නර්තනය හා ලාලනත්වය

බොහෝ කාලයක් මුළුල්ලේ නර්තනය යන්න තම සහකරුවන් සොයා ගැනීමේ මාර්ගයක් ව පැවතිණ . ඉසඩෝරා ඩන්කන් නර්තනය යනු පරම විමුක්තිගත සිරුරේ උපරිම බුද්ධිය යැයි කියා සිටියා ය . නූතන පරීක්ෂණ මගින් නර්තනය හරහා හුවමාරු සන්නිවේදනයේ ප‍්‍රමාණය පිළිබඳ අදහසක් ලැබී ඇත . නේචර් සඟරාවේ පලවූ නර්තනය බොහෝ තරුණ පිරිමින් ගේ සමමිතිය හෙලි කරයි ලිපියට අනුව ජැමෙයිකානු නර්තනයක් එය රඟන්නා ගේ ලිංගික තේරීම් පිළිබඳ සාධක ඉදිරිපත් කරන අතර ඔහු පිළිබඳ වැදගත් තොරතුරු සන්නිවේදනය කරයි . රට්ගර්ස් හි මහාචාර්ය ලී ක්‍රොන්ක් ට අනුව වඩාත් සමමිතික පුරුෂයන් වඩාත් හොඳ නර්තනයක් ඉදිරිපත් කරන අතර එය කාන්තාවන් ගේ විමසුමට ලක් වෙයි . සමමිතිය ස්ථාවරත්වය වර්ධනය නිරූපණය කරන බැවින් එය නීරෝගි භාවයේ ඉතා වැදගත් මිම්මක් වේ . ස්වීඩන අධ්‍යයනයකට අනුව බුද්ධි පරීක්ෂණ වලදී වැඩි ලකුනු ලබන්නෝ ද රිද්මය තබාගැනීමේ සමත්කම් දක්වති . මෙය වාදනය වන සංගීතයකට කරන නර්තනය එම ශිල්පියාගේ බුද්ධිය විදහා පෑමක් බව පෙන්නුම් කරයි .


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Dance_and_health#Dance_and_courtship

"https://si.wikipedia.org/w/index.php?title=නර්තනය_හා_ලාලනත්වය&oldid=470224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි