නැසී ගිය හරප්පා වරු

නැසී ගිය හරප්පා වරු


ක්‍රිස්තු පූර්ව 1800 පමණ වන විට මොවුන්ගේ පරිහානියේ ලක්ෂණ පහළ කොට තිබුණි.ක්‍රි.පූ.1700 පමණ වන විට බොහොමයක් නගර ද අතහැර දමනු ලැබිණි.නමුත් පසු කාලීනව ඇති වූ ශිෂිටචාරයන්හි පවා ඉන්දු නිම්න ශිෂිටචාරයේ ගති ලක්ෂණ ඇති බව පෙනෙන්නට තිබුණි. හමු වී ඇති සාධක අනුව ඔවුන් (ක්‍රි.පූ.1000 - 900) ත් අතර කාළයේ දක්වා පරිහනියට පත්වෙමින් ජීවත් වී ඇත.නමුත් පුරාවිද්‍යාඥයන් අවධාරනය කර ඇත්තේ ලෝකයේ බොහෝ ප්‍රදේශ වලින් හමු වී ඇති සාධක අනුව දිගින් දිගටම මානව සංස්කෘතින් දියුණු වී ඇති බවයි.

මොවුන්ගේ ශිෂ්ටාචාරය ක්ෂය වීමේ එක් සධකයක් වූයේ පෘථිවියේ දේශගුණය වෙනස් වීම යන කාරණයයි.මෙය එම ශිෂ්ටාචාරයේ අවට පිහිටි අනෙකුත් කුඩා ශිෂ්ටාචාර වලට ද දැඩි ලෙස බල පෑවේය.මෙම ප්‍රදේශයේ දේශගුණය සැලකිය යුතු ප්‍රමණයකින් සීතල හ වියළි බවට පත් විය.(ක්‍රි.පූ. 1800 පමණ ) මෝසම් සුළං වල වෙනස් වීම මත මෙසේ සිදු විය. මේ හේතුවෙන් Ghaggar Hakra ගඟේ ජලය අඩු වීම නිසා මිනිස් අවශ්‍යතවන්ට ජලය හිඟ විය.ඇති වුණු භූ චලන හේතුවෙන් ද (Ganges) ගැන්ජීස් තැනිතලවේ විසුවන්ට හානි ඈති විය. මෙම සියළු පාරිසරික වෙනස් වීම් නිසා Ghaggar Hakra නදිය අසබඩ තිබූ සියළු ජනාවාස අවිනිශ්චිත තත්වයට පත් විය.මේ ආදී වූ කරුනු නිසා ඉන්දු නිම්න ශිෂ්ටචරය බිඳ වැටිනි.

දායාදය (උරුමය )

ඉන්දු නිම්න ශිෂ්ටචරය පරිහානි වීමෙන් පසු කුඩා ප්‍රාදේශීය ජනාවාස බිහි විය. හරප්පා නගරයේ වැළලුණු පෞරාණික දේවල් සොයා ගැනීමට හරප්පවේ සොහොන් බිම් සංස්කෘතියක් තිබූ බවට සාධක එමටය.තවද (Ochre) වර්ණ ගන්වන ලද මැටි මඳුන් කර්මාන්තය ද දියුණු මට්ටමක තිබූ බවට සත්‍යයකි.

"https://si.wikipedia.org/w/index.php?title=නැසී_ගිය_හරප්පා_වරු&oldid=471458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි