නයිට්‍රේට පරීක්ෂාව

නයිට්‍රේට පරීක්‍ෂාවක් යනු ද්‍රාවණයක නයිට්‍රේට අයන වල ඇති නැතියාව සොයන රසායනික පිරික්සුමකි. සියලු නයිට්‍රේටයන් ම පාහේ ජලද්‍රාව්‍ය නිසා, තෙත් රසායනය හරහා නයිට්‍රේට ඇත් දැයි පිරික්සීම සාමාන්‍යයෙන් අනෙක් අයන සඳහා පිරික්සුමට වඩා අසීරු වෙයි. මීට හාත්පසින් වෙනස් ලෙස බොහෝ සුලබ අයන අද්‍රාව්‍ය ලවණ දෙයි.  උදා.- හේලයිඩ රිදී සමඟ අවක්ෂේප වන අතර, සල්ෆේට බේරියම් සමඟ අවක්‍ෂේප සාදයි.

නයිට්‍රේට අයනය ඔක්සිකාරකයක් වන අතර, නයිට්‍රේට අයනය සඳහා පිරික්සුම් බොහොමයක් මෙම ලක්‍ෂණය පාදක කර ගනියි. නමුදු විශ්ලේෂ්‍යයේ තවත් ඔක්සිකාරක තිබුණු විට ඒවා මඟින් බාධා පැමිණ ප්‍රතිඵල දොස් සහිත විය හැක.

HNO3 මෙන්ම නයිට්‍රේට් මුක්ත ඛණ්ඩය ද තහවුරු කෙරුම් පිරික්සුමක් ලෙස දුඹුරු වලයේ පරීක්‍ෂාව දැක්විය හැක.

දුඹුරු වලයේ පරීක්‍ෂාව සංස්කරණය

 
දුඹුරු වලයේ පරීක්‍ෂාව මඟින් නයිට්‍රේට පිරික්සුම

සුලබ නයිට්‍රේට පිරික්සුමක් වන දුඹුරු වලය පරීක්‍ෂාව[1] සිදු කරනුයේ නයිට්‍රේටයක ද්‍රාවණයකට iron(II) sulfate යොදා, ඉන්පසු අම්ලය විසින් ජලීය ද්‍රාවණය යටින් ස්තරයක් සාදන සේ සාන්‍ද්‍ර සල්ෆ්‍යුරික් අම්ලය ඉතා සෙමෙන් එක් කිරීමෙනි. සෑදෙන ස්තර දෙක අතරමැද දුඹුරු පැහැ වළල්ලක් දිස් වීමෙන් නයිට්‍රේට අයනය තහවුරු වේ.[2] නයිට්‍රයිට අයනයන් තිබීම මඟින් මෙම පිරික්සුමට අකුල් හෙලෙන බව සැළකිය යුුතු ය.[3]

සමස්ත ප්‍රතික්‍රියාව වන්නේ නයිට්‍රේට අයනය ඔක්සිහරණය කිරීමට iron(II), iron(III) වෙත ඔක්සිකරණය වීමත් නයිට්‍රික් ඔක්සයිඩ්, NO[4] බවට ඔක්සිහරණයෙන් නයිට්‍රොසෝනියම් සංකීර්‍ණයක් තැනීමත් ය.

2HNO3+ 3H2SO4 + 6FeSO4 --->> 3Fe2(SO4)3 + 2NO + 4H2O
[Fe(H2O)6]SO4 + NO = [Fe(H2O)5(NO)]SO4+ H2O

මයික්‍රොග්‍රෑම 2.5ක් හා කොටස් 25,000 න් 1ක සාන්‍ද්‍රණයක් වන තුරු මෙම පිරික්සුම සංවේදී වෙයි.[5]

ඩෙවාර්ඩා ගේ පරීක්‍ෂණය සංස්කරණය

ඩෙවාර්ඩා මිශ්‍රලෝහය (තඹ/ඇලුමිනියම්/සින්ක්) යනු ඔක්සිහාරකයකි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක නයිට්‍රේට හා ප්‍රතික්‍රියා කළ විට, ඇමෝනියා නිදහස් වේ. සෑදෙන ඇමෝනියා එහි වෙසෙසි දුගඳ හා තෙත් රතු ලිට්මස් නිල් කිරීම මඟින් හඳුනාගත හැක. තෙත් රසායනයෙන් පරිණාමනය වන වායූන් අතර ක්‍ෂාරමය වන වායූන් අතලොස්ස තුළ ඇමෝනියා දැක්විය හැක.

