නර්තන තරගාවලියක් යනු තරගකරුවන් විනිිසුරුවෝ ඉදිරියෙහි සම්මාන උදෙසා හෝ ඇතැම් අවස්ථාවල මුල්‍ය ත්‍යාග උදෙසා තම කුසලතාවයන් ප‍්‍රදර්ශණය කරන සංවිධානාත්මක කි‍්‍රයාදාමයකි. ප‍්‍රධාන නර්තන තරගාවලි කිහිපයක් ඇති අතර ඒවා නර්තන ශෛලීන් අනුව වෙනස් වේ. ප‍්‍රධානතම නර්තන තරගාවලි පහත දැක්වේ

තරගකාරී නර්තනය - ඇක්රෝ, බැලේ, ජෑස්, හිප් හොප් සහ ටැප් ඩාන්ස් වැනි බොහෝ වේදිකා නර්තනයෝ මේ සඳහා පිළිගැනේ. විවෘත තරගාවලි - මේ සඳහා පුළුල් පරාසයක නර්තන ශෛලීන් වලට අවස්ථාව ලබාදේ. ජනප‍්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන “සෝ යූ තින්ක් යූ කැන් ඩාන්ස්” මේ සඳහා උදාහරණ වේ

ක‍්‍රීඩානර්තන - මෙහිදී විශේෂයෙන්ම බෝල් රූම් හා ලතින් නර්තන භාවිතා වේ. ජනප‍්‍රිය උදාහරණයක් ලෙස “ඩාන්සින් විත් ද ස්ටාර්ස්” රූපවාහිනී වැඩසටහන දැක්විය හැක.

ඒකශෛලී තරගාවලි - මෙහිදී එක් ශෛලියකට පමණක් අවස්ථාව ලබාදෙන අතර ‘හයිලන්ඞ් ඩාන්ස්’ ‘ඩාන්ස් ටීම්’ හා ‘අයිරිෂ් ඩාන්ස්’ මේ තරගාවලි සඳහා උදාහරණ වේ.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Dance#Dance_competitions

"https://si.wikipedia.org/w/index.php?title=නර්තන_තරගාවලි&oldid=471778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි