නාසි විසින් යුදෙවුවන් සමූලඝාතනය කිරීම
සමූල ඝාතනය යනු සාමාන්‍යයෙන්,දෙවන ලෝක යුද්ධය අතරතුර දී ඇඩොල්ෆ් හිට්ලර් මඟින් අණ දුන් ජර්මනියේ ජාතික සමාජවාදී ආධිපත්‍ය මඟින් සැලසුම් කර ක්‍රියාවට නැංවූ සමුච්ඡේදන වැඩසටහන්හි කොටසක් ලෙස මිලියන 6ක පමණ යුරෝපීය යුදෙව්වන් ඝාතනය කිරීම විස්තර කිරීමට යොදා ගන්නා වදනකි.
රෝම, සෝවියට් (යුද්‍ධයේ සිරකරුවන්) , ජාති වාදී ධ්‍රැව, අනෙකුත් ස්ලේවික් මිනිසුන්, ආබාධිතයින්, සමලිංගික මිනිසුන්, දේශපාලනික හා ආගමික විරුද්ධවාදීන් ඇතුළත්ව අනෙකුත් කණ්ඩායම් ජර්මානු ආධිපත්‍ය විසින් ඝාතනය කරන ලදී. බොහොමයක් රාජ්‍ය මෙම කණ්ඩායම් සමූල ඝාතනය යන්න අර්ථ දැක්වීමට ඇතුළත් කර නොගන්නා අතර ඔවුන් එය අර්ථ දක්වන්නේ යුදෙව් සංහාරය හෝ නාසිවරු විසින් හඳුන්වන පරිදි යුදෙව් ප්‍රශ්නයට අවසාන විසඳුම ලෙස නාසි හිංසා කිරීම්වල සියලුම ගොදුරු සැලකිල්ලට ගත් කළ මරණ ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයක් දක්වා ඉහල ගොස් ඇති අතර ආසන්න වශයෙන් මුළු ගොදුරු ගණන මිලියන 9 සිට 11 දක්වා පරාසගත වේ.
වද දීම හා ඝාතනය කිරීම අදියර කිහිපයක් යටතේ සම්පූර්ණ වේ. සිවිල් සමාජයෙන් යුදෙව්වන් ඉවත් කිරීම සඳහා වූ ප්‍රවර්ධනය 2වන ලෝක යුද්ධය ආරම්භ වීමට වසරකට පෙර අක්‍රීය කරන ලදී. සාන්ද්‍රණ කඳවුරු ප්‍රකාශයට පත් වූ අතර පදිංචිකරුවන් අධික වැඩ ගැනීමෙන් හෝ ලෙඩ රෝගවලින් මරණයට පත් වන තෙක් වහල් සේවකයන් ලෙස සේවයෙහි යොදවා ගැනේ. තුන්වන ජර්මන් රාජ්‍යය නැඟෙනහිර යුරෝපයේ නව භූමියක් ආක්‍රමණය කිරීමෙන් පසුව එයින්සැට්ස්ගෘපේන් (Einsatzgruppen) ලෙසින් හැඳින්වූ විශේෂිත කණ්ඩායමක් විසින් යුදෙව්වන් හා දේශපාලනික ප්‍රතිවාදීන් මරා දමනු ලැබීය. යුදෙව්වන් හා රෝමානුවන් ප්‍රවාහන දුම්රියවලින් ඝාතනය කිරීමේ කඳවුරුවලට ගෙනයාමට පෙර යුදෙව් ජනාවාසවල තබනු ලැබීය. ඔවුන් ඔවුන්ගේ ගමන මරණයට ලක්වීමෙන් තොරව අවසාන කළ ද ඔවුන්ගෙන් වැඩි පිරිසක් ගෑස් කුටි තුළ දී මරණයට පත් වනු ලැබීය. ජර්මනි නිල තන්ත්‍රයේ සියළුම හස්තයන් මෙම සමූල ඝාතන ප්‍රවර්ධනය කිරීමට මැදිහත් වූ අතර එමඟින් ජර්මනිය එක් සමූල ඝාතන ප්‍රාඥයෙක් විසින් පවසා ඇති පරිදි මහජන සංහාර රාජ්‍යයක් බවට පරිවර්තනය විය.