නින්දගම
ලංකාවේ විශේෂයෙන් මහනුවර යුගයේ දී රජු විසින් තෝරාගත් ප්‍රධානීන් සහ රජුට පක්ෂපාතීව සේවය කළ පරපුරු වෙතට භුක්ති විදිනා ලෙසින් පවරා දෙන ලද්දා වූ සුවිශාල ඉඩම් හෝ ගම් නින්දගම යනුවෙන් හඳුන්වයි. නින්දගමක රදළ ප්‍රධානීන් ලද විශේෂිතම වරප්‍රසාදය වන්නේ වැඩිවියට පත් කාන්‍යාවන්ගේ පළමු මංගල රාත්‍රියේ අයිතිය නම් විරිතයි.බ්‍රිතානය යුගයේ මඩුවන්වෙල නින්දගම(මඩුවන්වෙල වලව්ව)සහ කෝට්ටේ යුගයේදී කළුතර තුඩුගල තෙන්නකෝන් ධර්මසේන පරපුරු ලත් නින්දගම් (පොතුපිටිය වලව්ව ) ආශ්‍රිතව (තුඩුගල වීදාගම යකුන්දූව සහ වස්කඩුව) මෙම විරිත විශේෂ නීතියක් ලෙසින් දහනවවන සියවස ආරම්භය දක්වාම පැවත ඇත. නින්ද නොහොත් පළවන රාත්‍රියේ අයිතිය සඳහා වරප්‍රසාද ලත් භූමියේ නාමයෙන් මෙම භූමිය නින්දගම වූ බව විද්වතුන්ගේ මතයයි.