නැනෝ ඉංජිනේරු විද්‍යාව

නැනෝ ඉංජිනේරු විද්‍යාව

නැනෝඉංජිනේරුවිද්‍යාව යනු ඉංජිනේරුවිද්‍යාවේ නැනෝ පරිමාණයේ යෙදීමයි. එහි නාමය සෑදී ඇත්තේ නැනෝමීටර යන, මීටරයකින් බිලියනයකින් එකකට සමාන වන මිනුම් ඒකකය ආශ්‍රයෙනි. නැනෝඉංජිනේරුවිද්‍යාව, නැනෝතාක්ෂණය හා ඉතා සමීප සම්බන්ධතාවක් පවතී.

ක්‍රමවේදයන්

• ගල්වල කැටයම් කර මුද්‍රණය කිරීම(Photolithography) ආලෝකය භාවිතා කර රසායනික ද්‍රව්‍යවල මෝස්තර සෑදීම හා ඉන්පසු පෘෂ්ඨය නිරාවරණය කරගැනීම සඳහා නිරේඛණය(etching) කිරීම.

• ඉලෙක්ට්‍රෝන කදම්බයක් ආධාරයෙන් ගල්වල කැටයම් කර මුද්‍රණය කිරීම(Electron beam lithography) මෙය Photolithography වලට බොහෝ සෙයින් සමාන වන අතර මෙහිදී ආලෝකය වෙනුවට ඉලෙක්ට්‍රෝන කදම්බයක් යොදාගනී.

• Scanning tunneling microscope (STM) මෙය අනුරූපනය කිරීම හා පරමාණුවක් වැනි ඉතා කුඩා ව්‍යුහයන් මෙහෙයවීම සඳහා යොදා ගත හැක.

• අණු ස්වයං-බන්ධනය(Molecular self-assembly) අභිමත DNA අනුපිළිවෙලවල් විශාල ලෙස අඩු වියදමකින් සංස්ලේෂණය කල හැකි අතර ඒවා ප්‍රෝටීන හෝ ක්‍රමවත් ඇමයිනෝ අම්ල රටාවන් නිර්මාණය කිරීමට යොදාගත හැකිය.එලෙසම DNA දාමයන් අනෙකුත් DNA දාමයන් හා එකිනෙක බැඳීම මගින් සරල ව්‍යුහයන් ද නිර්මාණය කල හැක.