3 NO3- + 8 Al + 5 OH- + 18 H2O → 3 NH3 + 8 [Al(OH)4]-

ඉහත ප්‍රතික්‍රියාවේ ඔක්සිහාරකය ඇලුමිනියම් වෙයි.

ඩයිෆෙනිල්ඇමීන් පරීක්‍ෂාව සංස්කරණය

ඩයිෆෙනිල්ඇමීන් ද නයිට්‍රේට පිරික්සුමට තෙත් රසායනික පරීක්ෂණයක් ලෙස යොදා ගත හැක. මෙම පිරික්සුමේ දී, සල්ෆ්‍යුරික් අම්ලයේ යෙදූ ඩයිෆෙනිල්ඇමීන් හා ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් යොදා ගනී. නයිට්‍රේට ඇති විට ඩයිෆෙනිල්ඇමීන් ඔක්සිකරණය වී, නිල් වර්‍ණ ගැන්වීමක් ලබා දෙයි. මෙම ප්‍රතික්‍රියාව කාබනික නයිට්‍රේට පිරික්සුමේ දී ද පිළිසරන අතර,[6] වෙඩිතැබුම් අවසෙස් කට්ටලවල නයිට්‍රොග්ලිසරීන් හා නයිට්‍රොසෙලියුලෝස් හඳුනාගැනීම සඳහා භාවිතා කෙරේ.[7]

තඹ සුරුණ්ඩු පරීක්‍ෂාව සංස්කරණය

සාන්‍ද්‍ර සල්ෆ්‍යුරික් අම්ලය සමඟ තඹ සුරුණ්ඩු රත් කෙරුම මඟින් නයිට්‍රේට අයන පහසුවෙන් ම හඳුනාගත හැක. නිල් ලිට්මස් රතු කරනා දුඹුරු, කටුක බුබුළු නැග්මක් නිරික්සීමට හැකි වේ.

මෙහි දී සල්ෆ්‍යූරික් අම්ලය නයිට්‍රේට අයන සමඟ ප්‍රතික්‍රියා කර නයිට්‍රික් අම්ලය සෑදෙයි. ඉන්පසු නයිට්‍රික් අම්ලය තඹ සුරුණ්ඩු සමඟ ප්‍රතික්‍රියා කර නයිට්‍රික් ඔක්සයිඩ් සෑදෙයි. අවසන නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය කෙරේ. (අවැසි නම්)

Cu + 4 HNO3Cu(NO3)2 + 2 NO2 +2H2O

මේවාත් බලන්න සංස්කරණය

යොමු සංස්කරණය

  1. Egon Wiberg, Arnold Frederick Holleman (2001) Inorganic Chemistry, Elsevier ISBN 0-12-352651-5
  2. Mascetta, Joseph A. Barron's How to Prepare for the SAT II: Chemistry, 7th edition. Barron's Educational Series, Inc., 2002. p208.
  3. Holltzclaw, H; Robinson, W. College Chemistry with qualitative analysis, 8th edition, D. C. Heath and Company:Lexington, MA, 1988, p. 1007.
  4. Alicja Wanat, Thorsten Schneppensieper, Grażyna Stochel, Rudi van Eldik, Eckhard Bill, and Karl Wieghardt (2002). "Kinetics, Mechanism, and Spectroscopy of the Reversible Binding of Nitric Oxide to Aquated Iron(II). An Undergraduate Text Book Reaction Revisited". Inorganic Chemistry. 41 (1): 4–10. doi:10.1021/ic010628q.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)CS1 maint: Multiple names: authors list (link) Formerly it was thought that the complex contains Fe(I) and NO+.
  5. https://chemistry.stackexchange.com/questions/67354/how-to-test-for-lead-and-nitrates-in-water; Nilay Ghosh
  6. http://nvlpubs.nist.gov/nistpubs/jres/049/jresv49n3p163_A1b.pdf
  7. Pamela K. Walker and Philip J. Rodacy (2002). "Field Test Kit for Gunshot Residue Detection" (PDF). Sandia National Laboratories. {{cite journal}}: Cite journal requires |journal= (help)
"https://si.wikipedia.org/w/index.php?title=නයිට්‍රේට_පරීක්ෂාව&oldid=525007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි