නත්තල් උත්සව දිනයේ දී පවුලේ සාමාජිකයින් අතර සහ යහළුවන් අතර තෑගි හුවමාරු කර ගැනීමේ කටයුතු සිදු වේ. මෙම නත්තල් සිරිත බටහිර සංස්කෘතියෙන් පැවත එන අතර එය නත්තල් සීයා (නත්තලේ පියා, සාන්ත නිකලස්, සින්ටක්ලාස්, ක්‍රිස් ක්‍රින්ගල්, පියේර් නොයෙල්, බැබෝ නටාලේ, සාන්ත බැසිල්, ෆාදර් ෆ්‍රො‍ස්ට් යන විවිධ නම් වලින් හැදින්වෙන) නමැති චරිතයට ආරෝපිත කර ඇත. නත්තල් සීයාගේ ප්‍රතිමූර්තිය නිර්මාණය කර ඇත්තේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් (1840-1902) විසිනි. ඔහු 1863 පටන් සෑම වසරකදී ම නත්තල් සීයාගේ නව ප්‍රතිරූපයක් නිර්මාණය කර ඇති අතර, 1880 දශකයේ දී අප අද හඳුනන ප්‍රතිරූපය නිම කර ඇත. මෙම රූපය 1920 දී ප්‍රචාරකයින් විසින් ප්‍රමාණ කර තිබේ. නත්තල් සීයා‍ට පෙර පැවති චරිතය, එනම් නත්තලේ පියා, 15 වන සියවසේදී වාර්තා වී ඇති නමුත්, එම චරිතය සිනහ උපදවන සහ බීමත්කම සමඟ සම්බන්ධ වී ඇත. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින‍ගේ කාල වකවානුවේ දී එම චරිතය වර්තමාන නත්තල් සීයාගේ චරිතයට පරිවර්තනය කර ඇත. ප්‍රංශ ජාතික පියේර් නොයෙල් ගේ චරිතය ද මෙලෙස පරිණාමනය වී ඇත. ඉතාලියේ දී බැබෝ නටාලේ නම් තැනැත්තා නත්තල් සීයා ලෙස පෙනී සිට ඇති අතර, ලා බෙෆානා නම් කාන්තාව (ඉතාලි ජනප්‍රවාදයේ පැවත එන චරිත‍යකි) ආවීර්භාවයේ සන්ධ්‍යා කාලයේ දී තෑගි ගෙන තිබේ. ඇය ජේසු බිළිඳා වෙත තෑගී ගෙනෙන අතරේ දී අතරමං වූ බව කියැවේ. දැන් ඇය සෑම දරුවෙකුට ම තෑගි ගෙන එන බවට විශ්වාස කෙරේ. විවිධ සංස්කෘතීන් වල නත්තල් සීයාගේ සහායකයන් ලෙස මිට්ටන් හඳුන්වා ඇති අතර ඔවුන් විසින් තෑගි සාදනු ලබන බව පැවසේ.

ඇතැම් ලතින් ඇමරිකානු රටවල් වල පවතින සංස්කෘතියට අනුව, නත්තල් සීයා තෑගී සාදා ජේසු බිළිඳා හට බාර දෙන අතර, ජේසු බිළිඳා එම තෑගී දරුවන් අතර බෙදා හරින බව කියැවේ. මෙම කතාව සම්ප්‍රදායානුකූල ආගමික විශ්වාස සහ වර්තමාන ගෝලීයකරණයේ සංසන්දනයක් ලෙස සැලකේ.

නත්තල් සීයා ලෙස බොහෝ දෙනා හදුන්වන්නේ 14 වන සියවසේ ටර්කි හි ජීවත් වූ නිකලස් නම් පුද්ගලයෙක්වේ.( පසුකාලයේදී මොහු ශුද්ධවරයට ඔසවන ලදි. ඉන්පසු මොහුව හදුන්වන ලද්දේ සාන්ත නිකලස් නමිනි). මොහු නත්තල් කාලයේදී තමාගේ පෞද්ගලික මුදල් වියදම් කර තෑගි බෝග ගෙන අසරණ දුගී දුප්පත් පවුල් වල සිටින් ලමයින්ට බෙදා හරියි. ඔහු මෙය සිදුකලේ රහසිගතවය. එනම් රාත්‍රී කාලයේදී එම නිවෙස්වල දුම් කවුළුවලින් රහසින්ම නිවස වෙත ගොස් තෑගි බෝග තබා යාමයි. නත්තල් සීයා යන සංකල්පයේ මූලාරම්භය මෙයයි සාතන් සමග අහඹු සිදුවීම සහ බෙෆානා යූල්ගේ බෆොනෙටෝ ශාන්ත සංක්‍රාන්ති ලිංගික ශාන්ත නිකලස් සැන්ටා ක්ලවුස් සමඟ එක්වීමයි පේතෘස්ගේ ලිපියේ සහ ජේසුස් ක්‍රිස්තුස්ගේ විරෝධි ක්‍රිස්තුස් ගේ ජෝන්ගේ එළිදරව්ව සමාප්ත විද්‍යාත්මක විරුද්ධවාදියාගේ සාතන් විරුද්ධවාදියා යේසුස් වහන්සේ.

"https://si.wikipedia.org/w/index.php?title=නත්තල්_සීයා&oldid=611621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි