නැවත සාමාජගතකිරීම

නැවත සාමාජීකරණය

නැවත සමාජීකරණ ආයතන සිරකුටියක්

නැවත සමාජීකරණය යන්නෙන් අදහස් කරනුයේ මානසික හා චිත්තවේගී ක්‍රියාවලිය සමඟ සම්බන්ධ සමාජ විද්‍යාත්මක සංකල්පයකි. පුද්ගලයෙකු නැවත පුරුදු පුහුණු කිරීම සහ එමඟින් ඔහුට හෝ ඇයට හුරු පුරුදු පරිසරයට වඩා වටපිටාවක ක්‍රියාකරන්නට හැකියාව ලැබේ. සමස්ත ආයතනික වශයෙන් සිදු කෙරෙන නැවත සමාජීකරණය පූර්ණ වශයෙන් එවන් පුද්ගලයෙකුගේ පෞරුෂයේ වෙනසක් ඇති කිරීමට බලපායි. නැවත සමාජීකරණීය ක්‍රියාවලියට ඇතුළත් කළ හැකි හොඳම උදාහරණය නම්, යුධ හමුදා බලකායන්ට අලුතින් බඳවා ගැනීම සහ එම නිසා ඔවුනට යුධ සෙබළුන් වශයෙන් ක්‍රියා කිරීමට හැකියාව ඇත යන්නයි. (හෝ අනෙක් වචනයෙන් කිවහොත් එකට බැඳුණු ඒකකයක සාමාජිකයන් ලෙස) මෙන්ම යුධ හමුදාවෙන් නිදහස් වී නැවත සමාජයට පැමිණ, එවැනි භූමිකාවන්වලට හැඩ ගැසී ඇති අයට එම ක්‍රියාවලියන් අවලංගු කිරීමට ද හැකියාව ඇත.


සමස්ත ආයනයෙහි අරමුණ වන්නේ සමාජීකරණයයි. ඔවුනගේ වටපිටාව පරීක්ෂාකාරී ලෙස හැසිරවීම තුළින් මූලිකව නේවාසිකයන්ගේ පෞරුෂය වෙනස් කිරීම සිදු කරයි. සමාජීකරණය කොටස් 2 කින් යුත් ක්‍රියාවලියකි. පළමුව ආයතනයේ කාර්යය මණ්ඩලය නේවාසිකයන්ගේ අනන්‍යතාවය හා ස්වාධීනත්වය ක්‍රමයෙන් නැති කිරීමට උත්සාහ කරයි.

අනන්‍යතාවයන් නැති කිරීමට ගන්නා උපක්‍රමයන් අතර තනි පුද්ගලයන්ට පුද්ගලික අයිතීන්වලට අවනත වීමට කරන බලපෑම්, නිල ඇඳුමක් ලබා ගැනීම , කොණ්ඩය කපා ගැනීම සහ හොඳ ප්‍රමිතියෙන් යුත් ඇඳුම් ඇඳීම ඇතුළත් වේ. ගැති නේවාසිකයන් විසින් අවමාන කිරීමෙන් සහ අවමානයට ලක් වූ ක්‍රියා මාර්ග නිසා නිදහස නැති කෙරේ. උදාහරණ වශයෙන් නීති විරෝධී ලෙස ආයුධ හෝ මත්ද්‍රව්‍ය නිසා පරීක්ෂාවන්ට ලක් කිරීම, ඇඟිලි සලකුණු සහ නේවාසිකයන්ට අනුක්‍රමික අංක හෝ ඔවුන්ට දෙන ලද නම්වලට ආදේශ කිරීමට සංකේත නාමයන් නියම කිරීම දැක්විය හැකිය. නැවත සාමාජීකරණයේ කොටස වූයේ වෙනස් වූ පෞරුෂයන් ගොඩනැඟීමට ක්‍රමානුකූල උත්සාහයන් ගැනිමයි. මෙය සාමාන්‍යයෙන් සිදු වූයේ ත්‍යාගයක් පිරිනැමීම හෝ දඬුවමක් තුළිනි. පොතක් කියවීමට, රූපවාහිනිය නැරඹීම හෝ දුරකථන ඇමතුමක් ලබා ගැනීමේ අවසර ලබා ගැනීමේ වාසිය අනුකූලතාව සඳහා බලවත් අභිප්‍රේරණයක් විය. මෙම අනුකූලතාවය ඇති වනුයේ අධිකාරී සැලසුම් බලාපොරොත්තු ආකාරයට අනුරූප වන ලෙස තනි පුද්ගලයන් ඔවුන්ගේ හැසිරීම වෙනස් කර ගන්නා අවස්ථාවේ දී හෝ විශාල කණ්ඩායමක අරමුණු ආකාරයට එලෙස සිදු වන අවස්ථාවේ දීය.


නැවති සමාජීකරණ වැඩ සටහන්වලට පුද්ගලයන් දෙදෙනකු සමාන ස්වරූපයකින් පිළිතුරු සපයා දී නැත. සමහර නේවාසිකයන් පුනරුත්ථාපනය වී ඇති බව සොයා ගැණුනු අතර සමහරෙක් වේදනාකාරී හා අමිහිරි අත්දැකිම්වලට මුහුණපා තිබෙන්නට ඉඩ ඇත. එලෙසම දැඩි ලෙස පාලනය කෙරුණු පරිසරයක් මෙමඟින් ඇතිවීමෙන් පුද්ගලයෙකුට අවශ්‍ය තීරණ ගැනීමට ඇති හැකියාව මෙන්ම, නිදහස්ව ජීවත් වීමට ඇති හැකියාව විනාශ වීයාමට හැකිය. මෙය ආයතනීකරණය ලෙස හඳුනාගෙන තිබේ. මෙම සමස්ථ ආයතනයන්හි ඍණාත්මක ප්‍රතිවිපාකය වනුයේ තනි පුද්ගලයෙකු පිටත ලෝකයේ කාර්යක්ෂම ලෙස කටයුතු කිරිමේ හැකියාවෙන් වැළකීමයි.

එක් ස්ථානයක කවදාවත් හැසීරී නැති හෝ සමාජශීලී ලෙස හැසිරි නැති හෝ දිගු කාල සීමාවක් එලෙස හැසිරීමට අවශ්‍ය නොවූ පුද්ගලයන් හෝ අතර නැවත සමාජීකරණය,ප්‍රත්‍යක්ෂ වශයෙන් සිදු වේ. උදාහරණ වශයෙන් ප්‍රචණ්ඩකාරී දරුවන් (කවදාවත් සමාජශීලී ලෙස නොහැසුරුණු) හෝ හුදකලා රැදවුම්වල සිටින නේවාසියන් ඇතුළත් කළ හැකිය.

නැවත සමාජීකරණය යාව ජීව ක්‍රියාවලියකි. වැඩහිටි සමාජීකරණය බොහෝ විට යම් පුද්ගලයෙකු හැදුණු වැඩුණු සංස්කෘතිය සම්බන්ධ සම්මතයන් හා වටිනාකම්වලට වඩා බොහෝ වෙනස් වූ සම්මතයන් හා වටිනාකම් ඉගැනීම් ඇතුළත් වේ. මෙම ක්‍රියාවලිය බොහෝ විට ස්ව කැමැත්තෙන්ම සිදු වේ. වර්තමානයේ යුධ හමුදාමය කටයුතුවලට සහභාගී වීම ස්ව කැමැත්තෙන්ම නැවත සාමාජීකරණයට උදාහරණයක් ලෙස හැඳින්විය හැකිය. හමුදාවට සම්බන්ධ සම්මතයන් හා වටිනාකම් සාමාන්‍ය සිවිල් ජීවිතයට සම්බන්ධ සම්මතයන්ට වටිනාකමවලට වඩා වෙනස් වේ.

සමාජ විද්‍යාඥයෙකු වන අර්වින් ගොෆ්මන් මානසික ව්‍යුහය තුළ නැවත සමාජීකරණය පිළිබඳ අධ්‍යයනය කරනු ලැබීය. ඔහු මානසික ව්‍යුහයන් සමස්ථ ආයතනයක් ලෙස වර්ගීකරණය ලැබුවේය. එමඟින් නේවාසික ජීවිතයන්වල අංග පාලනය කරනු ලබනවා සේම ආයතනයේ අරමුණු ආරක්ෂා කර ගැනීමට ගණනයන් ද කරනු ලැබේ. උදාහරණයක් ලෙස ආයතනයක රෝගීන් සමහර නීතීන්ට අනුකූල වී ඇති බවට එම පුද්ගලයන් එය ස්ව කැමැත්තෙන්ම අවශ්‍ය නැති වූවන් ලෙස අපේක්ෂා කරනු ලබයි.


සටහන් සංස්කරණය

 



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Resocialization

"https://si.wikipedia.org/w/index.php?title=නැවත_සාමාජගතකිරීම&oldid=174345" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි