2015 නොවැම්බර්/දෙසැම්බර් සහ 2016 මාර්තු මාසයන් තුලදී, නවසීලන්ත රජය මගින් නවසීලන්ත ධජය පිළිබඳ ජනමතවිචාරණ දෙකක් පැවැත්විණි. පළමු ජනමතවිචාරණය වෙතින් අභිරුචිකර විකල්ප ධජය තෝරාගන්නා ලද අතර, දෙවන ජනමතවිචාරණය වෙතින් එය නවසීලන්තය විසින් අපත්යිකරණය කල යුතු දැයි නිශ්චය කෙරිණි.[1] පළමු ඡන්දය පැවැතියේ 2015 නොවැම්බර් 20 සහ දෙසැම්බර් 11 අතරතුර වන අතර, "නවසීලන්ත ධජය වෙනස් වන්නේ නම්, ඔබට අභිරුචි වන්නේ මෙහි කුමන ධජයද?" යන පැනය විමසන ලදි.[2] ප්රතිඵල පරිදී, කයිල් ලොක්වුඩ් විසින් නිර්මිත කළු, සුදු සහ නිල් රජත මීවන ධජය දෙවන ජනමතවිචාරණයට සුදුසුකම් ලැබූ අතර, 2016 මාර්තු 3 දින සිට 24 වන දින දක්වා පැවැති එහිදී ඡන්දදායකයන් වෙතින් ඉල්ලා සිටියේ, දැනට පවතින නවසීලන්ත ධජය සහ පළමු ජනමතවිචාරණයෙහිදී තොරාගනු ලැබුණු අභිරුචිකර විකල්ප සැලසුම අතර තම තේරීම ප්රකාශ කරන ලෙසයි. [3][4] මහජනයා විසින් මෙම ක්රියාවලිය පිළිබඳ විවේචනාත්මක ආකල්පයක් දැරූ අතර විශාල උද්යෝගයක් නොදැක්වූහ.[5][6][7]
නවසීලන්ත ධජය පිළිබඳ ජනමතවිචාරණ
|
---|
|
මත විමසුම් |
|
ඡන්දදායක කොට්ඨාශ අනුව ප්රතිඵලය |
|