නමස්කාරය නමස්කාරයේදී අපි ප්‍රධාන කාරනා 4 ක් ගැන බලන්න යනවා ඒවාට අපි ACTS කියලා කියමු.

  • A - Adoration - ප්‍රණාමය, ඇදහීම, භක්තිය, අගයකිරිම, ප්‍රශංසාකිරීම, ගෞරවකිරීම
  • C - Confession - පාපොච්චාරණය, වරද පිළිගැනීම
  • T - Thanksgiving - ස්තුති දීම (ලැබුණදේටත් නොලැබුණදේටත්)
  • S - Supplication - ආයාචනය, කණ්ණලව්ව, ඉල්ලීම්, යාච්ඤාව


ඇයි අපි නමස්කාර කලයුත්තේ ?

ගීතාවලිය 95 : 6 - නමස්කාර කරමින් වැඳ වැටෙමු, අපේ මැවුම්කාර ස්වාමීන් ඉදිරියේ දණ ගසමු. මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. මක්නිසාද උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ නිසා. ඔබ මැවුම්කාරයාට නමස්කාර නොකළහොත් ඒ සඳහා ඔබ මැවිල්ලේ දෙයක් නමස්කාරය සඳහා යොදාගනී. මක්නිසාද නමස්කාරය අපගේ ජිවිතයේ ප්‍රධාන කොටස නිසා.


ප්‍රශංසාව යනු කුමක්ද?

දේව වචනයට අනුව අපි දෙවියන්වහසේට ප්‍රශංසා කලයුතුයි. අපි ස්තුති කිරීම සහ ප්‍රශංසාව යන දෙකේ වෙනස තේරුම් ගතයුතුයි. ස්තුති දීම යනු උන්වහන්සේ අපට දුන්නාවූ ත්‍යාග වලට කළගුණ සැලකීමයි. නමුත් ප්‍රශංසාව කියන්නේ උන්වහන්සේට දෙන්නාවූ ගෞරවයයි. අපි ඒක කරන්නේ උන්වහන්සේ දෙන නිසාම නෙමෙයි. උන්වහසේ තමයි එකම සුදුස්සා ඒ ගෞරවය ලබන්න.

ප්‍රශංසාවෙන් ලැබෙන ප්‍රතිලාබ

ඇදහිලිවන්තයන්ට මෙයින් ලැබෙන ප්‍රතිලාබ මහත්

  1. දෙවියන්වන්සේ මනුෂයාගේ ප්‍රශංසා මධ්‍යයේ වැඩ වසනසේක. ගීතාවලිය 22:3 කියනවා - ප්‍රශංසා මද්දයෙහි වාසය කරන්නාවූ ඔබ ශුද්ධ සේක.
  2. අපි අරමුණක් පරමාර්ථයක් ඇතුවයි උන්වහන්සේට නමස්කාර කරන්නේ, අපි නමස්කාර කරනවිට උන්වහන්සේ සමග අපි සම්බන්ධ වෙනවා.

ගීතාවලිය 135 : 15-18 ජාතීන්ගේ රුප රන් රිදීය, මනුෂ්යනයන්ගේ අත්වැඩය. ඒවාට කටවල් ඇත, එහෙත් කතා නොකරති, ඇස් ඇත එහෙත් නොදකිති, කන් ඇත, එහෙත් නොඅසති, ඒවායේ කට වල හුස්ම නැත. ඒවා සාදන්නොත්, එසේය, ඒවා කෙරෙහි විශ්වාස කරන සියල්ලොත් ඒවාට සමාන වන්නෝය.


දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන ප්‍රධාන ආකාර තුන

1. උන්වහන්සේගේ නාමය නිසා අපි ප්‍රශංසාකරනවා

ගීතාවලිය 135 : 1-3 ස්වාමීන්ට ප්‍රශංසාකරව්, ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි, ස්වාමීන්ගේ ගෘහයෙහි, අපේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරව්. ස්වාමීන්ට ප්‍රශංසා කරව්, මන්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ නාමය පියකරු නිසා ගී කියමින් එය වර්ණනා කරව්.

උන්වහන්සේගේ නාමය උන්වහසේගේ චරිත ලක්ෂණ පෙන්නුම් කරනවා. අපි ඒ නාමයන් ඔසවා ප්‍රකාශකරන විට, අපිට පෙනෙනවා මතක්වෙනවා කොහොමද උන්වහන්සේ ඒ තුලින්, අපේ ප්‍රශ්ණ තේරුම ගන්නේ ජයගන්නේ කියලා.

බයිබලයේ උන්වහන්සේ හඳුන්වන ප්‍රධාන නම් 8 ක් තියනවා

  • උප්පත්ති 22 :14 - ජහිරේ = ස්වාමීන්වහන්සේ සපයාදෙනසේක, නොහොත් දක්නාසේක
  • නික්මයාම 17 : 15 - නිස්සි = ස්වාමීන්වහන්සේ මාගේ ධජයය
  • යෙරමියා 23 : 6 - සිද්කෙනු = ධර්මිෂ්ඨකම
  • ලෙවි 20 : 8 - මකදෙෂ් = පවිත්‍රකරනවා
  • නික්මයාම 15 : 26 - රාෆා = සුවකරනවා
  • ගීතාවලිය 23 : 1 රෝහි = එඬේරා
  • විනිශ්යයකරයා 6 : 24 - ශාලොම් = සමාදානයේ
  • යෙරමියා 23 :23 - ශම්මා = අප සමග සිටිනවා


2. උන්වහන්සේගේ චරිතලක්ෂණ සහ තත්වය නිසා අපි ප්‍රශංසාකරනවා

ගීතාවලිය 145 : 3 ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝසෙයින් ප්‍රශංසා ලැබිය යුතුය. උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.

බයිබලයේ උන්වහන්සේගේ චරිතලක්ෂණ 100 කට වඩා තියනවා, අපි එයින් කිහිපයක් බලමු.

  • පෞද්ගලික ආත්මය - ගීතාවලිය 25 : 14 ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය. උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වන සේක. ඒ නිසා මට සැමදෙයක්ම උන්වහන්සේ සමග බෙදාගන්න පුළුවන්
  • සියළු බලය - යෙරමියා 32 : 17 ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූ සේක, ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය. ඒනිසා උන්වහන්සේට මගේ හැමදෙයකටම උපකාර කරන්න පුළුවන්
  • සර්වවාසි - ගීතාවලිය 139 : 7 - 10 ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද? මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයොලෙහි මාගේ යහන පිළියෙල කෙරෙම් නුමුත් ඔබ එහිය. මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඈත දුරු කෙළවරක විසුවත්, එහිදීත් ඔබගේ හස්තය මට මග පෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය. මම කොහේ හිටියත් උන්වහන්සේ මා සමගයි
  • සර්වඥ සියල්ලදන්නා - රෝම 11 : 33 අහෝ දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම් ගැනීමත් කොපමණ අමාරුද. ඒ නිසා මගේ සියලු ප්‍රශ්ණ කරදර උන්වහන්සේට බාරදෙන්න පුළුවන්.
  • ස්වාධීන - 1 ලේකම් 29 : 11-12 ස්වාමීන්වහන්ස, මහන්තත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය, රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටින සේක. වස්තුවද ගෞරවයද සියල්ල පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩු කරන සේක, බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය, සියල්ලන් උසස් කරන්ටත් ශක්තිමත් කරන්ටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය. ඒ නිසා මම සතුටින් උන්වහන්සේගේ කැමැත්තට යටත්වෙනවා
  • ශුද්ධයි - නික්මයාම 15 : 11 ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද? ඔබ ස්වකීය දකුණත දිඟුකළසේක, පොළොව ඔවුන් ගිලගත්තාය. ඔබවහන්සේ මුදාගත් සෙනඟ ස්වකීය කරුණාවෙන් යුක්තව ගෙනගියසේක. ඔබගේ ශුද්ධ වාසස්ථානයට ස්වකීය ශක්තියෙන් ඔවුන්ට මග පෙන්වූසේක. ඒ නිසා මම කැමැත්තෙන්ම උන්වහන්සේට යටත්වෙනවා ගෞරවකරනවා නමස්කාරකරනවා ප්‍රශංසාකරනවා සේවයකරනවා
  • සම්පුර්ණ සත්‍ය - යොහාන් 18 : 37 මම රජෙක් යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපිද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසය. සත්‍යයෙන් වූ සියල්ලෝ මාගේ හඬ අසතියි කීසේක. එනිසා මම උන්වහන්සේ කියනදේ විශ්වාසකරනවා ඒ වගේම ඒ තුල ජිවත්වෙනවා.
  • ධර්මිෂ්ඨ යහපත් - ගීතාවලිය 145 : 17 ස්වාමීන්වහන්සේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය. ඒ නිසා මම උන්වහන්සේගේ අභිමුඛයේ ජීවත්වෙනවා
  • සාධාරණ - යෙරමියා 17 : 10 ස්වාමීන්වහන්සේ වන මම එකිනෙකාට තමතමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විනාශ කොට අදහස් සෝදිසි කරමි. එනිසා උන්වහන්සේ සියල්ලේදී මට සාධාරණව සපයනවා
  • ප්‍රේමවන්ත - එපිස 3 : 17 - 18 ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුල වාසය කරණ පිණිසත් නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට, දෙවියන්වහන්සේගේ මුළු පූර්ණ කමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන, ඒ නිසා උන්වහන්සේගේ කොන්දේසි විරහිත ප්‍රේමය තුල මා හැසිරෙනවා
  • අනුකම්පාසහගත - යාකොබ් 5 : 11 ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය. ඒනිසා උන්වහන්සේ පසුතැවිල්ලේදී මගේ පාපයට සමාව දෙනසේක
  • විශ්වාසවන්තයි - ගීතාවලිය 89 : 8 ඔබ හා සමාන බල සම්පන්න කෙනෙක් කවරේද? ඔබගේ විශ්වාසකම ඔබ හාත්පසය. ඒනිසා උන්වහන්සේ පොරොන්දු රකිනබව මට විශ්වාසකරන්න පුළුවන්.
  • නොවෙනස්වන - යාකොබ් 1 : 17 සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ජායාවක් වත් නැත්තාවූ ආලෝක වල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය. එනිසා මගේ අනාගතය ආරක්ෂිතයි ඒවගේම සදාකාලිකයි.


3 අපි උන්වහන්සේගේ වැඩ සහ ක්‍රියාවන්ට ප්‍රශංසාකරනවා

ගීතාවලිය 111 : 2 - 4 ස්වාමීන්ගේ ක්‍රියා මහත්ය, ඒවාට ප්‍රියවන සියල්ලෝ ඒවා සොයා මෙනෙහි කරති. උන්වහන්සේගේ ක්‍රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදා කල් පවත්නේය. උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්‍රියා සිහිවෙන්ට සැලැස්වූ සේක. ස්වාමීන්වහන්සේ දයාවන්තය අනුකම්පාවෙන් පූර්ණය.

අපි අතිශයින් සතුටු වෙනවා උන්වහන්සේ කලාවූ මහත් ආශ්චර්යන් නිසා

  • මැවිල්ල - උප්පත්ති 1 සහ හෙබ්‍රෙව් 11 : 3 - දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේවලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම් ගනිමුව.
  • ශරීරයකින් ලොව පහළවීම - යොහාන් 1 : 1 සහ 14 -පටන් ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක. තවද වාක්‍යාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසය කළසේක. පියාණන්වහන්සේ වෙතින්වූ ඒක ජාතක පුත‍්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.
  • හාස්කම් - ක්‍රියා 2 : 22 - දෙවියන්වහන්සේ විසින් නාසරිය යේසුස්වහන්සේ ලවා කරන ලද බලවත් ක්‍රියා වලින්ද ලකුණුවලින්ද දෙවියන්වහන්සේ විසින් ඒත්තු ගනු ලැබූ මනුෂ්‍යයෙක්වූ එම යේසුස්වහන්සේ.
  • එළිදරව්ව - යොහාන් 16 : 13 - සැබැකමේ ආත්මයාණන්වහන්සේ ආකල, උන්වහන්සේ මුළු සත්‍යකරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතානොකර, උන්වහන්සේ අසනදේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරන සේක.
  • ජයග්‍රහණය - නික්මයාම 14 : 13-14 - මෝසෙස්ද: භයනොවෙල්ලා, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලාපල්ලා. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත කවදාවත් නොදක්නහුය. ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.


පාපොච්චාරණය

ඔබගේ පාපය කියා නොදුන්න හොත් කුමක් සිදුවේද ?

ගීතාවලිය 66 : 18 - අයුතුකම් කිරිමේ අභිප‍්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසන සේක. අපගේ ජිවිතයේ පව්සමාව නොලද පාප තිබේ නම් උන්වහන්සේ අපගේ යාච්ඤාව අසන්නේ නැත.

ඔබගේ සියළුපාප උන්වහසේගේ පාමුල තබා සමාව අයදින අතර, පාපයට සමව දුන් නිසා උන්වහන්සේට ස්තුති කරන්න. මෙහිදී ඔබගේ වචනය, හැසිරීම, ක්‍රියාව, සිතුවිල්ල තුල ඔබ විසින් දැනගෙන හා නොදැනුවත්ව කලාවූ සියළු පාප සඳහන් වේ.

1 යොහාන් 1 : 9 - අපේ පාපවල් කියා දෙමු නම්, අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨ කමින් අප පවිතර ත කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. එසේ නම් අපි අපේ පාපය කියා සිටිනවිට එතුමා අපේ සියළු පාපවලට සමාවදී සියළු අධර්මිෂ්ඨකමින් අපව පවිත්‍ර කරනවා.

හෙබ්‍රෙව් 10 : 1- 25 - මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේ වල ජායාවක් මිස නියම රූපයම නොවන බැවින් ඔවුන් අවුරුදු පතා නිතර ඔප්පු කරන ඒ පූජා වලින්, ලඟා වෙන්නන් සම්පුර්ණ කරන්ට කිසි කලක නුපුළුවන. පුළුවන්නම්, නමස්කාර කරන්නන් වරක් පවිත්‍ර කරන ලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පුකිරීම නවතින්නේ නැද්ද? නුමුත් ඒ යාගවලින් අවුරුදු පතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය. මක්නිසාද ගොනුන්ගේත් එළුවන්ගේත් ලෙයින් පව් පහ කරන්ට නුපුළුවන. එහෙයින් උන්වහන්සේ ලෝකයට එන කල කතා කර: ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම් කරදුන්සේක, මුළු දවන පූජා වලටත් පාප පූජා වලටත් ඔබ ප්‍රසන්න නුවූසේක. එවිට මම කථා කොට: දෙවියන්වහන්ස, මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක. ව්‍යවස්ථාවේ හැටියට ඔප්පු කරන පූජා වලටත් පඬුරු වලටත් මුළු දවන පූජා වලටත් පාප පූජා වලටත් ඔබ කැමති වන්නේවත් සතුටු වන්නේවත් නැතැයි ඉහත කී පසු: මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමියි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ දෙවෙනි එක පිහිටුවන පිණිස පළමු වෙනි එක අහක් කරනසේක. ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජා කිරීම කරණකොට ගෙන අපි පිරිසිදු කරනු ලැබ සිටිමුව. තවද සියලු පූජකයෝ සිටගෙන, දවස් පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහ කරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පු කරති. නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පු කොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳ ගත් සේක. එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලා සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පිරිසිදු කරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළසේක. ශුද්ධාත්මයාණන්වහන්සෙත් අපට සාක්ෂි දෙමින්: ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමග කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියන සේකැයි කී පසු උන්වහන්සේ කථා කොට: ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨ කම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක. ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පු කිරීමක් තවත් නැත. එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නැමති තිරය මැදින් අප උදෙසා කැප කළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, උන්වහන්සේගේ ලේ කරණකොට ගෙන ශුද්ධස්ථානයට ඇතුල් වීමට අපට නිදහස් කම තිබෙන බැවින්ද, දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද, නපුරු හෘදය සාක්ෂියකින් පිරිසිදු වීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැක කමින් ලඟා වෙමුව. අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු, මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසව සිටින සේක. තවද ප්‍රේමයටද යහපත් ක්‍රියා වලටද පොලඹ වන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර ඒ දවස ළං වන බව නුඹලාට පෙනෙන පර සිකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු.

