න්‍යෂ්ටීකරණ යනු කුඩා කලාපයක වන කලාප මාරුවීම. කලාප මාරුවීම ද්‍රවයකින් බුබුලු හෝ ස්ඵටික ඇතිවීමක් විය හැකිය. සංතෘප්ත වාෂ්පවල ද්‍රව බිඳිති ඇතිවීම හෝ සංතෘප්ත ද්‍රව තුළ වායුමය බුබුලු ඇති වීම ද න්‍යෂ්ටීකරණයෙහි ලක්ෂණයකි. ස්ඵටික හා අස්ඵටික ඝන ද්‍රව්‍යවල නිදහස් කොටස් න්‍යෂ්ටීකරණයේදී ද වැදගත් වේ. උදාහරණයක් ලෙස අර්ධ සන්නායක කර්මාන්තවල න්‍යෂ්ටීකරණය සාමාන්‍යයෙන් සිදුවන්නේ ද්‍රව හෝ වාෂ්ප අඩංගු මතුපිට වල්මත් වූ න්‍යෂ්ටීකරණ ප්‍රදේශවලදීය. අවලම්භනය වූ අංශු හෝ බුබුලු ද න්‍යෂ්ටීකරණ ප්‍රදේශ සපයයි. මෙය විෂමජාතීය න්‍යෂ්ටීකරණය ලෙස හඳුන්වයි. අපේක්ෂිත න්‍යෂ්ටීකරණ ප්‍රදේශයක් රහිතව සිදුවන න්‍යෂ්ටීකරණ ය සමජාතීය න්‍යෂ්ටීකරණය ලෙස හඳුන්වනු ලැබේ. සමජාතීය න්‍යෂ්ටීකරණය නිසඟව හා අහඹු ලෙස සිදුවන නමුත් ඒ සඳහා මාධ්‍ය අධිකව තාපවත් කිරීම හෝ සිසිලනය කිරීම අවශ්‍යය. න්‍යෂ්ටීකරණය , වළාකුළු ඇති වීම වැනි ක්‍රියාවලිවලදී හා බුබුලු කුටීරය හා වළාකුළු කුටීරය වැනි උපකරණවලදී ඇතුලත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=න්‍යෂ්ටීකරණ&oldid=249791" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි