා කුණාටුවලින් වැඩි වශයෙන්අලාභ හානි සිදුවන්නේ වෙරලාශ්‍රීත ප්‍රදේශවලටය. රට අභ්‍යන්තරයට අධික සුළඟක් පමණක් ලැබී සාපේක්ව ආරක්ෂිත තත්වයක් ඇතිවිය හැක. එහෙත් අධික වර්ෂාපතනය හේතුවෙන් රට ඇතුළත ප්‍රදේශ වලට ගංවතුර තත්වය ඇතිවිය හැකිය. එසේම කුණාටුවෙන් ඇතිවන උස් රළ වෙරළ තීරයෙන් 4km පමණ දුරින් පිහිටි ප්‍රදේශ වලට අධික ජල ගැලීම් ඇති කිරීමට හේතුවේ. කුණාටු මිනිසාට හානිකර අයුරින් බලපෑවද නිවර්තන කුණාටු මඟින් නියඟ තත්වය පහකෙරේ. තාපය හා ශක්තිය නිවර්තන ප්‍රදේශවලින් ඉවතට ගෙන සෞම්‍ය දේශගුණික දේශාංශ වලට රැගෙන යාම නිසා ගෝලීය වායුගෝලීය සංචරණ ක්‍රියාවලියේදී කුණාටුවලින් වැදගත් කාර්යයක් ඉටු කෙරේ. ඒ අනුව නිවර්තන කුණාටු පෘථිවි පරිවර්තී ගෝලයේ සමතුලිතය පවත්වාගෙන යාමට උපකාරී වේ. සමහරක් නිවර්තන කුණාටු නිවර්තන ලක්ෂණ ලබා ගැනීමෙන්ද ඇතිවේ. මෙසේ හටගත් පද්ධතිය පරිවර්තී ගෝලයේ සුළං මඟින් චලනය වේ. වායුගෝලීය තත්ව සුදුසු ආකාරයෙන් දිගටම පැවතුනහොත් අවපීඩන තත්ව වර්ධනය වීමෙන් එය වාසුළි බවට පත්විය හැක. අනෙක් අන්තයෙන් සලකා බැලු විට වායූ ගෝලයේ තත්වය දුර්වල වනවිට පද්ධතිය දුර්වලවී එය විසිරීමකට ලක්වේ.
නිවර්තන කලාපීය වාසුළියක නිර්මාණයට අවශ්‍ය අංග
සංස්කරණය- කෝරියෝලිස් බලවේගය අවම අගයට වඩා තිබීම අවශ්‍ය වේ. එබැවින් කෝරියෝලිස් බලවේගය 0 වශයෙන් වාර්තා වන සමකයේ සිට උතුරු දෙසට සහ දකුණු දෙසට අක්ෂාංශ අංශක 50 ක කලාපය තුළ මෙම වාසුළි ඇති නොවේ. වාසුළි උපත ලබන්නේ උතුරු සහ දකුණු අක්ෂාංශ අංශක 5 - 20 අතර කලාපය තුළය.
- වාසුළි නිර්මාණය සඳහා විශාල උණුසුම් සාගර ජලතල තිබීම අවශ්‍ය වන අතර ගොඩබිමට සාපේකෂව ජල තලයේ උණුසුම වැඩිවිය යුතුය. නිවර්තන වාසුළියක් නිර්මාණය වීම සඳහා සෙන්ටිග්රේට් 270 ක අවම උණුසුමක් අවශ්‍යය වේ.
- වාතය පිට කිරීමක් හෝ ඇතුල් කිරීමක් නොවන ස්ථායි තත්වයක් තිබීම ද අත්‍යවශ්‍ය වේ.
- ආර්ද්‍රතා වාතස්කන්ධ වේ. එම වාත ස්කන්ධ කිලෝමීටර් 12 ක් පමණ උසට ගමන් කළ යුතුය. එහිදී සිදුවන ඝනීකරණ ක්‍රියාවලියෙන් ඉවත් වෙන ගුප්ත තාපය වාසුළියකට රුකුළක් වන අතර වාතස්කන්ධ තව දුරටත් ඉහළ නැගීමට ඉවහල් වේ.
- ඝර්ෂණ බලවේගය අවම තත්වයක තිබීම අවශ්‍යය වේ.
- වේගවත් ලෙස හමන සුළං ධාරා තිබීම අවශ්‍ය වේ.
- වාසුළි නිර්මාණයට නම් පහළ වායුගෝලීය මට්ටමේ දී සුළං අභිසරණයද, ඉහළ වායුගෝලීය මට්ටමේ දී සුළං අපසරණය ද සිදුවිය යුතුය.
නිවර්තන වාසුළියක ව්‍යුහය, ප්‍රමාණය සහ ක්‍රියාකාරීත්වය
සංස්කරණයනිවර්තන වාසුළියක සංසරණ ක්‍රියාවලියට තිරස් දීශාවට කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1000 ක් දක්වාද, සිරස් දීශාවට මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 15 ක් දක්වාද විහිදියයි. උතුරු අර්ධ ගෝලයේදී සුළං වමාවර්ථව භ්‍රමණය වන අතර දකුණු අර්ධ ගෝලයේදී දක්ෂිණාවර්ථව භ්‍රමණය වේ. හොඳින් වර්ධනය වු වාසුළියක කේන්ද්‍ර ඇස ලෙස හැඳින්වෙන අතර සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ සිට අරය කිලෝමීටර් 5 - 50 දක්වා වු වර්ග ප්‍රමාණයක පැතිර ඇත. එය වැසි රහිත වළාකුළු වලින් තොරවු පැහැදිලි කාළගුණයක් පවතින වෘත්තාකාර ප්‍රදේශයකි. ඇස තුළ 960 mb තරම් ඉතාමත් අඩු පීඩනයක් පවති. කිලෝමීටර් 15 - 18 ක් තරම් උසු වු සහ කිලෝමීටර් 10 - 15 ත් අතර පළල් වු ඝන වෘත්තාකාර වළා පවුරකින් ඇස වටවී ඇති අතර ඉතා තද වර්ෂාපතනයක් සහ දැඩි සුළං පවතින අයහපත් කාළගුණයක් යුතු ප්‍රදේශයකි.
නිවර්තන වාසුළියක් ප්‍රමාණයෙන් කිලෝමීටර් 600 ක් පමණ අර්ධ විශ්කම්භයෙන් යුක්ත වන අතර බොහෝවිට සිරස් දීශාවට කිලෝමීටර් 6 ක් පමණ ඉහළ මට්ටමක් දක්වා විහිදෙයි. එවන් වාසුළියක ජනිත වන චාලක ශක්තිය තප්පරයට අර්ගස් පමණ වන අතර මෙය දිනකට කීලෝවොට් 0.36 x 09(10) ක් පමණ වේ. නිවර්තන වාසුළි වල ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ අදහස් පලකර තිබේ. ඒ අතර, බෙංගාල බොක්කේ වාර්ෂිකව කුණාටු සහ අවපාත යන සංසීද්ධීන් 13ක් පමණ සිදුවන නමුත් වාසුළි ඇතිවීම විරලය. එනම් 1900 - 1980 දක්වා කාල පරිච්ඡේදය තුළ මෙම කලාපයේ උපත ලද වාසුළි සංඛ්‍යාව 25 ක් තරම් විශාල අගයක් වේ. මේ හේතුවෙන් මෙම වාසුළි ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවට ද බලපෑම් ඇති කරන ලදී.
නිවර්තන වාසුළියක ගමන්මග
සංස්කරණයනිවර්තව වාසුළියක් තම ජීවිත කාලය තුළ එකම ස්ථානයක රැදී නොසිට ගමනේ යෙදෙයි. උතුරු අර්ධ ගෝලයේ වර්ධනය වන නිවර්තන වාසුළියක් බටහිර හෝ වයඹ දීශාවට ගමන් කිරීමට පෙළඹවීමට හේතුව වනුයේ පෘතුවියේ භ්‍රමණයයි. මෙය දක්ෂිණා අර්ධ ගෝලයේදී බටහිරට හෝ නිරිත දිගට ගමන් කිරීම සිදුවේ. ගමනේ යෙදෙන නිවර්තන වාසුළි උතුරු අර්ධ ගෝලයේ දී වමාවර්ථව ද දකුණු අර්ධ ගෝලයේදී දක්ෂිණාවර්ථව ද ගමන් කරයි.
වාසුළියක ප්‍රබලත්වය ගොඩබිමක් තුළදී ක්‍රමයෙන් හීනවන අතර නැවත විශාල ජල කඳක් වෙත ගමන් කිරීමට අවස්ථාව ලද හොත් නැවත ප්‍රබලව වර්ධනය වීම ආරම්භ වේ.
සිතියම : නිවර්තන වාසුළියක ගමන්මග
නිවර්තන වාසුළියක් උපත ලබන කලාප
සංස්කරණයඋතුරු සහ දකුණු අක්ෂාංශ අංශක 8ත් 15ත් අතර නිවර්තන වාසුළි උපත ලබන ප්‍රධාන කලාප 07 ක් හඳුනාගෙන ඇත. එය සිතියමෙන් පැහැදලි වේ.
- උතුරු පැසිෆික් සාගරයේ බටහිර කලාපය
- උතුරු පැසිෆික් සාගරයේ නැගෙනහිර කලාපය
- නිරිතදිග පැසිෆික් සාගර කලාපය
- උතුරු ඉන්දියානු සාගර කලාපය
- උතුරු අත්ලාන්තික් සාගර කලාපය
- නිරිතදිග ඉන්දියානු සාගර කලාපය
- ගිණිකොණ ඉන්දියානු සාගර කලාපය
ශ්‍රී ලංකාව අයත් වන්නේ උතුරු ඉන්දියානු සාගර කලාපයටයි. අරාබි මුහුදෙන් සහ ඛෙංගාල බොක්කෙන් වාසුළි ශ්‍රී ලංකාව හරහා හමායයි. ඛෙංගාල බොක්ක ආශ්‍රිත වාසුළි 5 - 6 වාර්ෂිකව ඇතිවේ. සිතියම මගින් පැහැදලි වේ.
සිතියම : නිවර්තන වාසුළි හටගන්නා කලාප මුලාශ්‍රය : Department of Meteorology, 2001 දත්ත මත සමීක්ෂක විසින් සකසන ලදි.
වාසුළි පිළිබඳ නිරුක්තීන් හෙවත් ප්‍රදේශීය නාම
සංස්කරණයසමස්තයක් වශයෙන් ගත්විට නිවර්තන වාසුළි විවිධ කලාප වලට බලපායි. ඒ හේතුවෙන් විවිධ කලාපවල විවිධ නම් භාවිත කරයි. වගුව : වාසුළි වල ව්‍යවහාරික නම්
ප්‍රදේශීය නම් | කලාපය |
---|---|
හරිකේන් |
|
ටයිපූන් |
|
චණ්ඩ නිවර්තන වාසුළි |
|
නිවර්තන වාසුළි |
|
චණ්ඩ වාසුළි කුණාටු |
|
විලිවිලි |
|
වුතාන් |
|
බැගියෝස් |
|
මුලාශ්‍රය : 1997 (ජුනි), "භූගෝල විද්‍ය තොරතුරු කලාපය", කොළඹ විශ්ව විද්‍යාලය.