පාපොච්චාරණ කිරීමේදී කලයුතු දේවල් නම්

  • එකඟවන්න - දෙවියන්වහන්සේ ඔබට පෙන්වා දී ඇති පාපය ඔබද පාපය ලෙස පිළිගනිමින් එතුමාගේ අදහසට එකඟ වන්න.
  • ස්තුතිකරන්න - ක්‍රිස්තුස්වහන්සේ කුරුසිය මත මරණය විඳ ඔබගේ පාපයට වන්දිගෙවූ නිසා එම පදනම මත ඔබට ලැබුණු පව්සමාවට දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.
  • පසුතැවිලිවෙන්න - ඔබේ ක්‍රියාවේ වෙනසක් ඇතිවෙන පරිදි ඉරියව් වෙනස් කරගන්න.


ස්තුති දීම

සැම කාරනවකදිම දෙවියන්වහසේට ස්තුති කරන්න

  • ගීතාවලිය 106 : 1 - ස්වාමීන්ට ප්‍රශංසා කරව්. ස්වාමීන්ට ස්තුතිකරව්, මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
  • 1 තෙසලෝනික 5 : 18 සියල්ලේදී ස්තුති කරපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
  • රෝම 8 : 28 තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරණ බව අපි දනිමුව. දෙවියන්වහන්සේ අප උදෙසා සියල්ල යහපත්ව එකට ක්‍රියාකරන්න සලස්වන බැවින් සියළු දේ ගැනම අපට එතුමාට ස්තුති කලහැකිය.


යාච්ඤාව

ඇයි අපි යාච්ඤා කලයුත්තේ ?

යාකොබ් 4 : 2 - නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය. අපේ අවශ්‍යතාවයන් නොලැබෙන්නේ අපි දෙවියන්වහන්සේගෙන් නොඉල්ලන නිසා.

මතෙව් 7 : 7 - ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලැබේ, සොයාපල්ලා, එවිට නුඹලාට සම්භවේ, තට්ටුකරපල්ලා එවිට නුඹලාට දොර හරිනු ලැබේ. අපේ ඉල්ලීම් උන්වහන්සේට ඉදිරිපත්කළහොත් විතරයි පිළිතුරු ලැබෙන්නේ.

1 තිමෝති 2 : 1-2 - ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරණ පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරණ සියල්ලන් ඇතුළුව, සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත් කම්ද ස්තුති දීම්ද පවත්වන්ට සියල්ලන්ට පළමුවෙන් අවවාද කරමි. අපි අන්‍යයන් උදෙසා යාච්ඤා කලයුතුය.


යාච්ඤාවේ පියවර 5 කි.

ඔබේ අතේ ඇඟිලි 5 උපකාර කරගන්න.

  1. මහපට ඇඟිල්ල - යාච්ඤාවේදී එය ඔබේ හදවතට ලඟින්ම තිබේ. සභාවේ නායකයන් වැඩිමහල්ලන් පාලකයන් උදෙසා යාච්ඤාකරන්න
  2. දබර ඇඟිල්ල - දේවගෘහයේ ගුරුවරුන් සුභආරංචි ප්‍රකාශකයන් සහ වචානය ගෙනඑන දාසයන් උදෙසා යාච්ඤාකරන්න
  3. මැදඟිල්ල - රටේ පාලකවරුන් සහ පාලන තන්ත්‍රයේ සියළුම උසස් නිලධාරීන් උදෙසා යාච්ඤාකරන්න
  4. වේදඟිල්ල - සියළුම රෝගීන්, හිතවතුන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඒ වගේම ලෝකයේ ගැලවීම උදෙසා යාච්ඤාකරන්න
  5. සුලැඟිල්ල - ඔබේ සහ ඔබේ පවුලේ සියළු අවශ්‍යතාවයන් උදෙසා යාච්ඤාකරන්න

අවසානයේ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න උන්වහන්සේ අපගේ සියළු යාච්ඤා ඇසුව නිසා.

ක්‍රියා 2 : 4 - ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කතා කරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍යභාෂා වලින් කතාකරන්ට පටන් ගත්තෝය.

"https://si.wikipedia.org/w/index.php?title=නමස්කාරය&oldid=486203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි