නවීන පංචප්‍රයාමය

(නවීන පංච ප්‍රයාමය වෙතින් යළි-යොමු කරන ලදි)

නවීන පංචප්‍රයාමය, එකිනෙකට ඉතා වෙනස් ක්‍රීඩා ඉසව් පහකින් සමන්විත ඔලිම්පික් ක්‍රීඩාවකි. එම ක්‍රීඩා ඉසව් වන්නේ කඩු සටන්, 200m නිදහස් ආර පිහිනුම්, අශ්වාරෝහක සහ ඒකාබද්ධිත පිස්තෝල වෙඩි තැබීමේ හා 3200m රට හරහා දිවීමේ ඉසව්ව යන ඒවා යි. මෙම ක්‍රීඩාව 1912 වසරේ සිට ඔලිම්පික් තරඟාවලියේ හර ක්‍රීඩාවක් වන අතර 1949 වසරේ සිට ලෝක ශුරතාවලියක් ද පැවැත්වෙයි.

Pictogram

නියම වශයෙන් ක්‍රීඩාව සඳහා දින හතරක් හෝ පහක් ගතවන නමුත් වඩාත් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීම සඳහා 1996 දී එක් දින ආකෘතියක් හඳුන්වා දෙනු ලැබීය. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පැවති දීර්ඝ ඉතිහාසය තුළ, නවීන ඔලිම්පික් තරඟාවලියට එය එක්වීම සාධාරණීකරණය කිරීමට කිහිප අවස්ථාවක දී ම සිදු විය. 2013 පෙබරවාරි 11 ලොසේන් හිදී IOC විසින් නවීන පංචප්‍රයාමය 2020 දක්වා ඔලිම්පික් තරඟාවලියේ හර ක්‍රීඩා 25 අතුරින් එකක් ලෙසට නැවත වතාවක් තහවුරු කරන ලදී. පාලනාධිකාරිය වන Union Internationale de Pentathlon Moderne (UIPM) විසින් ලොව සියළු මහද්වීප වල රටවල් 90 කට වඩා ක්‍රීඩා කරනු ලබන මෙම ක්‍රීඩාවේ අන්තර්ජාතික පරිපාලනය සිදු කරනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=නවීන_පංචප්‍රයාමය&oldid=365656" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි