නිමි ඇඳුම් යනු පිලිගත් ඇඳුම් පරිමාණයන්ගෙන් යුතුව මසා නිමකරන ලද ඇඳුම් වෙළඳපොළේදී හඳුන්වනු ලබන නාමයයි. සමහර විලාසිතාගාරයන් හා මෝස්තර රචකයින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන කාර්මිකව නිපදවන ඇඳුම් නිර්මාණය කරන අතර සෙසු අය සීමා සහිත කාලයක් සඳහා පමණක් සීමා සහිත ඇඳුම් ප‍්‍රමාණයක් නිර්මාණය කරති. කුමණ ප‍්‍රමාණයෙන් නිෂ්පාදනය කළද මෙම ඇඳුම් ඒ වර්ගයෙන් ඇති එකම ඇඳුම් වෙයි.

මෙම නිමි ඇඳුම්වල ප‍්‍රතිපක්‍ෂය වන්නේ සේවාදායකයාගේ ඉල්ලීමට අනුව ඔහුගේ හෝ ඇයගේ නිවැරදිම මිනුම වලට අනුව නිර්මාණය කරනු ලබන ඇඳුම්ය. මෙසේ එක් එක් සේවාදායකයා වෙනුවෙන් වෙනමම නිර්මාණය කරනු ලබන පිරිමි ඇඳුම් සම්බන්ධයෙන් ලන්ඩනයේ සැවිලේ රෝවීදිය කීර්තියක් උසුලයි. නමුත් මෙවැනි ඇඳුම් මැසීමේ දක්‍ෂයින් සම්බන්ධයෙන් නම් වඩාත් ප‍්‍රචලිතව ඇත්තේ නේපල්ස්, රෝමය සහ මිලාන් යන නගරයන්ය. Kiton, Oxxford Clothes සහ Cesare Attolini ආදියද නිමි ඇඳුම් නිර්මාණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටිති. පිරිමින්ගේ කමිස සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන පැරීසියේ පිහිටි ආයතනය නිමි ඇඳුම් මෙන්ම සේවාදායකයින්ගේ මිම්මට අනුව සුවිශේෂී ලෙස සැකසූ කමිස විලාසිතාවන්ද නිර්මාණය කරයි.

Chanel, Dior සහ Lacroix වැනි සුප‍්‍රකට කාන්තා ඇඳුම් නිර්මාණ ආයතනයන්ද නිමි ඇඳුම් මෙන්ම එක් එක් සේවාදායකයින් වෙනුවෙන්ම නිර්මාණය කරන ඇඳුම්ද ඉදිරිපත් කරති. සාමාන්‍යයෙන් නිමි ඇඳුම් වඩා ප‍්‍රායෝගික සහ අවිධිමත් වන අතර ඒවා නිෂ්පාදනය කිරීමේ කි‍්‍රයාවද වඩාත් කාර්මික ස්වරූපයක් ගනී. මේවා බොහෝවිට ප‍්‍රකට මෝස්තරයන්හි අනුකරණයන් ලෙසින් ඉදිරිපත් කෙරේ.

නිමි ඇඳුම් ඇඳුම් නිර්මාණ ආයතනයන් විසින් සිය නිමැවුම් වසරේ එක් එක් කාළයට ගැලපෙන ලෙස විලාසිතා සතිය ලෙසින් හැඳින්වෙන නිශ්චිත දින කිහිපයකදී හඳුන්වාදෙනු ලබයි. බොහෝවිට මෙවැනි අවස්ථාවන් වසරකට දෙවතාවක් පැවැත්වේ. ශරත් හා ගිම්හාන ඍතු සඳහා වන විලාසිතාවන් සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේද, හේමන්ත හා වසන්ත ඍතු සඳහා වන විලාසිතාවන් සැප්තැම්බර් මාසයේද ඉදිරිපත් කෙරේ. පැරිස්, ලන්ඩන්, මිලාන් සහ නිව්යෝර්ක් යන නගරවල ලෝකයේ වඩාත්ම සුප‍්‍රකට විලාසිතා සති පැවැත්වේ. කෙසේ නමුත් ලොස් ඇන්ජලීස්, ටෝකියෝ වැනි ප‍්‍රධාන නගරයන්ද සිය විලාසිතා සති සඳහා ලොවපුරා විශාල ප‍්‍රචාරයක් ලබාදෙනු ලබයි. කෙසේ නමුත් වැනි විශාල කීර්තිනාමයක් දිනා සිටින Kiton, Brioni, Cesare Attolini සහ Borrelli වැනි සමහර පිරිමි ඇඳුම් නිෂ්පාදකයෝ මේවාට ඉදිරිපත් නොවී අනගිතම රෙදි වර්ග යොදාගනිමින් සංකීර්ණ විචිත‍්‍රවත් අත්කම් සහිත තමන්ගේම වූ විලාසිතාවන් ප‍්‍රචාරය කරති. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ නිමි ඇඳුම් කට්ටලයක මිළ ස්වාධීන මැහුම් ශිල්පියකු විසින් නිම කරන සම්පූර්ණ ඇඳුම් කට්ටලයක මිළට සමාන වීම හෝ ඊට වැඩි වීමය.

"https://si.wikipedia.org/w/index.php?title=නිමි_ඇඳුම්&oldid=378834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි