නින්දෙහි අවස්ථාවන්

නින්දෙහි අවස්ථාවන්


ක්ෂණික අක්ෂි චලන සහිත නින්දේ නිර්ණායක ලෙස වේගවත් අක්ෂි චලන පමණක් නොව වේගවත් කුඩා විදුලි ප්‍රමාණ සහිත මොළයේ විද්‍යුත් ධාරා සටහන ද අයත් වේ. ක්ෂීරපායීන්ගේ අඩුම වශයෙන් කුඩා මාංශපේශී තානයද දැකිය හැක. මතකයේ තබාගත හැකි සිහින වැඩි වශයෙන් මෙම අවස්ථාවේදී ජනිත වෙයි.

වැඩිහිටි මිනිසකුගේ මුළු නිදිකාලයේ 75% - 80% පමණ වේගවත් අක්ෂිචලන සහිත නින්ද අන්තර්ගතය. වේගවත් අක්ෂි චලන රහිත නිද්‍ර අවස්ථාවේ සාපේක්ෂව සිහින අඩුවෙන් දක්නට ලැබේ. මෙම වේගවත් අක්ෂි චලන රහිත නින්දේ අවස්ථා 4 ක් අන්තර්ගතය. අවස්ථා 1 ස 2 සැහැල්ලු නින්ද ලෙසද අවස්ථා 3 ස 4 ගැඹුරු නින්ද (අඩු වේග - තරංග) ලෙසද හැදින්වේ. වේගවත් අක්ෂි චලන සහිත සහ මාංශ පේශි තානය නොමැති ක්ෂණික අක්ෂි චලන නින්දමෙන් නොව මෙහිදී අවස්ථා නිර්ණය කරනුයේ හුදෙක් මොළයේ ඇති වන විද්‍යුත් තරංග මතය. මෙම ක්ෂණික අක්ෂි චලන රහිත නිද්‍රා කාලයේ ගාත්‍රා චලන, Parasomnias, සහ සිහිනෙන් ඇවිදීම සිදුවෙයි.

කුඩා දරුවෙක් නිදාගෙන සිටින අයුරු

ක්ෂණික අක්ෂි චලන සහිත නින්දේ නිර්ණායක ලෙස වේගවත් අක්ෂි චලන පමණක් නොව වේගවත් කුඩා විදුලි ප්‍රමාණ සහිත මොළයේ විද්‍යුත් ධාරා සටහන් ද අයත් වේ. ක්ෂීරපායීන්ගේ අඩුම වශයෙන් කුඩා මාංශපේශී තානයද දැකිය හැකිය. මතකයේ තබාගත හැකි සිහින වැඩි වශයෙන් මෙම අවස්ථාවේදී ජනිත වෙයි.


බළල් පැටවුන් නිදාගන්නා ආකාරය

වැඩිහිටි මිනිසකුගේ මුළු නිදිකාලය තුළ 75% - 80% පමණ වේගවත් අක්ෂිචලන සහිත නින්දක් අන්තර්ගතය. වේගවත් අක්ෂි චලන රහිත නිද්‍රා අවස්ථාවේදී සාපේක්ෂව සිහින අඩුවෙන් දක්නට ලැබේ. මෙම වේගවත් අක්ෂි චලන රහිත නින්දේ අවස්ථා 4 ක් අන්තර්ගතය. අවස්ථා 1 සහ 2 සැහැල්ලු නින්ද ලෙසද අවස්ථා 3 සහ 4 ගැඹුරු නින්ද (අඩු වේග - තරංග) ලෙසද හඳුන්වයි. වේගවත් අක්ෂි චලන සහිත සහ මාංශ පේශි තානය නොමැති ක්ෂණික අක්ෂි චලන නින්ද මෙන් නොවෙයි. මෙහිදී අවස්ථා නිර්ණය කරනුයේ හුදෙක් මොළයේ ඇති වන විද්‍යුත් තරංග මතය. මෙම ක්ෂණික අක්ෂි චලන රහිත නිද්‍රා කාලයේ ගාත්‍රා චලන, Parasomnias, සහ සිහිනෙන් ඇවිදීම සිදුවෙයි.

මෙම නිද්‍රා අවස්ථාවන් තුළ චක්‍රීයව වෙනස්වන රටාවන් නිරීක්ෂණය කර ඇත.

නිද්‍රා අවස්ථා NI හිදී සාමාන්‍ය අවදි වී සිටින මිනිසුන් තුළ ඇති X කිරණවල (සංඛ්‍යාතය 8 – 13 Hz) සිට theta තරංගවලට පරිවර්තනය වෙයි. (සංඛ්‍යාතය 4 – 7Hz) ඇතැම්විට මෙම අවස්ථාව නිදි මත ලෙස විග්‍රහ කෙරේ. මෙම අවස්ථාව ආරම්භයේදී ක්ෂණික ගැස්සීම් හා නිද්‍රා චලන ඇති විය හැකිය. ඇතැම් පුද්ගලයන් හට කරදරකාරී නිද්‍රා මායා දර්ශනද අත්දැකීමට සිදුවේ. මෙම NI අවස්ථාවේදී පුද්ගලයාගේ පේශී තානයද යම්තාක් දුරට බාහිර පරිසරය පිළිබඳව ඇති අවබෝධයද අඩුවෙයි.

N2 අවස්ථාවට ආවේණික ලෙස නිද්‍රා තර්කූන් ද, K සංකරණයන් ද ඇතිවෙයි. මෙහිදී විද්‍යුත් මාංශ පේශී ග්‍රාහකයේ මැනිය හැකි මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාව අඩුවන අතර බාහිර පරිසරය පිළිබඳ ඇති සිහිකල්පනාව මුළුමනින්ම නැති වෙයි. මාංශපේශී ක්‍රියාවන්ගේ වෝල්ටීයතාවය අඩුවන අතර මුළු නින්දේ 45% - 55% පමණ N2 අවස්ථාව ඇතුළත්වෙයි.

N3 අවස්ථාව - ඩෙල්ටා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% අඩු ප්‍රමාණයක් නිරූපණය කරයි. මෙය ගැඹුරු නින්දේ කොටස් වන අතර N4 අවස්ථාවට සංක්‍රාන්ති සමයක් ලෙස හඳුන්වයි. නින්දේ කථා කිරීම, ත්‍රාසජනක සිහින දර්ශනය, නින්දේදී මුත්‍රා පිටවීම ආදී ක්‍රියාවන් N3 අවස්ථාවේදී සිදුවේ.

N4 අවස්ථාව - මෙහිදී ඩෙල්මා තරංග (0.5 – 4 Hz) මුළු තරංගවලින් 50% කට වැඩි ප්‍රමාණයක් නිරූපණය කරයි. අවස්ථා N3, N4 නින්දේ ගැඹුරු අවස්ථාවෙයි. ඩෙල්ටා තරංග වැඩි වශයෙන් ඇතිවන N4 අවස්ථාව N3 අවස්ථාවේ ගැඹුරු අනුවාදයක් ලෙස හදුන්වාදිය හැකිය. අක්ෂි චලන සහිත නින්ද සහ අක්ෂි චලන රහිත නින්දේ 3, 4 අවධීන්හි සමතුලිතතාවයක් පවතී. එමනිසා එම අවස්ථා එකක් අඩුවුවහොත් නැවත නින්ද ලැබුණු පසු එම අඩු වූ ප්‍රමාණය ලබා ගැනීමට උත්සාහ දරයි. එමනිසා මෙම අවස්ථා දෙකම නින්දේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන බව පැහැදිලි වෙයි.

සටහන් සංස්කරණය

Stages of sleep
"https://si.wikipedia.org/w/index.php?title=නින්දෙහි_අවස්ථාවන්&oldid=472217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි