නව පුවත්පත් කලාවේ ඉතිහාසය

වොල්ෆේ අන්විටින්ග්ලි විසින් ප්‍රථම වරට නව පුවත්පත් කලාවේ ශෛලියට අනුව හොට් රොඩ් කල්චර් (hot rod culture) නම් ඔහුගේ ප්‍රථම ලිපිය තම අදහස් සමඟ ඔහුගේ කතුවරයා වෙත ඉදිරිපත් කළේය. කතුවරයා විසින් එය මුද්‍රණය කොට ප්‍රචාරයට කටයුතු කළේය. ඔහුගේ එම ලිපියේ මුල්පිටපතේ පාඨය වූයේ , "There Goes That Kandy - Kolored Tangerine - Flake Streamline Baby Around The Bend"ය. පසුව එම පාඨය "The Kandy - Kolored Tangerine - Flake Streamline Baby" ලෙස පරිවර්තනය වූ අතර 1965 දී වොල්ෆේගේ නිකුත් වූ ප්‍රථම පාඨක ග්‍රන්ථයෙහි පාඨය වූයේද එයයි.

tiny globe
ගේ ටැල්සේ, ස්ටැන්ඩ් පොත්සාප්පුව, නිව්යෝක් නගරය, 2006.

නොර්මන් මේලර්, ජොඈන් ඩිජියන්, ඩැරල් බොබ් හුස්ටන්, ටෘමන් කැපොට්, ජෝර්ජ් පිල්ම්ප්ටන්, ටෙරී සවුතන් සහ ගේ ටැල්සේ යන මාධ්‍යවේදීන් විසින් නව ක්‍රම වේදය හඳුනාගනු ලැබීය. නව පත්‍ර කලාවේ සහ ගොන්සෝ (gonzo) පත්‍ර කලාවේ ප්‍රධාන වෘත්තිකයා ලෙස පෙනී සිටි හන්ටර් එස්. තොම්සන්, ඔහුගේම ක්‍රමවේදයක් අනුගමනය කළේය. ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වූයේ හෙල්ස් එන්ජල්ස් : ද ස්රේන්ජ් ඇන්ඩ් ටෙරිබල් සහ සාගා ඔෆ් ද අවුට්ලෝ මෝටර්සයිකල් ගැන්ග්ස්. එය ලෝක සම්මත නිබන්ධන වාර්තාකරණයේ පිවිසුම බවට පත් විය. ෆ්‍රෑන්ක් සිනැට්‍රා විසින් 1966 දී ශ්‍රීමතුන් වෙනුවෙන් රචිත ෆ්‍රෑන්ක් සිනැට්‍රා හැස් අ කෝල්ඩ් (Frank Sinatra Has a Cold), ලිපිය නව පත්‍රකලාවේ බලවත් විපර්යාසයක් කල ලිපි අතර ප්‍රමුඛ වේ.

නව පත්‍ර කලාවේදීන් විසින් වරින් වර නව ක්‍රමවේදයන් ඉදිරිපත් කලහ. සයිචෙඩෙලික් මොව්මන්ට් (psychedelic movement) , ද ඉලෙක්ට්‍රික් කෝල් - ඒඩ් ඇසිඩ් ටෙස්ට් (The Electric Kool –Aid Acid Test ) බොහෝ පත්‍ර කලාවේදීන් අතර මෙම වකවානුව තුළ කතිකා වූ පාඨයන්ය. තවද වියට්නාම් වොර් (Vietnam War) යනු තවත් මෙවැනි කතිකාවට භාජනය වූ දේශපාලන මාතෘකාවකි. ටෙරී සවුතන් (Terry Southern) සහ ගොරූවින්ග් ඉන් චී (Grooving In Chi) විසින් 1968 චිකාගොහිදී ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය නව පත්‍ර කලාවේදී ක්‍රමවේදයක් ලෙස එස්ක්වයර් මැගසින් (Esquire Magazine) සඳහා වාර්තාකරණය කලහ. එලෙසම සාම්ප්‍රදායික නිබන්ධන කෙරෙහිද ටෘමන් කැපොට්, නොර්මන් මේලර් වැනි පත්‍රකලාවේදීන් උනන්දු විය. කෙසේ වෙතත් දේශපාලන අස්ථාවරකම් වලදී කතෘවරුන් විවිධ ගැහැට වලට මුහුණ දීම සාමාන්‍ය සිදුවීමකි.


සටහන සංස්කරණය

New_Journalism History