නාරද මහා ස්ථරවියන් වහන්සේ වූකලී ථෙරවාද බුදුදහම ප්‍රචලිත කිරීමට ධර්ම ප්‍රචාරයෙන් මෙන් ම ඉංග්‍රීසි භාෂාවෙන් පොත්පත් රචනයෙන් සහ පරිවර්තනයෙන් ද දායක වූ ධර්ම විශාරද වූ හිමිනමකි. කොළඹ වජිරාරාමාධිපති ව ද උන්වහන්සේ වැඩ විසූහ. 1898 ජූලි 14 දින උපත ලැබූ අතර ගිහි නාමය වූයේ සුමනපාල පෙරේරා ය. 1983 ඔක්තෝබර් 2 [1] දින උන්වහන්සේ අපවත් වී වදාළ සේක.

නාරද මහා ස්ථවිර
නාරද මහා ස්ථවිරයන් වහන්සේ
ආගමBuddhism
ගුරුකුලයTheravada
පෙළපතAmarapura Nikaya
Narada
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලංකාව Sri Lankan
උපතජූලි 14, 1898(1898-07-14)
Kotahena, Colombo, Sri Lanka
මරණයOctober 2, 1983(1983-10-02) (වයස 85)
Senior posting
පදවියන්Mahathera

ජීවිතය සංස්කරණය

කොළඹ, කොටහේනේ මධ්‍යම පාංතික පවුලකට දාව උපත ලැබ අතර ශාන්ත බෙනඩික් විදුහලෙන් සහ සිලෝන් යුනිවසිටි කොලේජ් වෙතින් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පැවිදි දිවියට පිළිපන්නේ වයස අවුරුදු 18 දී ය.[1]

1929 දී උන්වහන්සේ ඉන්දියාවේ සමාත්[1] හි නව මූළගන්ධකුටි විහාරය විවෘත කිරීමේ උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අතර 1934 දී ඉන්දුනීසියාවට වැඩම කළේ වසර 450 කට අධික කාලයකින් පසු එරටට වැඩම කළ ප්‍රථම ථෙරවාද භික්ෂූන්වහන්සේ ලෙස ය.[2] එම අවස්ථාවේ දී බෝරෝබුදූර් විහාරයට ගිණිකොණ දෙසින් බෝධීන්වහන්සේ නමක් රෝපණය කළ අතර එදින, එනම් 1934 මාර්තු 10 දින එහි පිරිසක් මහණ කරවීම ද සිදුකළේ ය.[3] එතැන් පටන් උන්වහන්සේ තායිවානය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, සිංගප්පූරුව, ජපානය, නේපාලය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් රැසකට වැඩම කරමින් ධර්ම ප්‍රචාර කටයුතු සිදු කළහ. 1956 දී උන්වහන්සේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයට ද වැඩම කළ උන්වහන්සේ එක්සත් ජනපදයේ වොෂින්ටන් ස්මාරකය පරිශ්‍රයේ දී මහා ජනකායකට දේශනාවක් ද පැවැත් වූහ. 1960 නොවැම්බර් 2 දින උන්වහන්සේ දකුණු වියට්නාමයේ Thích Ca Phật Đài පන්සලට බෝධීන්වහන්සේ නමක් ද වැඩම කරවූ සේක.

පියදස්සි මහා ස්ථවිරයන් වහන්සේ ඇතුලු තවත් එවැනි භික්ෂූන්වහන්සේ සමග උන්වහන්සේ 1960 ගණන්වල දී බණ සම්ප්‍රදායේ ධර්ම දේශනා ප්‍රචලිත කිරීමට ද දායක වූ අතර ශ්‍රී ලංකාවේ බටහිර පන්නයට හැඩගැසුණු මධ්‍යම පාංතික ජනතාවගේ දෛනික ජීවිතයට බෞද්ධ උගැන්වීම් සමීප කරවීමට ද කටයුතු කළහ.[4]

නාරද මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත කෘති සංස්කරණය

ආශ්‍රිත නාමාවලිය සංස්කරණය

  1. 1.0 1.1 1.2 Vihanage, Gunaseela. "Venerable Narada Maha Thera: A Biographical Sketch". Narada Felicitation Volume. BPS. සම්ප්‍රවේශය July 26, 2017.
  2. Ramstedt, Martin (2004). Hinduism in modern Indonesia: a minority religion between local, national, and global interests. Routledge. p. 49ff. ISBN 978-0415405980.
  3. "Buddhism in Indonesia". Buddhanet. සම්ප්‍රවේශය 4 May 2015. {{cite journal}}: Cite journal requires |journal= (help)
  4. Wickremeratne, Swarna (2006). Buddha in Sri Lanka: Remembered Yesterdays. State University of New York Press. p. 97. ISBN 978-0791468821.
"https://si.wikipedia.org/w/index.php?title=නාරද_මහා_ස්ථවිර&oldid=627596" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි