නාගරික පුරා විද්‍යාව


නාගරික පුරා විද්‍යාව යනු පුරා විද්‍යාවේ උප ක්ෂේත්‍රයක් වන අතර මෙම ක්ෂේත්‍රය දිගු කාලයක් තිස්සේ මිනිසුන් වාසය කළ නඟරයන් ආශ්‍රිතව හමුවන අතීත ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂිත වූවකි. බොහෝ විට මෙවන් දිගු කාලීන මානව වාසස්ථානයන් ආශ්‍රිතව අතීතය සම්බන්ධව තොරතුරු රාශියක් සොයා ගැනීමේ හැකියාව පවතී.

මිනිසුන් තම ජීවිත කාලය පුරාම අපද්‍රව්‍ය. ඉවතලීම සිදු කරයි. මිනිසුන් විශාල ප්‍රමාණයක් රාශිගතව වාසය කරන ප්‍රදේශ ආශ්‍රිතව මෙසේ අපද්‍රව්‍ය විශාල වශයෙන් එක් රැස් වීම සිදු වේ. මෙවන් අපද්‍රව්‍ය අතරට මල ද්‍රව්‍යද, මුළුතැන්ගෙයින් ඉවතලන අපද්‍රව්‍ය , කැඩී බිඳී ගිය ද්‍රව්‍ය. ආදී වශයෙන් විශාල ද්‍රව්‍ය පරාසයක් අයත් වේ. මෙම අපද්‍රව්‍ය සියල්ල බැහැර කළ යුතු වන අතර සුළු මිනිසුන් පිරිසක් සඳහා මෙම අවශ්‍යතාවය ප්‍රදේශීයව සපුරාගත හැකි ‍‍වේ. කෙසේ නමුත් සෞඛ්‍යම ගැටළු මතු නොවන අයුරින් මෙසේ ප්‍රාදේශීයව අපද්‍රව්‍ය බැහැර කිරීම කළ හැකි වන්නේ සීමිත ජන සංඛ්‍යාවක් වාසය කරන අවස්ථාවන්හි දී පමණි. අදින් වසර 5000කට පමණ ඈත අතීතයේ පටන් මිනිසුන් විශාල සංඛ්යා වන් වශයෙන් එක්ව වාසය කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙසේ ප්‍රාදේශීයව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම, ක්‍රමයෙන් ප්‍රායෝගික ‍නොවන තත්වයට පත් විය. මේ හේතුවෙන් මෙවැනි විශාල ජනාවාස ප්‍රදේශයන් වෙත ද්‍රව්‍යක විශාල වශයෙන් ගෙන ඒම සිදු වූ නමුත් ඒවා එම ප්‍රදේශවලින් බැහැරට ගෙන යාම සිදු නොවූ තරම්ය.

19 වන සියවසේ ක්‍රමානුකූල ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම ක්ර මවේද නඟරාශ්‍රිත ප්‍රදේශයන්හි ප්‍රචලිත වීමට ප්‍රථම බොහෝ විට මිනිසුන් අපද්‍රව්‍ය තම නිවසින් බැහැරට විසි කිරීම හෝ තම ඉඩමේ වල දැමීම සිදු කරන ලදී. නඟර ‍සැලසුම්කරණ නීති හඳුන්වාදීමට ප්‍රථම මෙවැනි ජනාවාස ආශ්‍රිතව නිවාස කඩා වැටීම ඉතා සාමාන්‍ය සිදු වීමක් වූ අතර එවන් අවස්ථාවල දී එම නිවාස හිමිකරුවන් බොහෝ විට කඩා වැටුණු නිවසින් තවදුරටත් ‍ප්‍රයෝජනයට ගත හැකි ද්‍රව්‍ය වෙන් කොට ගෙන ඒවා ඇසුරින් කඩා වැටුණු නිවස මතම නව නිවස ගොඩනැඟීම සිදු කරන ලදී.

මෙම ගොඩනැගීම් ක්‍රමවේදය හේතුවෙන් යම් තරමක හෝ ‍ඉතිහාසයක් පවතින මධ්‍යම ප්‍රමාණයේ මානව ජනාවාසයක් පවා ගොඩනැඟී ඇත්තේ අතීතයේ කඩා වැටුණු සහ කඩා දමන ලද ගොඩනැඟිලි සමූහයක අවශේෂයන් මත වේ. මේ හේතුවෙන් මෙවන් ජනාවාස මුල් භූමි මට්ටමින් ඉහලට එසවුණු ‍ස්වභාවයක් පෙන්වන අතර ඒවා ‍එසේ ඉහලට එසවීමට හේතු වනුයේ ඒවාට යටින් තැන්පත්ව පවතින පුරා විද්‍යාත්මක අවශේෂයන් වේ. මෙම තත්වය වඩාත් පැහැදිලිව දැකගත හැකි වනුයේ නියර් ඊස්ට්හි පිහිටි ටෙල් වැනි පුරා විද්‍යාත්මක ස්ථානයන් ආශ්‍රිතව වේ. මෙහි දී වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් වාසය කළ ප්‍රදේශ අවට බිම් මට්ටමින් මීටර් ගණනාවක් ඉහලට එස‍වී තිබෙනු නිරීක්ෂණය කළ හැක.

මධ්‍යම යු‍ගයේ යුරෝපයේ පැවති ආකාරයෙන් බැම්මක් මඟින් වට කරන ලද ජනාවාසයන් හි දී ඒවා වටා පිහිටි බැම්ම මඟින් අපද්‍රව්‍ය ඉවතට යෑම වැළැක්වීම මඟින් මෙම ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීම සිදු විය. ‍



http://en.wikipedia.org/wiki/Urban_archaeology

"https://si.wikipedia.org/w/index.php?title=නාගරික_පුරා_විද්‍යාව&oldid=557986" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි