1977 වන විට බණ්ඩාරනායකගේ සමාජවාදී ප්ර.තිපත්තිවලින් ඡන්ද දායකයින් හෙම්බත් වී සිටියහ. ජූනියස් ජයවර්ධන යටතේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකින් පසු නැවත බලයට පත් විය. ඔවුන්ගේ මැතිවරණ ප්රධකාශනයෙන් වෙළඳපොල ආර්ථිකයක් ඇති කරන බවත්, ධාන්ය කිලෝග්රෑයම් 8 ක් නොමිලේ දෙන බවටත් පොරොන්දු දුන්හ. ශ්රීප ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික පක්ෂ (ඔවුන් ඡන්ද ප්රේමාණයෙන් 40% ක් ලබා ගත් නමුත්) පාර්ලිමේන්තුවෙන් අතු ගා දැමුවාක් මෙන් විය. ද්රනවිඩ එක්සත් පෙරමුණ නම් අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ගේ නායකත්වයෙන් යුත් පක්ෂය නිල වශයෙන් විරුද්ධ පක්ෂය බවට පත් විය. මෙම තත්වය ශ්රීම ලංකා දේශපාලනයේ අනතුරුදායක ජනවාර්ගික භේදයක් නිර්මාණය කළේය.

පාර්ලිමෙන්තුවේ පනතක් මගින් බණ්ඩාරනායකගේ ප්රරජා අයිතිය අහිමි කරන ලදී. 1978 දී නව ආණ්ඩුක්රනම ව්යගවස්ථාවක් හඳුන්වා දුන්නේය. එයින් ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස පත් වුණු අතර ශ්රීු ලංකාව ප්රරජාතන්ත්රේවාදී සමාජවාදී ජනරජයක් බවට පත් විය. 1980 දී වෘත්තීය සමිති ව්යයපාරය මගින් මෙහෙය වූ මහා වැඩවර්ජනය ඔහු විසින් දරුණු ලෙස මැඩ පවත් වන ලදී. එම වර්ජනය මෙහෙය වූ නායකයින් සිරභාරයට ගනු ලැබිණි. කලවාන එක්සත් ජාතික පක්ෂ මන්ත්රීාවරයා ඔහුගේ තරඟකාරී පක්ෂය වූ කොමියුනිස්ට් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සමකින් ඉවත් කළ නමුදු එම මන්ත්රීූවරයාට දිගටම පාර්ලිමේන්තුවේ වාඩිවීමට ජයවර්ධන ඉඩ හැරියේය.

1977 දී රජය රජයේ පාලනය යටතේ තිබූ ආර්ථික ප්ර තිපත්තියද ආනයන ආදේශන වෙළඳ ප්ර7තිපත්තියද ඉවත් කොට වෙළඳපල මූලික ආර්ථික ප්රපතිපත්තිය හා අපනයන මූලික වෙළඳාමද හඳුන්වාදෙන ලදී. නිදහස් වෙළඳ කලාප විවෘත කිරීමද එයට ඇතුළත් වුණි. මෙම කළාපවලින් මහා පරිමාණ නිමි ඇඳුම් අපනයනය කිරීම අවධාරණය කෙරුණි. 1981 දී පැවැත් වූ පළාත් පාලන මැතිවරණය (යාපනයේදී) ඡන්ද පෙට්ටි ප්ර සිද්ධියේ පැහැර ගැනීම නිසා දුෂිත එකක් බවට පත් විය. ඉතා අගනා දුර්ලභ පොත් විශාල සංඛ්යා වක් තිබුණු භාණ්ඩාගාරයක් වැනි වූ යාපනය පුස්තකාලය දාමරිකයන් විසින් ගිණි තබන ලදී. මෙම දාමරිකයන් රජය සමග සම්බන්ධ අය යැයි චෝදනා නැගුණි.

ජනාධිපති ජයවර්ධන ජනාධිපතිවරණය වේලාසන පැවැත්වීම සඳහා 1982 දී ව්යපවස්ථාව සංශෝධනය කළේය. (එය ඔහුගේ අවුරුදු 10 ක සේවා කාලය තළ කළ සංශෝධන 13 න් එකකි) කිසිදු පාලනයකින් තොරව හිතුමතේ භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ දීමේ ප්ර තිපත්තියක් නිසා අන්ත දිළිඳු භාවයට පත් යාපනය ගොවීහු මැතිවරණයේ විරුද්ධ පක්ෂය අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බැකඩුව පිළිගත්තේ ළූනු වලින් කරන ලද මල් මාලා පළඳවමිණි.

විශාල වශයෙන් කෙරුණු මැතිවරණ දූෂණ ක්රිකයා මධ්යායයේ පැවති ජනාධිපතිවරණයේ ප්ර්ථිඵලය වූයේ ජයවර්ධන නැවතත් තේරී පත් වීමය. (හෙක්ටර් කොබ්බැකඩුව තමන්ගේ ඡන්දය ප්රවකාශය කිරීමට ඡන්ද පොළට ගිය විට ඔහුගේ ඡන්දය වෙනත් කෙනෙකු විසින් ප්රනකාශ කර තිබුණි) මින් පසුව ජයවර්ධන කළේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවුරුදු 6 කට කල් දැමීමට ඉල්ලා ජනමත විචාරණයක් පැවැත්වීමයි. කොබ්බෑකඩුවගේ සහචරයන් වූ T.B ඉලංගරත්න සහ විජය කුමාරතුංග වැනි අය නැක්සලයිට් චෝදනාව නගා සිර ගත කළහ. 'නැක්සලයිට්' යන වචනය ලංකාවේ ඊට පෙර හෝ පසුව පවා අසන්නට නොලැබුණු වචනයක් විය. ජනමත විචාරණය දූෂීත බව මැතිවරණ කොමසාරිස්වරයා ඔහුගේ වාර්තාවේ සඳහන් කළේය.

1983 දී දියාගෝ හර්ෂියා දුපතේ ඇමරිකාව විසින් හමුදා මූලස්ථානයක් පිහිටුවීමට එරෙහිව උද්ඝෝෂණයක යෙදුණු හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිනී විවියන් ගුණවර්ධනට පොලිසියේදී පහර දෙන ලදී. ඇයගේ මානව හිමිකම් ඉල්ලුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගන්නා ලදී. මෙම නියෝගය පැනවූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාගේ නිවෙස්වලට මැරයින් විසින් ගල් ගසන ලදී. විවියන්ට පහර දුන් පොලිස් නිලධාරියාට නියම කළ දඩය රජය විසින් ගෙවා එම නිලධාරියාට උසස් වීමක්ද පිරිනමන ලදී.





http://en.wikipedia.org/wiki/History_of_Sri_Lanka#New_constitution

"https://si.wikipedia.org/w/index.php?title=නව_ව්යනවස්ථාව&oldid=471915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි