නාමකරණය
අතීතයේ සංයෝග හා මූල ද්‍රව්‍ය ලෙස රසායනික ද්‍රව්‍ය හරි ආකාරව බෙදා නොතිබුණත් අංශුවල පරමාණුකවාදයට පෙර මූලද්‍රව්‍ය නාමකරණය සිදුවිය. එය ඉගනීමෙන් පසුව බොහෝ රටවල් මූලද්‍රව්‍ය සදහා පවත්නා නම් භාවිතා කරන ලදී. (උදා - ගෝල්ඩ් , ම’කරි , අයන්) නමුත් පහසුව , භාෂාමය නිරවද්‍යතාව හා ජාතිවාදය නිසා සමහර මූලද්‍රව්‍යවල නම් සදහා විවිධ ජාතීන් වෙනස් නම් භාවිතා කරන ලදී. උදාහරණයක් ලෙස ජර්මනිය හයිඩ්‍රජන් සදහා Wesserstoff ලෙස ද ඔක්සිජන් සදහා Sauerstoff ලෙස ද භාවිතා කරන අතර ඉංග්‍රීසීන් හා සමහර රෝම ජාතික භාෂාවෙන් සෝඩියම් සදහා ‘නේට්‍රියම්’ද පොටෑසියම් සදහා ‘හේලියම්’ ද ප්‍රංශය , ග්‍රීකය හා පෝලන්ත ජාතකයන් නයිට්‍රජන් සදහා ‘ඇසෝට්’ ලෙස ද භාවිතා කරයි.
නමුත් අන්තර්ජාතික පහසුව සදහා ආදී රසායනික ද්‍රව්‍ය සදහාත් අළුතින් සොයාගන්නා ලද රසායනික ද්‍රව්‍ය සදහාත් වන අන්තර්ජාතික ඉංග්‍රීසි භාෂාවෙන් වූ නිල නාමකරණයක් වූ ‘ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යාව සදහා වූ අන්තර්ජාතික සංගමයෙහි (IUPAC)’ නාමකරණය භාවිතා වේ. මෙම සංවිධානය විසින් එක්සත් ජනපදයේ ‘ඇලුමිනියම්’ හා ‘සීසියම්’ ලෙස භාවිතා වන නම් සදහා ‘Aluminium’ හා ‘Cesium ’ ලෙස භාවිතා වන නම් සඳහා “ඇලුමිනියම්” හා “සෙ(යි)සියම්” ලෙස ද එක්සත් ජනපදයේ ‘සල්පර්’ ලෙස හදුන්වන ‘සල්ෆර්’ ලෙසට අප නියම කරන ලදී. කෙසේ නමුත් තොග වශයෙන් විවිධ රටවල් රසායනික ද්‍රව්‍ය විකිණීමේදී භාවිතා වන්නේ එම රටවල නාමයන්ය. ලතින් අකාරාදිය අනුව නම් නොකරන රසායනික නාමකරණයන් IUPAC නාමකරණයට අනුව කැපිටල් අකුරු නොවිය යුතුය. californium හෝ einsteinium මූලද්‍රව්‍ය වැනි නාම පදයකින් සාදන මූල ද්‍රව්‍යයක නම වුවත් මෙම නීතියට යටත්ය. සමස්ථානික ද , carnon –12 හෝ uranium 235 ලෙස ලියුවහොත් එයද කැපිටල් නොවිය යුතුය.
විසිවන සියවසේ දෙවනි අර්ධයේදී භෞතික විද්‍යාගාරවල සැළකිය යුතු ප්‍රමාණයෙන් පැවතීමට නොහැකි වන පරිදි ඉතා අඩු අර්ධ ජීව කාලයක් සහිත රසායනික මූලද්‍රව්‍ය න්‍යෂ්ටි නිපදවීමට හැකි විය. ගවේශකයා විසින්ම තෝරාගන්නා ලද IUPAC නාමයක් මේවාට ලබා දෙන ලදී. සමහර විටදී යම් පිරිසක් විසින් සොයා ගන්නා ලද මූලද්‍රව්‍යයක් සදහා මෙම ක්‍රමය මතභේදාත්මක විය හැක. මෙවැනි ගැටළුවක් නිසා පරමාණුක අංකය 104 හා ඊට වැඩි සමහර පරමාණු නාමකරණයේදී සැළකිය යුතු කාලයක් ප්‍රමාද විය. (මූල ද්‍රව්‍ය නාමකරණ මත භේදය පරිශීලනය කරන්න)
දහ නව වන සියවස අග භාගයේදී යම් ජාතිවාදී නාමකරණයක් නිසා මෙවැනි මතභේදකාරී තත්වයක් හටගන්නා ලදී. උදාහරණයක් ලෙස lutetium නම් කරන ලද්දේ ප්‍රංශයේ පැරීසිය මූලාශ්‍ර කරගෙනය. ජර්මනිය , ප්‍රංශයට නාමකරණ අයිතීන් අතහැර දැමීමට අකමැති විය. ජර්මනිය එයට cassiopeium ලෙසද බොහෝ විට නම් කරන ලදී. බ්‍රිතාන්‍යය niobium හි සැබෑ නම ‘නව ලෝකය’ යන මූලාශ්‍රය ඇති columbium බව සොයා ගන්නා ලදී. මෙය ඇමරිකානු ප්‍රකාශන මගින් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයන්ට පෙර ප්‍රචාරණය කරන ලදී.